IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොල් ගස් මරුවා අහුවේ

ශ්‍රී ලංකාවේ   පොල් වගාව  විනාශ   කිරිමට    බලපා   දරුණුතම   තර්ජනය   වන්නේ    ඉතා    වේගවත් ලෙස    පැතිර   යන   ‘ශාඛ ප්ලස්මා’   නැමැති   ජිවියා   බවට    ප්‍රථම වතාට විද්‍යාත්මකව   තහවුරු  කරගැනීමට    කොළඹ  විශ්ව විද්‍යාලය  සමත්වු  බව    එහි   සත්ත්ව  විද්‍යා  අංශයේ    මහාචාර්ය   ප්‍රිති  උඩගම   මහත්මිය   පැවසුවාය.

මෙම  ‘ශාඛ ප්ලාස්මාවට’   සියයට    අනුනවයක්ම  සමාන   ජිවියකු දේශිය   පුවක් වගාවද  අනතුරට  පත්   කිරිමේ   අවධානමක්   සිදු කරගෙන   යන  බව   අනාවරණය   කරගත්   බවත්   මහාචාර්ය   ප්‍රිති   උඩගම   සදහන් කළාය.

අණුක  විද්‍යාවේ    සහ   පරිලෝකන   ඉලෙක්ට්‍රෝන   අන්වික්ෂයෙන්  ( ස්කෑනින්    ඉලෙක්ට්‍රොන්  මයික්‍රස්කොප් ) සිදුකළ  සංකිර්ණ   පරික්ෂණයකින් පසු    මෙය   සොයා    ගත්තේ    පේරාදෙණිය   විශ්ව   විද්‍යාලයේ  උද්හිද   විද්‍යා   විශේෂ   උපාධිධාරිනියක්  සේම කොළඹ  විශ්ව  විද්‍යාලයේ   දර්ශනවේදි  උපාධියක්   හදාරන   චාමිණි  කනටිවල ද  සිල්වා   මහත්මියයි.

දේශිය   පොල් වගාව   විනාශමුඛයට   පත්වීගෙන   යන  බැවින්   ඊට   හේතුව   සොයාගෙන   රෝග   නිර්ණක කට්ටලයක්   නිර්මාණය   කර  දෙන   ලෙසට   පොල්   පර්යේෂණ   ආයතනය  මහාචාර්යවරිය  ඇතුළු   කිහිප දෙනෙකුගෙන්   කළ   ඉල්ලිමක ප්‍රතිළුලය   ලෙස   සිදු  කළ   පරික්ෂණයක්   ලෙස මෙය හැදින්වෙයි.

 

මෙම ‘ශාඛ ප්ලාස්මා’   ජිවියා   ශ්‍රී ලංකාවට  ආවේණික   බවය. හරි හැටි   හේතුවක්   සොයා ගතගෙන   නොහැකිවිමෙන්    පොල්   වගාව   උරදුන්   අර්බුදය   හේතුවෙන් පාඩුවේ   පොල් ගස්    දෙලක්ෂ   හැත්තෑ දහසකට   අධික   ප්‍රමාණයක්    මේවන විට    විනාශ   කර   තිබෙන    බවත්   අනාවරණය   වෙයි.

නිශ්චිත   හේතුව  විද්‍යාත්මකව    නිසැකවම   තහවුරු   කර     ගැනිමට    සමත්   වු   නිසා පොල්  ත්‍රිකෝණය  ඇතුළුව  සමස්ත  පොල්වගාවට   බේරාගැනිමට   හැකි  වෙතැයි  මහාචාර්යවරිය කියයි.

මෙම  සාර්ථක  සොයා   ගැනිම  වෙනුවෙන්   එංගලන්තයේ    නොටිංගැම්  විශ්ව  විද්‍යාලය චාමිණි ද සිල්වා   මහත්මියට   ශිෂ්‍යත්වයක්   මත    විශේෂ   විද්‍යාත්මක  ක්‍රමවේද   පිළිබදව  අධ්‍යයනයක් ද ලබා  දෙන  ලදි.

මහාචාර්ය   ප්‍රිති  උඩගම  මහත්මියගේ   උපදෙස්   සහ  අධික්ෂණය යටතේ   නොටිංහැම්   විශ්ව  විද්‍යාලයේ   මහාචාර්ය   මැතිව්   ඩිකින්සර්   මහතාගේ   මග  පෙන්වීම   යටතේ   ආචාර්ය  රෝහණ   විජේසේකර    මහතාගේ    සහයෙන්   චාමිණි   කනටිවල   ද   සිල්වා   මහත්මිය  මෙම විද්‍යාත්මක තහවුරු  කිරිම සිදු කළාය.

2.-phytoplasma-1 1.-infected-coconut-leaves 5.-Prof-Matthew-Dickinson 6.-Mrs-Chamini-Kanatiwela-de-Silva

4.-Prof-Preethi-Udagama



අදහස් (0)

පොල් ගස් මරුවා අහුවේ

ගාමිණී Thursday, 19 March 2015 06:54 AM

විශිෂ්ට සොයාගැනීමක් (නි)

:       0       0

චාමිනි ද සිල්වා Saturday, 21 March 2015 09:21 AM

ඔබගේ සියලුම අදහස්වලට සහ දිරිගැන්වීම් වලට ස්තුතියි. සෙව්වන්දි මෝදරගේ, ඔබගේ අදහස අගයමි. ශාක රෝග කාරකයකු නිගමනය කළ යුතු නිවැරදිම ආකාරය Kosch’s Postulate වේ. එහෙත් මෙය ශාඛ ප්ලස්මාවන් (phytoplasma) සඳහා භාවිතා කීරීමට අපහසුය. ඒනිසා සුදුසුම වන්නේ Scanning Electron Microscopy මගින් ජීවියා හදුනා ගැනීමයි. මෙමගින් මුල්ම වතාවට ජීවියා හදුනා ගැනීමට අපට හැකිවිය. එමෙන්ම ආසාදිත පුවක් වලද මෙම ජීවියා හදුනා ගැනීමට හැකිවිය. තවදුරටත් මෙම රෝග කාරකයන් එම ඛාණ්ඩයට පමණක් ආවේණික විශේෂිත ජානයක් වර්දනය කිරීම මගින් සනාථ කරඇත. මෙය ඔබ සඳහන් කළ පරීක්ෂණයේ භාවිතා කළ ඒක සෛලික ජීවීන්ගේ එකිනෙකට ඉතා සමාන පොදු ජාන වර්ධනය කිරීමට වඩා විශේෂිතවේ.

:       0       0

සෙව්වන්දි මෝදරගේ Friday, 20 March 2015 04:47 AM

මීට කලින් (2012 දී) එල් පෙරේරා ඇතුළු පිරිසක් ප්ලැනට් පැතලොජි ජර්නල් එකේ ලියල තිබුන මේ රෝගය ගැන. එහෙනම් මේ ලස්සන නෝනලා එ්ක දැන් හොයා ගත්ත කියන්නේ මොනවද? මේ නෝනලා ඒ ජර්නල් එක බලල නැද්ද? නැත්තම් කියවන්න Journal of Plant Pathology (2012) Vol . 94 (1). (බ)

:       0       0

දුමින්ද Thursday, 19 March 2015 07:59 AM

ඉක්මනින් මෙයට විසඳුම් දිය යුතුයි මෙය ජාතික ප්‍රශ්නයක් (දිල්)

:       0       0

අතුල Thursday, 19 March 2015 08:06 AM

මෙයට ප්‍රතිකාරයකුත් ප්‍රසිද්ධ කලොත් හොඳ නේද? (ම)

:       0       0

විජයබාහු Thursday, 19 March 2015 08:51 AM

ඉතා අනර්ගයි. ඔය ගමන්ම බෙහෙතත් සොයා ගන්න . නැතිනම් ඉන්දියාවටයි ඒ වාසියත් යන්නේ.(හේ)

:       0       0

නීල් මාගෙදරගමගේ Thursday, 19 March 2015 09:20 AM

අනර්ග ක්‍රියාදාමයක්. තවතවත් දිරි ලැබේවා! සොයා ගැනීම් වලට අපේ ආචාරය මේ ලස්සන නෝනලා දෙන්නට! (බ)

:       0       0

සුදේශ් Thursday, 19 March 2015 06:17 AM

ඔබතුමයට සුබපැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 926 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 434 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 948 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3465 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 613 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site