(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිසියට ඔත්තු දුන්නැයි සැකකර වීදාගම වැවේ ගිල්වමින් පොල් කඩන්නෙ කුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිව් දෙනාගේ කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම ප්‍රහාරය මෙහෙවූ බව කියන ප්‍රධාන සැකකාරිය වන මත් පැන් ජාවාරම්කාරිය සුපුරුදු ලෙස වීදාගම වැව් ඉස්මත්තේ නීති විරෝධී මත්පැන් විකුණමින් තවමත් නිදැල්ලේ හැසිරෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එම ජාවාරම් කාරියගේ සැමියා හා සහෝදරයා බවත් පොලිසිය සඳහන් කරයි
මෙලෙස පහර කා ඇත්තේ වයස අවුරුදු 41 ක පොල් කැඩීමේ හා කුලී රැකියාවේ නිරත කැලුම් බන්ඩාර නැමැති පුද්ගලයකි
පහර කෑ පුද්ගලයා ඉකුත් (24) සදුදා දින කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීමෙන් සුපුරුදු ලෙස වීදාගම වැව ඉස්මත්තේ ගල අසළ රැඳී සිටි බව එම පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එදින බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් නීති විරෝධී මත්පැන් වැටලීම ක ට එම ස්ථානයට පැමිණ ඇති අතර පහර කෑ පුද්ගලයා ගෙන් එම ප්‍රසිද්ධියේ මත්පැන් විකුණන මත්පැන් ජාවාරම් කාරිය මත්පැන් සඟවා තිබෙන ස්ථානය සම්බන්ධයෙන් විමසීමක් සිදු කර ඇත.
ඔහු එය නොදන්නා බවට පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිස එම ස්ථානය පරීක්ෂාකර මත්පැන් පොලිස් භාරයට ගෙන ඒ ආසන්නයේ රැඳී සිටි ජාවාරම් කාරිය යටතේ සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිනි.
මද වේලාවකදී පහර කෑ පුද්ගලයා එම ස්ථානයෙන් පිට වී නිවෙස කරා යමින් සිටියදී බණ්ඩාරගම වීදාගම ලෝක පිල විද්‍යාලය අසළදී මත්පැන් ජාවාරම් කාරිය සිය සැමියා සහෝදරයා හා තවත් පුද්ගලයකු සමඟ එම පුද්ගලයා අල්ලාගෙන සිව් දෙනාම විශාල පිරිසක් බලා සිටියදී අමානුෂික ලෙස එම පුද්ගලයා බිම වැටෙන තුරු පහර දී ඇත.
අනතුරුව වීදාගම වැව වෙත ඇදගෙන ගොස් වැවේ ගිල්වමින් ගිනි සිරිය පොල්ලකින් පහර දී තිබූ බව පහර කෑ පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එම පහර දීමෙන් එම පුද්ගලයාගේ නහයෙන් ලේ වැගිරෙන්නට වීමෙන් අනතුරුව මත්පැන් ජාවාරම් කාරිය ඔහුට තර්ජනය කරමින් ඒවා වැවේ ජලයෙන් සෝදා ගන්නා ලෙසත් ගමෙන් පිටවී යන ලෙසත් තර්ජනය කල බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ
ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොල් කඩන්නාට වැවේ ගිල්වා පහර දුන් 2ක් අත්අඩංගුවට
Bunny Preena Monday, 31 July 2023 09:26 AM
මොවුන් දෙදෙනාට කසිප්පු වල ගිල්ලවලා පහර දෙන්ට තියෙන්නෙ.