වේයන්ගොඩ නගරයේ අද (24) අලුයම පැවති පෙරහරක ගිනි බෝලකරුවන් හා නැටුම් ශිල්පීන් අතර ඇති වු ගැටුමකින් දෙපාර්ශවයේ ම සිව් දෙනකු තුවාල බලා ඇතැයි පොලිසිය කියයි.
බෙර වාදකයින් බෙර නොගැසීම ගැටුමට මුල බව කියති. වැස්ස නිසා ඔවුන් බෙර ආවරණය කැරගෙන සිටි බවද කියති.
වේයන්ගොඩ නගරයේ අද (24) අලුයම පැවති පෙරහරක ගිනි බෝලකරුවන් හා නැටුම් ශිල්පීන් අතර ඇති වු ගැටුමකින් දෙපාර්ශවයේ ම සිව් දෙනකු තුවාල බලා ඇතැයි පොලිසිය කියයි.
බෙර වාදකයින් බෙර නොගැසීම ගැටුමට මුල බව කියති. වැස්ස නිසා ඔවුන් බෙර ආවරණය කැරගෙන සිටි බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ පෙරහැරක කාවඩි නටන්න පුරුදු වෙන්න රෑට කට ගොන්නක් බිල පාන්දර 3 ට යකා නටල අහල පහල ජනයා නිදාගන්න බැරුව පොලිසියට පැමිණිලි කරලා. පොලිසිය අවහම පොලිසියට ගහලා. පස්සේ පොලිය ගැහුවහම පාරවල් වහගෙන දගලනවා පොලිසිය ගැහුවා කියලා. පෙරහැරේ හරියට යන්න බැරිනම් නොගිහින් හිටියනම් ඉවරයි. අනිත් මිනුසුන්ට වත් නිදහසේ ඉන්න. කසිප්පු ගැවිච්ච නැති පෙරහරක් ලංකාවේ හොයා ගන්න බැහැ දැන් කාලේ.(නදී)
මේකට ආදර්ශයක් දෙන්න නම් රටේ ඉහලම තැන්වල ඉඳලම පටන් ගන්න වෙනවා (අ)
පිට රටවල කවුරු හරි මේක බලාගෙන හිටියා නම් කියයි ගහගත්තා එකකත් පෙරහැරේ කොටසක් කියල සතුටුවෙලා යි (අ)
මේ වගේ දේවල් වලින් පෙන්න තියෙන්නේ රටේ හැමගේම හැසිරීමේ වෙනසක්, ආකල්පමය වෙනසක් කලයුතු බවයි. (ස)
දළදා පෙරහැර සමන් දේවාල පෙරහැර අවුරුදු සිය ගණනක් තිස්සේ අතිශය ගෞරවනීය විදිහට කරගෙන යනවා. නමුත් එක එක දේශපාලුවන්ගෙය් තව ලොකු ලොකු මිනිස්සුන්ගෙයි ජනප්‍රිය බව පතුරවන්න රට පුරාම කිසිම සූදානමක් හෝ පළපුරුද්දක් නෙතුව පෙරහැර කරනවා. මස් මාළු කන්නේ නෙතුව හොඳට පෙවිලා තමයි නිලමෙලා පෙරහරේ යන්න ඕනා. ඒ උනාට දැන් මේ රට හෙම තැනම කරන පෙරහැරවල් වල නිලමේට යන්නේ පළාතේ ඉන්න ලොකු ලොකු අපරාද කරන කට පුරාම අරක්කු බීල පාරවල් ගානේ මිනී මරණ උන්. ඉවක් බවක් නැතුව මෙහෙම ආගමික උත්සව කරන එක වහාම නවත්තන්න ඕනි. නැත්තම් අපේ සංස්කෘතිය විනාසවෙලා යනවා. මම හිතනවා රටපුර තමන්ගේ නම ජනප්‍රිය කරගන්න හරි වෙන උවමනාවකට හරි හිතු මතේට මේ වගේ පෙරහැර සංවිදානය කරන අය මාලිගාවෙන් හරි සමන් දේවාලයෙන් හරි ආදර්ශයක් උපදේසයක් ගත්තොත් හොඳයි කියලා.(නදී)
දැන් ටිකෙන් ටික අබායේ යක්කු මිහිපිටට එනවා. (ස)
කළු පැල්ලමක් (අ)
මෙවැනි සිද්දීන් වලින් අපගේ සංස්කෘතිය හැදියාව අද කොතනද තියෙන්නේ කියල හොදටම පැහැදිලිවෙනවා! පෙර කාලයේ මිනිසුන් මෙවැනි දේ වලට සහබාගී උනේ බොහොම බැතිබරව සද්ද්‍රවෙන්! අද කාලයේ පෙරහරේ නටන්න එන්නේ මුදලට! සහ අරක්කුවලට!අරක්කු ටිකක් නොබී නටන නැට්ටුවෙක්, බෙරගහන බෙර කාරයෙක්,..අද පෙරහැරක ඉන්නේ බොහොම කලාතුරකින්! මේ ගැටුම් වලට මූලික හේතුව මෙම කරුණුයි! ගමක පන්සලක කටින පින්කමක් ගත්තත් එහෙමමි! හිමිදිරිපන්දර සාදු නාදය වෙනුවට ඇහෙන්නේ අරක්කු සහ වෙනත් මත්ද්‍රවය පාවිච්චිකරපු තරුණයන්ගේ බජව් දාන ස්බ්දඊ!මේ සම්බන්දව අදාල පන්සල් වල හාමුදුරුවෝ පවා නිහඩව සිටීම පුදුමයක්! මට හිතෙන්නේ අ හිමිනමවල්වත් පෙරහරේ මූලික පරමාර්ථ දන්නේ නෙතිව වගෙඉ! කොහොම නමුත් මෙවැනි වෙඩ කරන අයට පෙරහරෙන්ම හොද කසයක් අරන් මතක හිටින්න තලනවානම්! අන්න නියම දඩුවම! (අ)
පෙරදිග ( අ) මුතු අටේනේ දැන් අහන්න ලැබෙන්නේ අමුතුම දේවල්. (අ)
නටපු නෑටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියල අලුත් පිරුළක් එලි දක්වමු (අ)
ගහපු බෙරයක්තු නැහැ බෙරේ පලුවකුත් නැහැ.(නදී)
නැටුම් වැඩි වෙලා වෙන්න ඇති. ඔහොම නටමු අපි. (නි)
හොද ගිණි කෙලියක් තියෙන්න ඇති (නි)
දැන් ආගමික උත්සවයක්වත් හරියට කරන්න බැහැ වගේ (නි)
පෙරහැර බලන්න ආපු අයට මාර සතුටක් ලැබෙන්න ඇති. ආයේ ජීවිතයට බලන්න පුළුවන් දෙයක්ද ? (නි)
අයියෝ ...අයියෝ ...! මොනවා කරන්නද මෙහෙම මිනිසුන්ට අනුකම්පා කරනවා මිසක්? මේ මිනිසු දන්නෙ නැහැ අද වගේ දිනයක අපි මොකද්ද කරන්නේ මොකටද කරන්නේ කියලා. (නි)
ගුටිබැටත් පෙරහැරවල් වල රංගනයක් කලොත් නරකද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? මම දැකලා තියෙනවා බොහොම වෙලාවට මේ වගේ අය බීමත්ව තමයි ඕවට සහභාගී වෙන්නේ. මෙතනත් ඒ වගේ මට පේන්නේ. එහෙම වුනාම කළයුත්ත, නොකළයුත්ත තෝර ගන්න බැරි වෙනවා. (නි)
මේ රටේ බෞද්ධයෝ නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. (නි)
අයියෝ! ගමටත් එක්ක ලැජ්ජාව. (නි)
මම කිව්වේ දැන් ලංකාවේ "සිංහල බුද්ධාගම" විහිළුවක් වෙලා කියලා. අර රොබර්ට් නොක්ස් කිව්ව් කතාව හරියට හරි. නොක්ස් කියනවා සිංහල මිනිස්සුන්ගේ තියෙන්නේ පුහු මානේ, තාන්න මාන්න වලට තියෙන කෑදරකම , බොරු සෝබනේට හරි කැමතියි කියලා. ඔය පෙරහැරවල් ඇවිල්ලා දැන් කරන්නේ තනිකර ෂෝ එකට. ඒකයි මේ වගේ දේවල් වෙන්නේ. (නි)