දෙසතියකට පෙර බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිල නිවසින් අතුරුදන් වූ බව කියන පොලිස් කාන්තාවක, කතරගම සිල් මාතා ආරාමයකින් අද සොයා ගත් බව පොලිසිය කියයි.
දෙදරු මවක වන ඇගේ සැමියා ද කොස්තාපල්වරයෙකි.
පොලිස් කණ්ඩායම් තුනක් කතරගමට ගොස් ඇය සමග කොළඹ ආ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතය කළකිරුනම සමහරු දිවි නසා ගන්නවා. මෙයා ගිහි ජිවිතයෙන් සමු ගන්ට හිතන්න ඇති. ඕකට ඇත්තම හේතුව දන්නේ එයාගේ කොස්තාපල් සැමියා තමා. (ස)
සිල් ආරාමයකට යන්නේ සිල් ගන්නම නොවේ නේද? සිල් ගත්තා නම් මෙයා ආපසු එන්නේ කොහොමද? හිස මුඩු කර සිවුරු හැඳ සිටියා නම්? කාව හරි මුණ ගැසී ආපසු එන්න ගිය ගමනක් වෙන්න ඇති.පොලිසිය කලබල වෙලා හස්බන්ඩ්ටත් වැඩිය. දැන් නැවතත් පොලිසියේ වැඩ කරනවා ඇති. (නි)
සත්‍ය තේරුම් ගත් හැමෝම කරන්නේ ඔය දේ තමයි.(නදී)
සත්‍යා, ඔයාගේ මල්ලි ඊනියා ද? දන්නේ නැති හින්දයි අහන්නේ!! (නි)
ප්‍රියන්ත, ඊනියා දාර්ශනිකත්වයෙන් කිලෝවකට වඩා මිනිස්කම පිළිබඳ සියුම් හැඟීම් කලඳක් දහස් ගුණයක් වටිනවා. ඔබ හිතන අන්දමේ සමාජ වෙනසක් කරන්න ගිය උදාර මිනිසුන් කිහිපදෙනෙක්ම ජීවිතයෙන් සමුගන්න සළස්වපු බව දැන දැනත් පුද්ගල විමුක්තියට විරුද්ධව මොනව ද මේ කතා? (නි)
අපේ පොලිසියේ තරම පේනවද එක කාන්තාවක් එක්කගෙන එන්න කණ්ඩායම් තුනක් ගිහින් මෙය ප්‍රබාගේ නන්ගිද දන්නේ නැහැ නේද ?(නදී)
මොනවද මේ ප්‍රියන්ත කියන්නේ? එයාටත් මානසික ලෙඩක් වගේ? හිත හදාගන්න එයා ඒ වගේ තැනකට යන්න ඇති. මෙහෙම කලාම නිදහස නැති කලාම එයා දිවි නහගන්න වුනත් පුළුවන්. මේ ගැන හොයල බලලා වාර්තා කරන්න. (ස)
මිනිස් බව ලබා මිනිස් ජීවිතයක් නො ගෙවීමට බලපෑම, සමාජය මත බලෙන් පැටවූ සතුරන්ගේ උගුලකි. එයට අසුවී මිරිඟු පසුපස යාම සැබවින්ම මානසික ආබාධයකි. හිඟමනින් ජීවත්වීම උතුම් දෙයක් නොව පරාජිතකම පිළිබිඹු කිරීමකි. සමාජය වෙනස් කල යුතු තැන, සොහොන් අසලට හෝ කැලයට ගොස් නිකමෙක් වීම ද්‍රෝහියෙකුගේ ගතිය යි. (ස)
ඇයට ඇගේ ජිවිතයේ තීරණ ගැනීමේදී ,,!! සිතට වද දෙන දෙයක් (සැමියාගෙන් හෝ ) සිදුවෙන්න ඇති ., ජිවිතේ කලකිරී ජිවිතය නැතිකර ගන්නේ නැතිව මේ ගනිපු තීරණය ගොඩක් හොඳයි. ඇයට කිසිඳු කරදරයකින් තොරව මේ උතුම් ගමන යන්න දෙන්න (ඇය නීති විරෝධී වැඩක් කර නැත්නම් පමණක් ) (ස)
පොලිසියට බයේ පොලිසියෙන් බේරෙන්න ආරාමෙට ගියා වෙන්න බැරිද? (ස)
ඇයි ඒ නෝනට එයාගේ පාඩුවේ ඉන්න නොදුන්නේ ? (නි)
විමුක්තිය සොයා ඇය සියල්ල අතහැර ගියාය.බලනු මැනවි මාර සේනාව ඇයට බාධා පමුණු වන හැටි. (ස)
පොලිසියේ වෙන දේවල් දිහා බලා සසර කල කිරෙන්න ඇති (නදී)
වෙන දේවල් දෙස ඇයට බලා සිටින්නට නොහැකි ඇති (නි)
සසර කල කිරෙන්න දෙයක් පොලිසිය ඇතුලෙන්ම උණාද කියන්නත් බැහැ නේද?? (ස)
පොලිසිය ගැන කලකිරීමක් වෙන්න ඇති. (නි)
ගෞතම නමින් බුදු වුයේ ඔටුන්න හිමි කුමාරයෙක්. එතුමා දැන හිටියා ඔටුන්නට හෝ සිහසුනට වඩා පැවිදිකම හොඳයි කියා. ඒ ආදර්ශය ගන්න ඕනෑම කෙනෙකුට අයිතිය තිබෙනවා. ඇය ආරාමයක දස සිල් මාතාවක් වී නම්, (පොලිස් සේවයෙන් අවසර රැගෙන හෝ නැතුව) ඇය තවදුරටත් පොලිස් කාන්තාවක් නොවේ. මන්ද එතුමිය ඒ වනවිට ගිහි ගෙය හැර ගිය මෙහෙණින් වහන්සේ කෙනෙකු වන නිසාය. වෙනත් වචන වලින් කිවතොත් රටේ ජනාධිපතිපති පවා ඇයට වැඳ නමස්කාර කළ යුතුව ඇත. ඇයව නැවත රැගෙන යාම වැරදිය (නි)
ඔත්තු බලන්න යන්න ඇති (නි)
අබුද්දස්ස කාලේ. (නි)
කතරගම සිල් මාතා ආරාමයකින් මතු වුණේ ඇත්තටම සිල් මාතාවක් වෙලාද? සසර කලකිරිලා ගියා නම් ඒ නිදහස ඇයට තිබිය යුතුයි. (නි)
ඒ කාන්තාවට සිල් ආරමයේම ඉන්න දෙන්න තිබුනේ. සසර කලකිරිලා යන්න ඇති පොලිසියේ සිදු වන දේවල් දැකලා (නි)
නදී, ඔව් සසරම කළකිරෙන්න ඇති (නි)
සිල් ආරාම නමි කොළඔ අවටත් තියෙනවා. කතරගම විෂේශයක් ඇති.(නදී)