IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පොලිස් නිලධාරිනියට අතවර කළැයි තරුණයෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කළ ජාතික මෙහෙයුම් රාජකාරී වල නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(08) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ රත්නපුර මහවලවත්ත පදිංචි මහේන්ද්‍රන් නමැති 19 හැවිරිදි සැකකරුවෙකි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර වැඩ පැවැත්වීම සඳහා දියත් කළ ජාතික මෙහෙයුමට කොළඹ මිහිජය සෙවණ පොලිසියේ නිලධාරීන්ද ඊයේ දින විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මිහි ජය සෙවණ පොලිසියේ 22 හැවිරිදි කාන්තා නිලධාරිණියද සිවිල් ඇඳුමින් සැරසී තොට ළඟ හන්දියේදී බස් රථයක ගොඩ වී කොළඹ දෙසට ගමන් කර ඇති අතර සැකකාර තරුණයා අණගරැගුම් පාමින් ඇයගෙන් දුරකථන අංකය පවා ඉල්ලා ඇති බව මිහිජය සෙවණ පොලිසිය  කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
සැකකරු දණ්ඩ නිති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කිරීමට එරෙහිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා පොලිසිය දියත් කළ මෙම මෙහෙයුමේදී පෙරේදා දිනය තුළදී පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
 

 



අදහස් (2)

පොලිස් නිලධාරිනියට අතවර කළැයි තරුණයෙක් රිමාන්ඩ්

ajith Thursday, 08 February 2024 07:38 PM

මම නම් දන්නේ නැති කෙනෙක් මගෙන් දුරකථන අංකය ඉල්ලොවොත්, ගමේ පොලිසියේ නොම්බරේ තමයි දෙන්නේ.

:       0       0

Niro Friday, 09 February 2024 07:23 AM

මට පෙන්නේ දේශබන්දු ගේ පොලිසිය "හනි ට්‍රැප් " දාල එකට අහුවෙන තනිකඩ කොල්ලොන්ව අත්අඩංගුවට ගන්නවා වගේ ඒ පාර , බස් එකේ යනකොට පරිස්සමෙන් යන්න වෙනවා දැන්

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1331 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 817 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2065 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 411 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 704 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1752 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site