පොල්ගහවෙල පාසලක කළ සෝදිසියක දී හෙරොයින් මත් කුඩු පැකට් තුනක් සමග එම විද්‍යාලයයේ 13 වසරේ සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සිසුවාට කුඩු සැපයූ බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාසල පමණක් නොවෙයි, වයඹ නගරවල ඇති ඇතැම් ලොකු පාසල් වලත් ළමයින් සමහරක් මත්ද්‍රව්‍ය හා සුරාව පාවිචිචි කරනවා. වහාම පාලනය කර ගතයුතු තත්වයක්. ගුරු භවතුන් මෙන්ම දෙමාපියන්ද ඇහැ ගහගෙන ඉන්න තම ළමයින් ගැන.අපේ ළමයින් නම් මේවා කරන්නේ නැහැ කියලා සැහැල්ලුවෙන් ඉන්නෙ නැතුව සොයලා බලන්න.ප්‍රධාන පෙළේ පාසල් විශේෂයි. (නි)
කුඩු කිලෝ 140ක් අල්ලාගෙන ෆොටෝ සහිතවම ප්‍රචාරයක් ගෙන දුන්නු ඉන්ස්පෙක්ටර් ට වූ දේ අපි දන්නවනේ. (අ)
ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව හැම කෙනෙකුගේම සිතට නැගෙන්නේ එකම සිතිවිල්ලකි, රටේ පිනට පහල වූ නායකයාණෙනි, ඔබතුමාට සැමදා ජය සහ දීර්ඝායුෂ !(අ)
පළමුවත් රට. දෙවනුවත් රට, තෙවනුවත් රට කියපු අය නේද රට පාලනය කරන්නේ.(අ)
අද වෙනකොට පිලිපීනයේ රෙද්දක් හෝදලා වැලේ වනලා වේලා ගන්න බැහැ.විනාඩි 10 ක් යනකොට කුඩුකාරයෝ උස්සලා. ගැහැණු කෙනෙකුට පොලේ ගිහින් එලවලු මල්ලක් අරන් එන්න බැහැ.අන්න ඒ වගේ කලදසාවක් අපේ රටටත් උදා වෙනවා. ඒ දවස වැඩි අෑතක නැහැ. (නි)
තුසිත,මෝඩ කතා කියන්න එපා.කුඩු කිලෝ 8 ක් අර්තාපල් අල අස්සේ හංගාගෙන ගෙනාපු ව්‍යාපාරිකයාව නිදහස් කළා වගේම කුඩු ග්‍රෑම් 5 ක් අතැතිව අල්ලා ගත්තු පස් දරු තාත්තා කෙනෙකුට මරණ දණ්ඩනය දුන්නා කියලා අර්තර්ජාලයේ විස්තර සහිතවම සදහන් වුණා. (නි)
දරුවන් පාසල් ඇරිලා එනකම් ගේට්ටුව මුර කරන දෙමාපියන්ට කොහොමද සනීපෙ.මට මැවිලා පේනවා. (නි)
දැන්වත් මෙම කුඩු වක්කඩ හරි තැනින් වැසිය යුතුයි (නි)
ඔය ඉස්කෝලෙ ප්‍රින්සිපල් නාට්‍ය රගපානව විතරයි.වෙන වැඩක් කරන්නෙ නෑ..ටවුන් එකට ඉතාම කිට්ටුවෙන් ඔය ඉස්කෝලෙ තියෙන්නෙ.ලමයින්ට කතාකරන්නෙ කුණුහරපයෙන් තමයි. (අ)
ළමයෙන්ගේ විනය රකින්න ගුරුවරු බයයි.දේශපාලකයන් වැරදි ලෙස අර්ථකතනය කර ගුරුවරු මාරුකරනවා (නි)
මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බ වලින් දරැවන් ආරක්ෂා කර ගන්න දෙමාපියන් පාසල් වල ගේට්ටු මුර කල වගේ කාලයක් ඉදිරියේදි ඇති වෙනවා. ලියල තියා ගන්න කියල අර්තක් ගන්න ලැබුනේ නැහැ.තවමත් අපේ රටේ බත් කන හරක්ට තීරිලා නැහැ රටට අර්දරේ කරන නායකයෝ නැහැ කියල.....(අ)
පොල්ගහවෙල විතරක් නෙවෙයි තව තව ස්කෝල වලත් ඕක යනවා. (ස)
"පොල්ගහවෙල පාසලකටත් මත් කුඩු පනී".දරුවන් නැති බන්දුල පෙරේරාට නම් සතුටු ඇති. කොහොම හරි සල්ලිනෙ ඕනේ.(නදී)
දරුවන්ට කුඩු ගහන්න එපා කියලා කියන්න පාසල් වල ගුරුවරුත් බිය වෙන කාලයක් එනවා. දඩුවම භයානක කපල කොටලා පවුල් පිටින් මැරෙන්න කවුද කැමති අප්පා. (ස)
ටිකිරි බන්ඩයි ඩුබයි තිලකුයි පතන රටට අපිත් ආසයි ඒක දෙන්නත් එක්ක හදවතින්ම පතන පතුමක් නම්..ඒත් ඉතින් ඒක එහෙම නෙමෙයි කියල අපි දන්නවනේ..විවෘත ආර්ථිකයත් එක්ක මේ කුඩු රටට ගෙනාවේ කුඩු රටට හුරු කලේ ටිකිරිල ඩුබයි තිලක්ල සුදු රෙදි අන්දන්න හදන බලය ගන්න බලන් ඉන්න දේසපාලන දාරාවම තමයි..බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන ක්‍රම මිනිස්සුන්ට කියල දුන්නේ ඒ තත්වෙට මිනිස්සු පත් කෙරුවේ අද මේවට අඩන දොඩන තිලක්ල ටිකිරිලා අදහනා කට්ටියම තමයි..මේ රටේ මත්ද්‍රව්‍ය අධිකාරිය පාලනය කලේ කොටි ත්‍රස්තවාදයත් මුස්ලිම් හා දෙමල පාතාලයත් යන දෙක..කොටි නැති උනාට තාම අනිත් දෙක ඉන්නවා..මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා දෙසපාලනය අතර එදා ඉදන් තිබුණු වක්‍ර සබදතාවය නිසා තමයි තාමත් මේ උවදුර මුලින් උපුටන්න බැරි වෙලා තියෙන්නේ..මේ මුදල් මත රැදෙන දේසපාලන රටාව අනුව පක්ෂ විපක්ෂ දෙකේම මෙහෙම කාලකන්නි බිහිවීම වලක්වන්න බැහැ.මත්ද්‍රව්‍ය මර්ධනය සදහා ගන්න ක්‍රියාමාර්ග වල ගැටළු අපිටත් තියෙනවා..තෝරු මෝරු දඩයම් කලයුතු දඩයමකදී හාල් මැස්සෝ අල්ලලා වැඩක් නැහැ.යුද්දෙට තිත තිබ්බ වගේ මත් කුඩු උවසුරටත් තිත තියන්න ජනාධිපති තුමාට පුළුවනි..තරුණ දරුවන් සිටින පියෙක් වශයෙන් රටේ තරුණ පරපුර වෙනුවෙන් එම තීන්දුව ගත යුතුයි තවත් ප්‍රමාද නැතුව.. (ස)
යුද්දෙට තිත තිබ්බා වගේ මත් කුඩු උවදුරටත් තිත තියන්න ජෙනරල් සරත් ෆොන්සේකාට පුළුවනි..තරුණ දරුවන් සිටින පියෙක් වශයෙන් රටේ තරුණ පරපුර වෙනුවෙන් එම තීන්දුව ගත යුතුයි තවත් ප්‍රමාද නැතුව.. (නදී)
කම්හලේ ඉන්න බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. දැනෙන්නේ නැහැ. ඒ වගේ තමා බන්දුල පෙරේරා කියන මනුස්සයටත්. රටට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. සපත්තු ලෙව කාලා ඕනෑම අසාධාරණයක් සාධාරණය කරලා අදහස් දමනවා. මෙවැනි මිනිසුන් ඇත්තටම රටට බරක්. (ස)
අනේ කොල්ලනේ, කොලුකම කියන්නේ කුඩු ගහලා නෝන්ඩි වෙන එකමද? අලින්ට වීනා වාදනය කරන එක නවත්තලා අපි අපිම හැදෙමු. දන්නෝ දනිති, නොදන්නෝ බනිති. (ස)
හරි හරි ටිකිරි බණ්ඩාගේ අර අහවල් මහත්තයගෙ ආණ්ඩුව ආවම මේ රටේ ප්‍රශ්න ඉවර වෙලා රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා මේ රටේ මිනිස්සු ඔක්කොම ඒ මහත්තයත් එක්ක තුන් පෝයටම සිල් ගනීවි..දැන් කවදද මහත්තයෝ ඔය අහවල් මහත්තයගෙ ආණ්ඩුව එන්නේ..? අනේ ටිකිරි බන්ඩෝ..අර හෙල්මට් එක දාගෙනද ඉන්නේ..නැත්නම් වටේටම ගඳ ගහයි.. (ස)
ඔක්කොම දැන් කුඩු එක්ක සෙල්ලම් කරනවද?තවම කිසිවෙකුට මතක් හිටින දඩුවමක් දුන්නෙ නැති වරද පේනවා නේද? (ස)
දරුවක්ට මත කුඩු විකුණන එකාට නම් මරණ දඬුවම දුන්නට වරදක් නෑ. මුළු සමාජයම එකඟයි මේ අදහසට. (ස)
මුලින්ම මරණ දඬුවම දෙන්න ඕන මත් කුඩු ගෙන්වන පුද්ගලයන්ට. (ස)
අහවල් රටෙන් අපේ දරුවන්ට දෙන තෑගිනේ මේවා. සුද්ද වූ යුද්දෙට උන්ගෙ ළමයි හද හදා අපේ දරුවෝ මරණවා....(ස)
පාසල් ළමා පරපුරත් මත් කුඩු වලින් ගිලගන්න තුරු මොවුන්ට නිසි දඩුවම් නොදෙයිද.මරණ දඩුවම ක්‍රියාත්මක නොවන තාක් මේ කිසිම අපරාධයක් වලක්වා ගන්න නොහැකි වේවි. (ස)
මේ පාසැල් දරැවො අතට කුඩු පැකටි ආපු විදිය පලකලොත් අගෙයි කියල හිතනවා ( ස)
මේවා රටට ගෙනෙන ලොක්කන්ව ..උල තියල මරන්න ඕන ...? (ස)
බලධරයනි, වහාම මේ උවදුර නැති කරන්ඩ. නැත්නම් අපට ලගදීම ලොකු විනාශයක් වෙනවා. (ස)
තුසිත මහතාගේ අදහසට එකගවෙනවා. කුඩුවලට සම්බන්ධ වුන සැමට දැඩි දඩුවම් දෙන්න.(නදී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු....... (ස)
දැන් ඉතින් මේ කුඩු සැපයූ බව කියන පුද්ගලයා හිරේ දායි. එච්චරයි වෙන්නෙ. ලංකාවට කුඩු ගෙන්වන ලොක්කන්ට නඩුත් නැහැ. නඩු වැටුනත් ඒවා අහවලා විසින් ඉල්ලා අස්කර ගන්නවා. (නි)
ආශ්චර්යය ගමට වේගයෙන් එන හැඩයි (නි)
දේශපාලුවන්ගේ ආශිර්වාදය ඇතුව කන්ටේනර් ගණන් ගෙන්වන කුඩු විකුණගන්නත් එපැයි.පුරුදු කරන්න තවත් සිංහල කොල්ලන්ට කෙල්ලන්ට.තව අවුරුද්දක් දෙකක් යනකොට මුලු රටේම සිංහල කොල්ලෝ කෙල්ලෝ හොදට කුඩුවලට පුරුදුවෙලා ආශ්චර්යයට යන ගමනට උරදෙන හැටි බලාගන්න පුළුවන් වේවි. (නි)
රටක් දියුණු වෙන්න නම් කුඩු,ගංජා, කැසිනෝ,ගණිකා නිවාස, වයින් ස්ටෝර්ස් , දූෂණය වංචා තියෙන්නම ඕනේ. ඒ අතින් අපේ බොදු බල සේනාව කරන දේ හරියටම හරි.(අ)
ජෙනරාල් සරත් ෆොන්සේකලා වගේ නායකයෙක් හිටියා නම් මාසයෙන් ලංකාවේ කුඩු ගහන අය නැහැ. කුඩු ගෙන්වන අයත් නැහැ. දරුවන්ගේ අවාසනාව තමයි. (අ)
දැන් නම් ඉතින් පනට ආදරේ කරන දරුවන්ට, භාර්යාවට ආදරේ කරන කිසිකෙනෙක් ලංකාවේ කුඩු කෙරුවාවට විරුද්ධව වටලන්න යන්නේ නැහැ. (නි)
ඒ වුණාට අපේ නායකයෝ දරුවන්ට හරි ආදරෙයිනේ (නි)
අනාගත පිලිපීනයක් තමයි අපි අපේ දරුවන්ට දායාද කරන්නේ. ඉතින් සතුටු නැද්ද? (නි)