(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් අද (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත.
භූමි කම්පාව හට ගැනීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මීටර් 3 ක් තරම් ඉහළ සුනාමි රළ ඇති විය හැකි බවත් එම තත්ත්වය පැය කිහිපයක් පැවතිය හැකි බවත් පිලිපීන භූ කම්පන ඒජන්සිය වූ පිවොල්ක්ස් ප්‍රකාශ කළේය.
භූමිකම්පාව හටගැනීමත් සමඟ නිරිතදිග ජපාන වෙරළ තීරය ආසන්නයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව සහ මින්ඩනාඕ දූපතේ භූමි කම්පාව ඇති වූ ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ජපාන සහ පිලිපීන බලධාරීන් කටයුතු කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියද සුනාමියක් ඇති විය හැකි බවත් මීටර් 3 දක්වා උස සුනාමි රළ ඇති විය හැකි බවත් අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.
භූමි කාම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳ තවම නිසි තොරතුරක් ලැබී නොමැති බව පිලිපීන බලධාරීන් පැවැසුවේය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයන්: සුනාමි තත්වයක් එයි