ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. 

පෝලන්ත අග්‍රාමාත්‍යවරයකු මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර 16 කට පසුව වීම විශේෂත්වයක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ විශේෂ ඇරැයුමකට ද අනුවය. 

මීට පෙර ඉන්දීය සංචාරයට පැමිණි පෝලන්ත අග්‍රාමාත්‍යවරයා වන්නේ ද ඩොනල්ඩ් ටස්ක් ය. ඒ, ඔහු පළමු වරට පෝලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය බොහවද්දීය. 

ද්වී පාර්ශ්වීක සබඳතා වර්ධනය කර ගැනීමටත්, ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීමටත් ටස්ක් සහ මෝදි කටයුතු කළහ. ඉන්දියාව සමග වෙළෙඳ ගනුදෙනු පුළුල් කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය. 

පෝලන්තය යනු වේගවත් ආර්ථික වර්ධනයක් සහිත මධ්‍යස්ථානයක් මෙන්ම, ඉන්දීය ව්‍යාපාර සඳහා යුරෝපීය වෙළඳපොළට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුවක් බව ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ටස්ක් පැවැසීය.

මෙම සංචාරයට පෝලන්ත මුදල් අමාත්‍ය ඇන්ඩ්‍රෙජ් ඩොමන්ස්කි ද එක් වී සිටී. ඇන්ඩ්‍රෙජ් ඩොමන්ස්කි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ, පෝලන්තයේ ආරක්ෂක ක්ෂේත්‍රය සහඉන්දියාව අතර හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට ද හැකිවුණු බවය.

ඉහළ ප්‍රමිතියෙන් යුත් සාධාරණ මිල ගණන් යටතේ යුධ උපකරණ ඉන්දියාවට සැපයීමට ඉදිරියේ දී පෝලන්තයට හැකිවනු ඇතැයි ද මුදල් අමාත්‍ය ඇන්ඩ්‍රෙජ් ඩොමන්ස්කි පැවැසීය.