IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පොල්ගහවෙල පාසලකටත් මත් කුඩු පනී

පොල්ගහවෙල පාසලක කළ සෝදිසියක දී හෙරොයින් මත් කුඩු පැකට් තුනක් සමග එම විද්‍යාලයයේ 13 වසරේ සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

සිසුවාට කුඩු සැපයූ බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගනු ලැබ ඇත.



අදහස් (0)

පොල්ගහවෙල පාසලකටත් මත් කුඩු පනී

සිරිනිවාස Tuesday, 19 November 2013 10:51 PM

දැන්වත් මෙම කුඩු වක්කඩ හරි තැනින් වැසිය යුතුයි (නි)

:       0       0

කරු Tuesday, 19 November 2013 11:42 PM

ඔය ඉස්කෝලෙ ප්‍රින්සිපල් නාට්‍ය රගපානව විතරයි.වෙන වැඩක් කරන්නෙ නෑ..ටවුන් එකට ඉතාම කිට්ටුවෙන් ඔය ඉස්කෝලෙ තියෙන්නෙ.ලමයින්ට කතාකරන්නෙ කුණුහරපයෙන් තමයි. (අ)

:       0       0

ජගත් Tuesday, 19 November 2013 05:25 PM

දැන් ඉතින් මේ කුඩු සැපයූ බව කියන පුද්ගලයා හිරේ දායි. එච්චරයි වෙන්නෙ. ලංකාවට කුඩු ගෙන්වන ලොක්කන්ට නඩුත් නැහැ. නඩු වැටුනත් ඒවා අහවලා විසින් ඉල්ලා අස්කර ගන්නවා. (නි)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 20 November 2013 11:38 AM

යුද්දෙට තිත තිබ්බා වගේ මත් කුඩු උවදුරටත් තිත තියන්න ජෙනරල් සරත් ෆොන්සේකාට පුළුවනි..තරුණ දරුවන් සිටින පියෙක් වශයෙන් රටේ තරුණ පරපුර වෙනුවෙන් එම තීන්දුව ගත යුතුයි තවත් ප්‍රමාද නැතුව.. (නදී)

:       0       0

ටික්කා Tuesday, 19 November 2013 05:38 PM

ආශ්චර්යය ගමට වේගයෙන් එන හැඩයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 20 November 2013 11:42 AM

කම්හලේ ඉන්න බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. දැනෙන්නේ නැහැ. ඒ වගේ තමා බන්දුල පෙරේරා කියන මනුස්සයටත්. රටට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. සපත්තු ලෙව කාලා ඕනෑම අසාධාරණයක් සාධාරණය කරලා අදහස් දමනවා. මෙවැනි මිනිසුන් ඇත්තටම රටට බරක්. (ස)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 19 November 2013 07:34 PM

දේශපාලුවන්ගේ ආශිර්වාදය ඇතුව කන්ටේනර් ගණන් ගෙන්වන කුඩු විකුණගන්නත් එපැයි.පුරුදු කරන්න තවත් සිංහල කොල්ලන්ට කෙල්ලන්ට.තව අවුරුද්දක් දෙකක් යනකොට මුලු රටේම සිංහල කොල්ලෝ කෙල්ලෝ හොදට කුඩුවලට පුරුදුවෙලා ආශ්චර්යයට යන ගමනට උරදෙන හැටි බලාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

ජගත් Tuesday, 19 November 2013 02:11 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු....... (ස)

:       0       0

ජයසේකර Wednesday, 20 November 2013 07:56 AM

ළමයෙන්ගේ විනය රකින්න ගුරුවරු බයයි.දේශපාලකයන් වැරදි ලෙස අර්ථකතනය කර ගුරුවරු මාරුකරනවා (නි)

:       0       0

උෂාන් Wednesday, 20 November 2013 01:48 PM

අනේ කොල්ලනේ, කොලුකම කියන්නේ කුඩු ගහලා නෝන්ඩි වෙන එකමද? අලින්ට වීනා වාදනය කරන එක නවත්තලා අපි අපිම හැදෙමු. දන්නෝ දනිති, නොදන්නෝ බනිති. (ස)

:       0       0

සෙන්සා Wednesday, 20 November 2013 08:17 AM

මෙම පාසල පමණක් නොවෙයි, වයඹ නගරවල ඇති ඇතැම් ලොකු පාසල් වලත් ළමයින් සමහරක් මත්ද්‍රව්‍ය හා සුරාව පාවිචිචි කරනවා. වහාම පාලනය කර ගතයුතු තත්වයක්. ගුරු භවතුන් මෙන්ම දෙමාපියන්ද ඇහැ ගහගෙන ඉන්න තම ළමයින් ගැන.අපේ ළමයින් නම් මේවා කරන්නේ නැහැ කියලා සැහැල්ලුවෙන් ඉන්නෙ නැතුව සොයලා බලන්න.ප්‍රධාන පෙළේ පාසල් විශේෂයි. (නි)

:       0       0

වන්නිතිලක් Tuesday, 19 November 2013 02:34 PM

දරුවක්ට මත කුඩු විකුණන එකාට නම් මරණ දඬුවම දුන්නට වරදක් නෑ. මුළු සමාජයම එකඟයි මේ අදහසට. (ස)

:       0       0

ලතික දිල්ෂාන් Wednesday, 20 November 2013 08:50 AM

පොල්ගහවෙල විතරක් නෙවෙයි තව තව ස්කෝල වලත් ඕක යනවා. (ස)

:       0       0

ධනුකේ Tuesday, 19 November 2013 02:59 PM

මුලින්ම මරණ දඬුවම දෙන්න ඕන මත් කුඩු ගෙන්වන පුද්ගලයන්ට. (ස)

:       0       0

කපිල කෑගල්ල Tuesday, 19 November 2013 03:25 PM

අහවල් රටෙන් අපේ දරුවන්ට දෙන තෑගිනේ මේවා. සුද්ද වූ යුද්දෙට උන්ගෙ ළමයි හද හදා අපේ දරුවෝ මරණවා....(ස)

:       0       0

තුසිත Tuesday, 19 November 2013 03:26 PM

පාසල් ළමා පරපුරත් මත් කුඩු වලින් ගිලගන්න තුරු මොවුන්ට නිසි දඩුවම් නොදෙයිද.මරණ දඩුවම ක්‍රියාත්මක නොවන තාක් මේ කිසිම අපරාධයක් වලක්වා ගන්න නොහැකි වේවි. (ස)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 20 November 2013 09:09 AM

"පොල්ගහවෙල පාසලකටත් මත් කුඩු පනී".දරුවන් නැති බන්දුල පෙරේරාට නම් සතුටු ඇති. කොහොම හරි සල්ලිනෙ ඕනේ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 20 November 2013 09:12 AM

දරුවන්ට කුඩු ගහන්න එපා කියලා කියන්න පාසල් වල ගුරුවරුත් බිය වෙන කාලයක් එනවා. දඩුවම භයානක කපල කොටලා පවුල් පිටින් මැරෙන්න කවුද කැමති අප්පා. (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 19 November 2013 03:37 PM

මේ පාසැල් දරැවො අතට කුඩු පැකටි ආපු විදිය පලකලොත් අගෙයි කියල හිතනවා ( ස)

:       0       0

රෑපවතී Tuesday, 19 November 2013 03:51 PM

මේවා රටට ගෙනෙන ලොක්කන්ව ..උල තියල මරන්න ඕන ...? (ස)

:       0       0

සේනසිංහ Tuesday, 19 November 2013 03:54 PM

බලධරයනි, වහාම මේ උවදුර නැති කරන්ඩ. නැත්නම් අපට ලගදීම ලොකු විනාශයක් වෙනවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 20 November 2013 02:31 PM

හරි හරි ටිකිරි බණ්ඩාගේ අර අහවල් මහත්තයගෙ ආණ්ඩුව ආවම මේ රටේ ප්‍රශ්න ඉවර වෙලා රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා මේ රටේ මිනිස්සු ඔක්කොම ඒ මහත්තයත් එක්ක තුන් පෝයටම සිල් ගනීවි..දැන් කවදද මහත්තයෝ ඔය අහවල් මහත්තයගෙ ආණ්ඩුව එන්නේ..? අනේ ටිකිරි බන්ඩෝ..අර හෙල්මට් එක දාගෙනද ඉන්නේ..නැත්නම් වටේටම ගඳ ගහයි.. (ස)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 19 November 2013 09:28 PM

රටක් දියුණු වෙන්න නම් කුඩු,ගංජා, කැසිනෝ,ගණිකා නිවාස, වයින් ස්ටෝර්ස් , දූෂණය වංචා තියෙන්නම ඕනේ. ඒ අතින් අපේ බොදු බල සේනාව කරන දේ හරියටම හරි.(අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 November 2013 09:29 PM

ජෙනරාල් සරත් ෆොන්සේකලා වගේ නායකයෙක් හිටියා නම් මාසයෙන් ලංකාවේ කුඩු ගහන අය නැහැ. කුඩු ගෙන්වන අයත් නැහැ. දරුවන්ගේ අවාසනාව තමයි. (අ)

:       0       0

කැන්ඩි විකි Tuesday, 19 November 2013 03:58 PM

තුසිත මහතාගේ අදහසට එකගවෙනවා. කුඩුවලට සම්බන්ධ වුන සැමට දැඩි දඩුවම් දෙන්න.(නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 19 November 2013 09:32 PM

දැන් නම් ඉතින් පනට ආදරේ කරන දරුවන්ට, භාර්යාවට ආදරේ කරන කිසිකෙනෙක් ලංකාවේ කුඩු කෙරුවාවට විරුද්ධව වටලන්න යන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 19 November 2013 09:32 PM

ඒ වුණාට අපේ නායකයෝ දරුවන්ට හරි ආදරෙයිනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 November 2013 09:33 PM

අනාගත පිලිපීනයක් තමයි අපි අපේ දරුවන්ට දායාද කරන්නේ. ඉතින් සතුටු නැද්ද? (නි)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 19 November 2013 09:34 PM

මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බ වලින් දරැවන් ආරක්ෂා කර ගන්න දෙමාපියන් පාසල් වල ගේට්ටු මුර කල වගේ කාලයක් ඉදිරියේදි ඇති වෙනවා. ලියල තියා ගන්න කියල අර්තක් ගන්න ලැබුනේ නැහැ.තවමත් අපේ රටේ බත් කන හරක්ට තීරිලා නැහැ රටට අර්දරේ කරන නායකයෝ නැහැ කියල.....(අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 19 November 2013 09:35 PM

කුඩු කිලෝ 140ක් අල්ලාගෙන ෆොටෝ සහිතවම ප්‍රචාරයක් ගෙන දුන්නු ඉන්ස්පෙක්ටර් ට වූ දේ අපි දන්නවනේ. (අ)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Tuesday, 19 November 2013 09:35 PM

ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව හැම කෙනෙකුගේම සිතට නැගෙන්නේ එකම සිතිවිල්ලකි, රටේ පිනට පහල වූ නායකයාණෙනි, ඔබතුමාට සැමදා ජය සහ දීර්ඝායුෂ !(අ)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 19 November 2013 09:36 PM

පළමුවත් රට. දෙවනුවත් රට, තෙවනුවත් රට කියපු අය නේද රට පාලනය කරන්නේ.(අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 20 November 2013 10:05 AM

ටිකිරි බන්ඩයි ඩුබයි තිලකුයි පතන රටට අපිත් ආසයි ඒක දෙන්නත් එක්ක හදවතින්ම පතන පතුමක් නම්..ඒත් ඉතින් ඒක එහෙම නෙමෙයි කියල අපි දන්නවනේ..විවෘත ආර්ථිකයත් එක්ක මේ කුඩු රටට ගෙනාවේ කුඩු රටට හුරු කලේ ටිකිරිල ඩුබයි තිලක්ල සුදු රෙදි අන්දන්න හදන බලය ගන්න බලන් ඉන්න දේසපාලන දාරාවම තමයි..බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන ක්‍රම මිනිස්සුන්ට කියල දුන්නේ ඒ තත්වෙට මිනිස්සු පත් කෙරුවේ අද මේවට අඩන දොඩන තිලක්ල ටිකිරිලා අදහනා කට්ටියම තමයි..මේ රටේ මත්ද්‍රව්‍ය අධිකාරිය පාලනය කලේ කොටි ත්‍රස්තවාදයත් මුස්ලිම් හා දෙමල පාතාලයත් යන දෙක..කොටි නැති උනාට තාම අනිත් දෙක ඉන්නවා..මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා දෙසපාලනය අතර එදා ඉදන් තිබුණු වක්‍ර සබදතාවය නිසා තමයි තාමත් මේ උවදුර මුලින් උපුටන්න බැරි වෙලා තියෙන්නේ..මේ මුදල් මත රැදෙන දේසපාලන රටාව අනුව පක්ෂ විපක්ෂ දෙකේම මෙහෙම කාලකන්නි බිහිවීම වලක්වන්න බැහැ.මත්ද්‍රව්‍ය මර්ධනය සදහා ගන්න ක්‍රියාමාර්ග වල ගැටළු අපිටත් තියෙනවා..තෝරු මෝරු දඩයම් කලයුතු දඩයමකදී හාල් මැස්සෝ අල්ලලා වැඩක් නැහැ.යුද්දෙට තිත තිබ්බ වගේ මත් කුඩු උවසුරටත් තිත තියන්න ජනාධිපති තුමාට පුළුවනි..තරුණ දරුවන් සිටින පියෙක් වශයෙන් රටේ තරුණ පරපුර වෙනුවෙන් එම තීන්දුව ගත යුතුයි තවත් ප්‍රමාද නැතුව.. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 November 2013 09:39 PM

අද වෙනකොට පිලිපීනයේ රෙද්දක් හෝදලා වැලේ වනලා වේලා ගන්න බැහැ.විනාඩි 10 ක් යනකොට කුඩුකාරයෝ උස්සලා. ගැහැණු කෙනෙකුට පොලේ ගිහින් එලවලු මල්ලක් අරන් එන්න බැහැ.අන්න ඒ වගේ කලදසාවක් අපේ රටටත් උදා වෙනවා. ඒ දවස වැඩි අෑතක නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 19 November 2013 09:42 PM

තුසිත,මෝඩ කතා කියන්න එපා.කුඩු කිලෝ 8 ක් අර්තාපල් අල අස්සේ හංගාගෙන ගෙනාපු ව්‍යාපාරිකයාව නිදහස් කළා ‍වගේම කුඩු ග්‍රෑම් 5 ක් අතැතිව අල්ලා ගත්තු පස් දරු තාත්තා කෙනෙකුට මරණ දණ්ඩනය දුන්නා කියලා අර්තර්ජාලයේ විස්තර සහිතවම සදහන් වුණා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 November 2013 09:43 PM

දරුවන් පාසල් ඇරිලා එනකම් ගේට්ටුව මුර කරන දෙමාපියන්ට කොහොමද සනීපෙ.මට මැවිලා පේනවා. (නි)

:       0       0

කුමාරන Tuesday, 19 November 2013 04:59 PM

ඔක්කොම දැන් කුඩු එක්ක සෙල්ලම් කරනවද?තවම කිසිවෙකුට මතක් හිටින දඩුවමක් දුන්නෙ නැති වරද පේනවා නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1666 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1770 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1327 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1375 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1967 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 809 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14571 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site