කොම්පඤ්ඤ වීදිය පොලිස් නිල නිවාසයක් අසළ කෙසෙල් කැනක් කැපූ පුද්ගලයකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේ ය.
එම පොලිස් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තා පොලිස් කොස්තාපල්වරියක පොලිසියට පැමිණි ලි කරමින් කියා ඇත්තේ තමා නිවස ආසන්නයේ කෙසෙල් ගසක මනාව වැඩී තිබූ කෙසෙල් කැනක් කිසිවකු විසින් කපා ගෙන ගොස් ඇති බවයි. ඒ ගැන විමර්ශනයක් කර කෙසෙල්කැන කැපාගෙන ගිය සොයා අනාවරණය කර දෙන ලෙස ද ඇය පොලිසියෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට අදහසක් දන්නා හිතුණා. අනේ ඒ වුනාට පොලිසියේ නම ලියාගන්න තේරෙන්නේ නැති නිසා ඒ අදහස අතෑරලා දැම්ම. පොඩි එකාගෙන් ඇහුව ඒ නම ලියන්නේ කොහොමද කියල. ඌ දැන් මාත් එක්ක කතා කරන්නේ නැ. (අ)
ලැජ්ජාවේ බැහැ, යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කිවුවලු (ස)
පොලිස් කෙසෙල් නිසා වෙන්ටා ඔච්චර සෑර ( ස )
කොම්පඥඥ වීදියේ කාකි නිල ඇදුම් නොමිලේ දෙනු ලැබේ අවශ්‍ය කෙනෙක් පොලිස්ථානයෙන් විමසන්න (ස)
දිනේෂ් මේක පොලිසිය දැක්කොත් නම් වැඩ වරදිනවා කොල්ලෝ .කට කට .(ස)
අධ්‍යාපනයට වෙන් කරන මුදල අඩුකරලා ඒ සල්ලි වලින් සෑම පොලිස් කොට්ටාසයකටම එක බන්ධණාගරය බැගින් හදන්න වෙනවා ලගදීම .(ස)
ලොකු හොරු එළියේ පොඩි හොරු ඇතුළේ (නි)
තුසිත, ඔබට වගේම මටත් හරිම ලැජ්ජයි මේ වගේ පුවතක් දකින්න නම්. කටක් ඇරලා කොහොම පැමිණිල්ල දැම්මද මන්ද අර පොලිස් නෝනා, පාඩුව දරාගෙන, පොලිසියේ ගෞරවය රැකගෙන ඉන්නේ නැතුව. (අ)
ඇයි කනප්පුවක් කැරකෙව්වේ නැත්තේ...? (අ)
අපරාදේ මේකට ඉඩක් වෙන් කරේ (අ)
ලොකු මහත්තයෙක් ළගදි නිවාඩු ගිහින් හිටියද? (නි)
ඔය වගේ හොරකම් වලට අනුකම්පා කරන්න එපා.මහජන මුදල් කෝටි ගණන් වංචා කරන අය හෙම අල්ලන්න එපා (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතා මේ ගැන මාධ්‍ය සාකච්ඡාවත් පවත් වයි. (නදී)
අනේ අර මාතර පැත්තේ කුඩු තොගයක් අල්ලපු පොලිස් නිලධාරියයි නොනයි මරපු එකට වඩා මුන්ගේ කෙසෙල් කැන ලොකුයි අනේ අපේ රටට ගියපු කල ? (අ)
මට නම් සැකයි අර අහවල් කුමාරයා, එයත් හරි ආසයි කෙසෙල් කන්න (නි)
සරදියෙල්ගේ පරපුරේ කෙනක් මං හිතන්නේ. (ස)
ඉදිරියේ ඒ අයගේ නිවෙස් වල ඉන්න අයත් නැති වේවි. (ස)
පොලිස් කාරයන් උස්සා පොලවේ ගහන යුගයක ඕක අරුමයක් නොවෙයි.(නදී)
බුදු අම්මෝ ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම! ලැජ්ජා නැතුව පැමිණිලිත් කරානේ? (ස)
හොරකම,හොරකමම තමයි.කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන අයත් ඔය යස අගේට නිදහස් කරන්නේ.ඔය මනුස්සයා කෙසෙල්කැන හොරකම් කරන්න ඇත්තේ අධික ජීවන බර නිසා. එහෙමත් නැත්නම් දේශපාලුවන්ගේ ආශිර්වාදය ඇතුව රටට ගෙන්වන කුඩු ගහලා පුරුදුවෙලා,කුඩුගහන්න සල්ලි අවශ්‍ය වෙලා වෙන්න ඇති. (නි)
අයියෝ සුළු දෙයක්නේ. ග්‍රේරෝ ඩෝග් අල්ලලා දෙයි හොරාව. (නි)
ලැජ්ජාවේ බැහැ, යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කිවුවලු. (නි)
පොලිසියේම කෙනෙක් වෙන්න බැරිද? (නි)
නියම වැඩකාරයෙක් තමයි (නි)
ආයේ කතා මොකටද? ඔය කෙසෙල්කැන ඔය සංකීර්ණය ඇතුළෙම දැන් ඉදිලත් ඇති (නි)
දවසේ හොදම ප්‍රවෘත්තිය (නි)
දෙවියනේ, මොහු අහුවෙන්න එපා. මේවගේ සුලු වැරැද්දක් කළ සැකකරුවන් පොලීසිය තුලදීම දඩුවම් විඳලා මැරෙන්නත් ඉඩ තිබෙනවා. ඊට වඩා හොඳයි හොරා වරද පිළිගෙන කෙසල් කැනේ වටිනාකමට සරිලන මුදලක් ගෙවලා ගියානම්. (නි)
මම පොලිසිය ඇතුලේ බිල තියෙනවා.පොලිසියේ අඹ ගස් වල ගෙඩි කාලා තියෙනවා.කුරුම්බා කඩාගෙන බීල තියෙනවා.කෝ අහු උනාද? (ස)
පිටිගල මිලානෝ නිවාඩුවට ලංකාවට ඇවිත් ද? (නි)
පොලිසියේ කෙසේල් කැනත් කැපුවනම් ආයේ මොන කතාද?(දිල්)
කලබල නොවී පොඩ්ඩක් හොඳට හොයල බලන්න, සමහරවිට පොලිසියේ නිලධාරීන් එකතුවෙලා කෙසෙල් කැන කපලා ඉදෙන්න දාන්න ඇති.(ස).
පොලිසියට පැමිණිලි කරන්න ගිය වෙලාවේ,එතන හිටපු පොලිසියෙ කෙනා මොකද දන්නෙ නැහැ කිවුවේ? (නි)
ඒ පැත්තේ ඉන්නේ කුඩු වලට ඇබ්බැහි වුණු අය,කුඩු බොන්න මුදල් නැතිව එක කරන්න ඇති.එහමත් නැත්නම් නිල නිවාස වල ඉන්න කෙනෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන් .නිල නිවාස ටික එවෙලේම පරික්ෂා කරා නම් ඔය කෙහෙල් කැන එවෙලේම සොයාගන්න පුළුවන්.(දිල්)
මීට වඩා සොරකම් මේ රටේ කොතරම් සිදුවෙනවාද? (නි)
කවුරු වුණත් එල කොල්ලෙකෙගේ වැඩක්. (අ)
කෙසෙල් කැනක් වෙනුවන් මේ තරම් සැලකිලිමත්ව උසාවියට දන්වා පරීක්ෂණ ආරම්භ කළා නම් කොටි ගණන් වලින් රටේ සල්ලි හොරකම් කරන පල් හොරුගැන කොහොම කරන්න පෙලබෙන්න ඕනද නේද.... මේක දැක්කමත් ලජ්ජා හිතෙනවා... පොලිසියකට ගිය කලක්.......(අ)
බලන්න පොලිස්සියේ ආපන ශාලාවේ එල්ලිලා ඉන්නවද කියල. නැත්නම් අර රථවාහන පොලිස් රහාලාමිගේ දඩ කොළ පොත උස්සපු ත්‍රිවිල් මල්ලිගෙන් අහලා බලන්න. (අ)
කෙසෙල් හොරා ඉන්නේ පොලොසියේම නේද ? අල්ලපු කාමරේ ඉන්න රාළහාමිගේ ගෙදර බලන්න කැන හොයාගන්න පුළුවන් .(අ)