රජයේ විදේශ ප්‍රතිපත්තිය ගැන බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා ගෙන ආ යෝජනාවක් විවාදයට ගනිමින් සිටිය දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව යෑම නිසා අද (21) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීම උණුසුම් විය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යෑමත් සමඟ එහි ගණපූර්ණය නැතිවූහෙයින් මුලසුනේ සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා සභාව කල් තැබීය.
ඒ සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු හූ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විරෝධය දැක්වූහ. සෙංකෝලය ද ඉවතට ගෙන යෑමට උත්සාහ ගත්හ.
සභාව කල්තැබීමෙන් පසු ද විපක්ෂ මන්ත්‍රීවරු එහි රැඳී සිටිමින් සභාව පවත්වාගෙන ගිය අතර සභාපති අසුන ඉදිරිපිට සිටගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සභාව මෙහෙයවීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආදර්ශයක් රටටම.(හේ)
ලජ්ජා හිතෙන්න ඇති.(හේ)
පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලං වගේ ඒවා කරලා පුරුදු වෙන්නේ මේවට වෙන්න ඕන නේ.? (නදී)
රාජකරුණා මන්ත්‍රී තුමා උගත් දක්ෂ මන්ත්‍රී තුමෙක්, සුබ අනාගතයක් වේවා. (නදී)
මේ දෙගොල්ලෝම හැසිරෙන්නේ හරියට මානසික රෝගීන් වගෙයි (නි)
ලංකාවේ හැමතැනම අවුල් තමයි දැන්. ඉදිරියේදී හොඳ සෙල්ලම් බලන්න පුළුවන්!! (නි)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉවත්වයාම නිසා සබාව උණුසුම් නෙමෙයි හීතල වෙන්න එපායැ. කොහොම වුණත් මෙහෙම කට්ටිය එකපොරේට ඉන්නවා දැක්කහම හරි ආශා හිතෙනවා, අනේ කොයිතරම් සහෝදරකමින්, ළංවෙලාද ඉන්නේ කියලා. අනේ ඉතින් අපි වෙනුවෙන්නේ! (නි)
යු.එන්.පී විදේශ ප්‍රතිපත්තියේ මහිමය නිසා තමයි කොටි වියාපාරය බලවත් උනේ. ජේ.ආර් 1977 දී ඉන්දියාවට පයින් ගස ඇමරිකාව වෙළඳ ගත්තා. කෝපවූ ඉන්දියාව තමිල් නඩුවේ කොටි පුහුණු කලා. 1983 දෙමල අහිංසකයන්ට ගහන්න දුන්නා. දෙමල ඩයස්පෝරාව හැදුවා දැන් මේ ආණ්ඩුවට බනිනවා (නදී)
ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හොරු සමග හෙළුවෙන්. අපිත් මෙතෙක් කල් හිතන් හිටියා වැරදියි? යුරෝපයේ සිටින සිංහලයින් විදියට රෙද්දක් ඇදගෙන පාරේ යන්න බැහැ දැන්. සිංහල ජාතියට අබ සරණයි (නදී)