හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාස කරන ගිහි සහ පැවිදි සිසුන්ගෙන් නම් කළ පස් දෙනකුට අද (26) අධිකරණයේ පෙනී සිටින්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් වයි.ආර්.බී. නෙලූම්දෙනිය මහතා ඊයේ (25) නොතීසි නිකුත් කළේය.
විශ්වවිද්‍යාලය ඉදිරිපිට පෙරේදා (24) සිට සිසුන් සත්‍යග‍්‍රහ කිරීම නිසා මහජන සාමයට බාධා වන බවට හෝමාගම පොලිසිය මහේස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 18 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් එම සිසුනට සය මාසික විභාගයට පෙනී සිටින ලෙසත් ඉල්ලමින් ඔවුහු සත්‍යග‍්‍රහය ඇරැඹූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ පන්ති තහනම් වැරදියි කියලද? වෙන වචන වලින් කියනවා නම් ඕනෑම වැරදි වැඩකට ඉඩ දෙන්න ඕනෑ කියන එකයි. හැබැයි, ඇහුවොත් නම් කියයි අපි මේ නිදහස් අධ්‍යාපනේ බේරගන්නයි සටන් කරන්නේ කියලා. (නි)
සත්‍යයග්‍රහ පෝලිමට යන්න කියන්න.ගම විතරක් නෙමෙයි, ලංකාවම වළඳනවා. (නි)
පින්වත් ස්වාමින්වහසේලා තථාගතයන් වහන්සේට අපහාස කරන්න එපා. ශාසනයට ඇතුළු වන්නේ තමනුත් සසරින් මිදිලා තවත් පිරිසකට මාර්ගය අවබෝධය පිණිසයි. ඔබ තමුන්නාන්සෙලා කරන වැඩවලින් , ශාසනය අතුරුදන් වෙනවා වැඩිකල් යන්න මත්තෙන් (නි)
ඔය කට්ටියගෙන් බණ අහලා දිව්‍යය ලෝකයේ යන්න පුළුවන් වෙයිද? (නි)
අපේ රටේ තියෙන අසීමිත නිදහස නිසා හැමදාම හැම තැනම උද්ඝෝෂණ, පෙළපාලි. සමහරු ඒවාට සහභාගී වුණාට අරමුණ මොකක්ද කියලා දන්නෙත් නැහැ. රටේ විවිධ අංශ වල පිරිහීමට මෙවන් පිරිස් කෙලින්ම වග කිවයුතු නමුත්, සුරංගනා ලෝකවල ජීවත් වන බහුතරයක් මෙවැනි බහුබූත ක්‍රියා වලට එරෙහි නොවීම හේතුවෙන් අපට දුටු දුටු තැන පෙළපාලි සහ උද්ඝෝෂණ වලින් සශ්‍රීක රටක ජීවත් වෙන්න වෙලා තියෙනවා. (නි)
වීරවංශ විතරක් එක නීතියක් ?(අ)
පාලි බෞද්ධ ආයතනය බිහිකළේ ඉතා වැදගත් පරමාර්ථ හා අරමුණු ඇතිව.හිමිවරුන් විදෙස රටවලට දායාද කිරීමත් අරමුණක්. පසුකාලය වනවිට මේ උතුම් ආයතනය වෙනත් සරසවි මට්ටමටම වැටුණා. ඒවායේ දුක්හිත ප්‍රතිපල තමාමේ. (දී)
හාමුදුරුවන්ට වෙනම ධර්ම ආයතන ඕනේ බව තමයි මේකෙන් කියන්නේ, (අ) .
සුද්දට විරුද්ධව කැරලි ගහපු කාලේ හාමුදුරුවරු මේ කමෙන්ට්ස් වල කියන විදිහට සීලෙ විතරක් රැකගෙන හිටියේ නැහැ.අරගල කලා.අන්තිමේ දී සුද්දන්ගේ වෙඩි පහරින් අපවත් වුණා.මේ සිසු හාමුදුරුවරුන්ට හා ගිහි සිසුන්ට සත්‍යග්‍රහ කරන්න සාධාරණ හේතුවක් ඇති.අපි දන්නෙ එතන උපකුලපති හාමුදුරුවෝ දෙසා වදාරන දේ විතරනේ. (ස)
පංති තහනම වැරදි නිසා නේන්නම් සිසුන් උපවාස කරන්නෙ. (ස)
පන්සලේ ලොකු හාමුදුරුවන්ට විරුද්ධවද මේ උපහාසය කරන්නේ. හෙට අනිද්දා ගෙවල් වල කොල්ලෝ කෙල්ලෝ මේ ආදර්ශය ඔලුවට ගත්තම හැම තැනම උපවාස. මේ අය හදන්නේ ආගම වළදන්නද? (නි)