ග්‍රීන් ලංකා නැව් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන බොරැල්ල ගෝතමී පාරේ වන ඩී ඩී ඒ නානයක්කාරගෙන්(42) රුපියල් තිස්පන්ලක්ෂයක කප්පමක් ගෙන තවත් රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ගන්නට තැත් කළැයි සැක පිට අත්අඩංගුවට ගත් පොලීසියේ දෙදෙනෙක් හා විද්‍යුත් නාළිකාවක හිටපු සේවිකාවක ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
කිරුළපන පොලීසියේ උප පරීක්ෂකවරයකු වු අම්බලන්ගොඩ වසන්ත ප්‍රේමකුමාර සහ දෙහිවල හිල්ඩා පාරේ සැරයන් අතුල සරත්චන්ද්‍ර හා පෞද්ගලික විද්‍යූත් නාළිකාවක සේවිකාවක වු මාතලේ උතුරු උඩුවෙළ තාරුකී නදී කුමාරි විජේසිංහ(22) එසේ රිමාන්ඩ් කළ තිදෙනා වෙති.
ප්‍රේමකුමාර බම්බලපිටිය පොලීසියේ සුළු පැමිණිළි අංශයේ පරීක්ෂක ලෙසද අතුල සරත්චන්ද්‍ර සැරයන් ලෙසද සිටියදී මාස තුනකට පමණ පෙර මේ සිද්ධිය වී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඉතුරු සල්ලි දික්කසාදෙටයි, නඩත්තු වලටයි ගෙවන්න වෙයි නේද? (නි)
ලක්මිණි අක්කා හරි. මම කියනේ ලංකාවේ පොලිසියට ගෙවන වැටුප ප්‍රමාණවත් මදි. ඒක නිසා තමයි මේ අය මේ වගේ මුදලට යටවෙන්නේ !! (නි)
මේ මොනවා කියනවද? කෝසල, හැම රටකම ස්වභාවය එක සමානයි. හැම රටකම ඉන්නේ එක්කෝ ගැහැණු, එක්කෝ පිරිමි. ඔය දෙවර්ගයේ අයනේ ඉන්නේ. ඉතින් ගැහැණු හා පිරිමි දෙවර්ගයේ අය ලෝකේ කොතැන හිටියත් කරන්නේ එකම දේ. ඒක මම නොකිව්වට කෝසලට හිතා ගතහැකිනේ. ඉතින් ගැහැණු හා පිරිමි විවාහ වෙන්නෙත් ඒ හැසිරීමට නීත්‍යානූකූල පදනමක් ලබා දෙන්නනේ. එහෙම විවාහ නොවී වුණත් ඒ විදිහේ හැසිරීමක යෙදෙමින් මුළු ජීවිත කාලය පුරාම එක්ව වාසය කරන ගැහැණු පිරිමි යුරෝපා රටවල සංස්කෘතියට ඉතා සාමාන්‍ය දෙයක්. මම නම් එහෙම නැහැ. පොලිසිය ඉන්නේ ස්වාධිනව කටයුතු කරන්න. පොලිසිය කිසි විටෙකත් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම මට නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. (නි)
ලක්මිණි අක්කා ඉතාලියේ ඔය වගේ සීන් නැද්ද ?(අ)
අනේ මන්දා දැන් දැන් පොලිසීය ගැහැණු ගැට වලට පහසුවෙන්ම හසු වෙනවා වගේ. අහු වෙන්නේ නැති වෙන්න හොරකමක් වත් කරන්න ඕනේ නම් ඒකට ගැහැණුන් සම්බන්ධ කර ගන්න එක හැකිතාක් දුරටකට සීමා කරන්න. මොකද හැම හොරකමක් පිටුපසම ගැහැණියක් සිටිය හැකි නිසා. ඒ වගේම තමයි හැම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණු කීප දෙනෙක් සිටිති. කියන කියමනත් සෑහෙන්න අවබෝධයෙන් යුතුව කියන කියමනක්. මමත් ගැහැණියක්. නමුත් ඇත්ත කියන්න මගේ ගැහැණුකම කිසිවිටෙක මම බාධාවක් කර ගන්නේ නැහැ.(නදී)
සල්ලි දෙයියන්ගේ මල්ලි වුණත් ඇස්,කන් ,තැන, නොතැන දන්නේ නැති මෝඩයෙක්. ප්‍රවේශමෙන් දැහැමින් සෙමින් උපයාගත් සල්ලි තමා යා දෙන්නේ? නැත්නම් හරියට ලිස්සලා දියවෙලා යන්නේ කුණාටුවක් වගේ. (නි)
පව්.. අර අනියම් නංගි නිදහස් කරලා දාන්න . (නදී)
මොනවා උනත් පොලිස් දෙපාර්තුමෙඅන්තුව මේ වගේ දේවල් අදිකරණයට ඉදිරිපත් කිරීම බොහොම වැදගත්. නඩුකාර තුමනි මේ 3න් දෙනාට උපරිම දඩුවම දෙන්න. පොලිසියේ මේ වගේ ජරා වැඩ කරන තව ගොඩ දෙනෙක් ඉන්වා. ඒ අයටත් මේක හොද පාඩමක්, පොලිසියේ හිත හොද ඇතතන්ට ජයෙන් ජයම වේවා. .(නදී)
පව් අර අනියම් ළමයා එයාට තාම විසිදෙකයි, බැදලත් නැතුව ඇති. උසාවි ගියොත් මෙයාට තව වන්දි ගෙවන්නත් වෙයි, ළමයෙක් අනාත කළාට හිරේ තපින්නත් වෙයි. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ. .(නදී)
හංගන්න ගිහින්නේ මාමේ එළිවුණේ.ලැජ්ජාවේ බැහැ. (නි)
මේ වගේ වැඩ කරලා නෝනට කියන්න ගියොත් ඉතින් වෙන දේ දන්නවා නේ.මුදල් වලට වැඩිය ඒක වටිනවා කියලා හිතාගෙන වසන් කරන්න ඇති. (නි)
අම්මපා! ඒ කාරණේ හංගන්නද මෙච්චර ලොකු කප්පමක්? ඒ අතරේ එසැණට තවත් මල් මිටක් මගෙන්, දැන් පුළුවන් හැමවිටකදීම නම් ගම් ප්‍රසිද්ධ කරනවට. මොන මට්ටමේ අය වුණත් කමක් නැහැ නම් ගම් දාන්න, කාටත් හොඳයි. (නි)
තණ්හාය ජායති ශෝකෝ.. තණ්හාය ජායති භයං ..... (තණ්හාව ශෝකය සහ බිය ඇති කරවයි) (නි)
මට නම් හරියට පිස්සු වගේ.... (නි)
පෙත්තා,ඔයා හරි දක්ෂයිනේ.පන්තියක් දාන්නකෝ. ඔයාගේ ක්‍රම සහ විධි අර වාගේ අයට ප්‍රයෝජනවත් වේවි.හැබැයි මට නම් ඔහොම හංගාගෙන ඉන්න බැහැ.කැස්ස ආවම නවතින්නේ නැහැ. (නි)
ජනිත, කවදද පෙර පාසලෙන් 1 වැනි වසරට යන්නේ? (නි)
ලංකාවේ මෙච්චර සල්ලි තියෙනවද? මෙයා කොහොම මාට්ටු වුනාද දන්නේ නැහැ? හරි ගියානම් නියම ගේමක් (අ)
ජනිතගේ ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි. අනේ! බාල වැඩ කරලා ලොකුකම් කතා කරනවා. දාන්න ඕනෑ උණු වතුරේ කොච්චිත් එක්ක. (නි)
ඔය වගේ පොඩි දෙයක් නෝනාට කියන්න එපා කියලා රුපියල් ලක්ෂ 35 දුන්න අයත් මේ ලංකාවේ ඉන්නවනේ.මම නම් සතපහක් දෙන්නේ නැහැ නෝනට නෙමෙයි, දෙවියන්ට කියනවා කිව්වත්. (නි)
ජානී,මම ආලයයි කැස්සයි දෙකම හංගාගෙන ඉන්න. දැන්වත් ඔයා මාව තේරුම් ගත්තාද? (නි)
එයත් බය වුණේ ගෙදර කෙනා දැනගනියි කියලා වෙන්න ඇති නේද? (නි)
නානායක්කාර අය්යගේ ඔක් කාර - වැඩ ගැන ඇසූ විට හැදෙනවා ඔක් කාර - කොම්පැනි සල්ලි ගෙන ලැබුවත් සත් කාර - හිර බත් කන්න කල වැඩයට පව් කාර. (අ)
ඕකනේ කියන්නේ ආලයයි කැස්සයි හංගන්න බැහැ කියල .දැන් ඉතින් හැමෝම දැන ගත්තනේ. (අ)
ගන්න එකක් එක පාර ගත්තනම වැඩේ එකෙන්ම ගොඩ ! (අ)
ඉතින් දිල්හානි ,කියන්නකෝ බලන්න ඒ ගැහැණු ළමයා කළයුතුව තිබුනේ මොකද්ද කියලා (නි)
මහා මෝඩ ගැහැණු ළමයෙක්නේ. මොළේ කල්පනා කළා නම් හොඳ ගානක් ගන්න තිබුණා. දැන් ඉල්ලන් කෑවා නේද? (නි)
මාර ගැහැනියක් .(අ)
දැන්නේ අපිට කතාව හරියටම තේරුනේ. (අ)
ඔය තියෙන්නේ ලොක්කගේ නමයි ඇගේ නමයි දෙකම. කැමති කෙනෙක් කැමති දෙයක් කරගන්නට පුළුවනි... පෙත්තාගෙන් තව කවි රස මතු වෙන්නත් පුළුවනි... (අ)
මෙන්න නම් ගම,කට්ටියටම දෙන හොයාගන්න පුළුවන් ඕනේ ය, (අ)
නානා මොනා වුණත් ගෙදර සර්ව බළධාරිනියට බයයි වගේ නැත්නම් ඔච්චර ගෙවයිද (අ)