IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාලකයන්ගේ වරදින් උඳුගොඩ ගොවි පොළේ කිරි හිඳෙයි

(චමින්ද වැවතැන්න)

කෑගල්ල උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වර්තමානයේ විවිධ හේතුන් මත සම්පූර්ණයෙන්ම වැසී යන දිනය වැඩී ඈතක නොවන බව පෙනෙන්නට ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.

කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ කිලෝ මීටර් 16 ක් පමණ ගමන් කළ පසුව උදුගොඩ කිරිපට්ටිය හන්දියෙන් වමට හැරී නිකපිටිය මාර්ගයේ මීටර් 100 ක් පමණ ගමන් කරද්දී උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය හමුවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් 1948 දී දුප්පත් ජනයා දියර කිරෙන් ස්වංපෝෂිත කිරීමේ අරමුණෙන් ආරම්භ කර සුවිශාල මෙහෙවරක් එකල ඉටු කර ඇතැයි තතු දත්තේ පවසති.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 102 න් සමන්විත මෙම උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන මෙරට විදේශීකයන් පාලනය කරන අවධියේ දී විදේශීය කාන්තාවකට අයත්ව රබර් වගා කර තිබුණු භූමි භාගයක් බව පැරණි ගම්වැසියෙක් පැවැසීය.

1948 දී නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා මෙම ඉඩම රජයට පවරාගෙන ගැනීමෙන් පසුව විදේශීය කාන්තාව සිය රට බලා ආපසු ගොස් තිබුණාය. ඩී.එස්. සේනානායක රජයේ එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ද මැදිහත්වීම මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුයුක්තව ශ්‍රී ලංකාවේ ප්‍රථම කිරි ගව අභිජනන මධ්‍යස්ථානයක් ලෙස කිරි ගවයන් 400ක් පමණ ගොවිපොළ ආරම්භ තිබුණි.

විදේශ රටවලින් ගෙන්වන ලද කිරි ගවයන් මෙහි ඇති දැඩි කර ඔවුන්ගෙන් ගන්නා ලද නැවුම් කිරි කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන පිහිටුවා එම මධ්‍යස්ථානවලට දියර කිරි පාපැදි වලින් ප්‍රවාහනය කර දියර කිරි භාවිතය වඩාත් ඵලදායි ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දුප්පත් පවුල්වලට නොමිලේ නැවුම් කිරි බෙදා දීමටත් සමාන්‍ය පවුල්වලට මුදලත් ඉතිරි වන කිරි පොල්ගහවෙල කිරි මණ්ඩලයට ලබා දීමටත් රජය කටයුතු කෙරිණ. එසේම සත්ව පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොවිපොළ පුහුණුව ලබා ගැනීමට කැමැති දිවයිනේ සියලු‍ම පළාත්වල පදිංචි ජනයාට නේවාසිකව පුහුණුව ලබා දීමට ද පියවර ගත්තේය.

ඊට අමතරව කුකුළන් තාරාවන් වටු කුරුල්ලන් එළුවන් ඌරන් කළුකුන් මිරිදිය මත්ස්‍ය බැටළුවන් ද ඇති කරමින් මෙම සත්ව ගොවිපොළ තව තවත් ඵලදායි ලෙස සංවර්ධනය කෙරිණ.

1988 දී පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසුව මධ්‍යම රජයේ පැවැති මෙම උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය, මධ්‍යම ආණ්ඩුවෙන් සබරගමුව පළාත් සභාවට පැවැරුණි. පසුව පළාත් සභාවේ සත්ත්ව හා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා මෙම ගොවිපොළ තවදුරටත් සංවර්ධනය කළේය.

මෙම උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සිසුන් විවිධ ආයතනවල ජනයා පැමිණ ඔවුන්ට අවශ්‍ය කරන්නා වු දැනුම අවබෝධය වර්ධනය කර ගත් දිවයිනේ අංග සම්පූර්ණ එකම සත්ව අභිජනන ගොවිපොළ වසර 20 ක වැනි දීර්ඝ කාලයක සිට දිනෙන් දින අභාවයට පත් වෙන්නට පටන් ගෙන ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

එදා කිරි ගවයන් 400  කිරි ගවයන් 100 දක්වා පහත වැටී ඇති අවස්ථාවක සේවක සේවිකාවන් කිසිම අඩුවක් දක්නට නොමැති බවත් හෙළිවී තිබේ.

එදා ගවයන් 300 - 400 ට වල් කපා ගැනීමට භූමියේ වල් තිබුණ ද වර්තමානයේ ගවයින් 100 කටවත් වල් නොමැතිව පිටස්තර ගම්මානවලින් කපා රැගෙන එන තත්ත්වයකට පත්ව ඇති අතර එදා කිරි ලීටර් දිනකට 250 ක් 300 ක් ගත්ත ද වර්තමානයේ කිරි ලීටර් 100 ක්වත් ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි එහි කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

කිසිම ක්‍රමවේදයකට නොමැතිව මුළු ඉඩම පුරා ඉදිකර ඇති කුඩා කුඩා ගොඩනැගිලි බොහොමයක් පාවිච්චියෙන් අතහැර දමා ඇති අතර තවත් බොහොමයක් ආගාදයට වැටී ඇති අයුරු ද දක්නට ලැබුණි.

උදුගොඩ ගම්වාසියකු වන ටී.පී. ජයසේන මහතා (අවු 71)

ඒ කාලේ අද වගේ පිටි කිරි තිබුණේ නෑ. අදත් නෑ තමයි ඒත් එදා ගත්ත නැවුම් කිරි ප්‍රදේශයේ මධ්‍යස්ථාන මේ පැත්තෙන් බුලත්කොහුපිටිය දේදුගලට යනකම් අනිත් පැත්තෙන් මොරොන්තොට කෑගල්ල යනකම් පිහිටුවලා බයිසිකල් වලින් අරන් ගිහින් ඒ මධ්‍යස්ථානවලට දීලා දුපත් ජනතාවට අවුරුදු 10 , 15 යනකම් නොමිලේ කිරි දීලා තියෙනවා.

මම 1972 දී කම්කරුවෙක් විදිහට වැඩට ආවා. මගේ රාජකාරිය කිරි ගන්න එක. ඒ කාලේ කිරි හරක් ගාල් 13 ක් තිබුණා. එදා පංශූ වෛද්‍යවරුන් හිටියේ නෑ. ඒත් පාලනය ඉතා හොඳයි. ඒ මහත්වරුන්ට හොඳ දැනුමක් තිබුණා. ඉන්දියාවේන් නවසීලන්තයෙන් තමයි හරක් ගෙනාවේ. උදේට හවසට කිරි ගන්නවා. එක සැරයකට කිරි ලීටර් 400 ක් විතර ගන්නවා.

1988 පස්සේ එක එක්කෙනාට ඕනෑ විදිහට වත්ත පුරාම ගොඩනැගිලි හැදුවා. මේ ටික නඩත්තු කරන්න අවුරුද්දකට කෝටි ගාණක් යනවා. හැම තැනම හරක් ගාල් කිසිම ක්‍රමවේදයකට නැතිව හදලා තියෙනවා. භූමිය විනාශ කරලා දාලා තියෙනවා. සතුන් හදන්න ඉස්සරවෙලා කෑම ටික හදා ගන්න ඕනෑ. එදා හිටිය හරක් 300, 400 ක්ම මේ අක්කර 102 ඉඩමේ වල් වවලා කපාගෙන කරත්ත වලින් අරන් එනවා. අද ඉන්න හරක් සිය දෙනාටත් වල් ටිකත් නෑ පිටින් උදේ ඉදලා රෑ වෙනකම් වල් කපාගෙන ගෙනත් දෙනවා.

අද ඉන්න සේවක පිරිස නිකම් ඉන්නේ එදා හවස 4 වෙනකම් වැඩ කරන්න ඕනෑ. අපේ තාත්තා මේ ගොවිපොළේ කිරි ගත්ත ආරම්භ සේවකයෙක්. තාත්තාගෙන් පස්සේ මම බැඳුණා. පස්සේ මල්ලී බැඳුණා. අපේ මුළු පවුලම ජීවත් වුණේ මේ ගොවිපොළින්. ඩී.එස්. සේනානායක මහත්තයාට පිං සිද්ධ වෙන්න අද බත් කටක් කනවා. 

කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රසාද් ප්‍රියංකර බණ්ඩාර මහතා

මම දන්න තරමින් මේ ගොවිබිමට අක්කර 102 ක් පමණ තියෙනවා. ඒ බිම් ප්‍රමාණයෙන් සියයට 60 තමයි වර්තමානයේ පාවිච්චි කරන්නේ. අපි කුඩා කාලයේ මෙතන ගවයන් 300 - 400 ක් හිටියා. සේවකයන් 50 - 60 ක් හිටියා. වර්තමානයේ ගවයන් 100 යි සේවකයෝ 100 යි මේක තමයි පිරිහීමට මූලික හේතුව. මේ ගණන් දිහා බලපුවාම කළමනාකාරිත්වයේ දුර්වලකමක් දකිනවා.

ඒ නිෂ්පාදන කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ තියාගෙන අලෙවි කිරීමෙන් ප්‍රදේශයේ ජනයාට හොඳ එළවළු පලතුරු දෙන්න පුළුවන්. එතකොට ජනයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ද පසු වෙනවා. අනිත් පැත්තෙන් විවිධ රොගාබාධ සෑදී රෝහල් කරා යන පිරිස ද අඩු වී සෞඛ්‍යයට යන වියදමත් අඩු කර ගන්න පුළුවන්. භෞතික සම්පත් දීලා වැඩක් නෑ ඕනෑ තරම් භෞතික සම්පත් තියෙනවා. කරන්න ඕනෑ රජය සෘජුව මැදිහත් වෙලා මනා කළමනාකාරිත්වයකින් යුතුය පවත්වාගෙන යාම පමණයි. එතකොට රජයට ආදායමක් ලැබෙනවා. මේ ස්ථානය රැකෙනවා මේ වගේ මහා විනාශයක් සිදු වෙන්නේ නෑ. ඒක දේශපාලන අධිකාරියේ හා නිලධාරීන්ගේ වගකීමක්.

මීට මාස කිහිපයකට ඉහත දී ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැමිණියා. එතනදී සේවකයන්ගෙන් හා දේශපාලන අධිකාරියෙන් විමසීමක් කර සිටියා. එතැනදී ප්‍රධාන වශයෙන් එළි වුණේ ගවයන්ට කෑම නෑ කියලා. ආණ්ඩුකාරතුමා කිව්වා කොහොම හරි ගවයන්ට කෑම ටික ලබා දෙන්න ක්‍රමවේදයක් පළමුව හදන්න කියලා. ඒක මේ වෙනකොට කොච්චර දුරට ඉදිරියට ගිහිල්ලා ද කියලා මම දන්නේ නෑ. සේවකයන් සියයට පනහකින් අඩු කරලා වියදමත් අඩු කරලා රජයට වෙන පාඩුව පියවන්න කිව්වා.

 

 



අදහස් (2)

පාලකයන්ගේ වරදින් උඳුගොඩ ගොවි පොළේ කිරි හිඳෙයි

විජේරත්න Friday, 08 October 2021 03:28 PM

බලය ගන්න රැකියාවක් දෙනවා කියලා දෙන්න රැකියා නැතිවුණාම ප්‍රයෝජනයක් නැතත් පත්කරනවා .දේශපාලන හයිය නිසා වැඩක් කරන්නෙ නැහැ .මෙතැනට පමණක් නොවෙයි ,රටටම වෙලා තියෙන්නෙ ඕකම තමා .කලකට පෙර ( 2001 පමන කාලේ ) ඔතැන ප්‍රධානි පශු වෛද්‍ය වරයා හොදම බේබද්දෙක්. ඉතින් හිතාගන්න, වෙන්න ඇත්තේ මොකක්ද කියලා

:       0       7

RaveendraFriday, 08 October 2021 05:33 PM

ඇත්තෙන්ම දියවන්නාව පට්ටිය ඇතුළට ලගින්න සියලුම පක්ෂවල දේශපාලුවන් කියන තරමක් කෙප්ප කිව්වේ (අරවා දෙනවා, මේවා දෙනවා කියමින් සුරංගනා කතා කීම) රැකියාවක් නැති මෙන්ම ජිවිතේ අමාරුවෙන් ගෙනයන මිනිසුන් දෙසටයි. එවන් මිනිසුන්ගේ ජීවිත ඉහළට ගෙන රටේ ඉදිරි ගමනට ඔවුන්ගේ ශ්‍රමදායකත්වය ප්‍රයෝජනයට ගන්නවා වෙනුවට එම මිනිසුන්ව නිකමුන් කිරීමෙන් හැමදාම ඒ ඒ දේශපාලුවන්ගේ පක්ෂ පිටුපස යාමට දේශපාලුවන් මේ මොහොතේත් ක්‍රියා කරනවා නොවේද? මෙම ක්‍රියාව අප රටේ තිබෙන නිල්, කොළ, රතු ඇතුළු සියලුම පක්ෂ හොඳින් ප්‍රගුණ කිරීම ඉතාමත්ම අවාසනාවකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 35 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 122 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2506 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1762 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 130 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 311 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site