හෙරොයින් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තබා සිටි සැකකරුවකුට මත් කුඩු අඩංගු එළවළු රොටියක් ලබා දීමට උත්සාහ කළ බව කියන කතක (45) සැකපිට අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලිසිය කියයි.
සැකකරුට රාත්‍රී ආහාර ලබා දී තිබියදීත් අවේලාවේ කෑම රැගෙන ඒම ගැන සැක සිතී පරීක්ෂා කරද්දී මත්කුඩු සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ අයට පොඩ්ඩක්වත් මොළය නැද්ද? (නි)
පහුගිය දවසක අල්ලපු කුඩු ටොන් කාලට මොකද වුණේ? අනාගතේ කුඩු දිවයිනක් වෙයි. කුඩු විකුණන්න බලපත්‍රත් දෙයි. නීතිත් හදයි. කුඩු ශරීරයට හොදයි කියලා දොස්තරලත් කියයි. ඇමෙරිකාවේ කුඩු බොනවා කියලත් කියයි. කුඩු ලාබෙට දෙනවා කියලා ඡන්දෙත් ඉල්ලයි. හැමදේටම උද්ගෝෂණ කරන මිනිස්සුන්ට මේකේ භයානකකම නොතේරෙන්නේ ඇයි? (නි)
මේ නිලධාරින්ට මොලේ කියලා එකක් තිබෙනවාද කියන එකත් සැකයි.ඔය වගේ සිද්ධි කියක් වාර්තා වුණාද? ඔය වගේ දරුණු අපරාධකාරයන්ට ගෙදරින් මොකටද කෑම ගෙන්වන්නේ? (නි)
දැන් පිරිමින් අභිබවා මත කුඩු ජාවාරමේ යෙදී සිටින්නේ කාන්තාවන්ය. මෙම සිද්ධීන් නිසා මුළු කාන්තා පරපුරටම නිගාවක් (නි)
එළවලු රොටි සමඟ කුඩු බිවුවට වරදක් නැහැ, හිස් බඩයි හොඳ නැත්තේ (නි)
මෙවර මැතිවරණයට එක අපේක්ෂකයෙක් රුපියල් කෝටි එකසිය පනහක් වියදම් කළා. ඉදිරි මැතිවරණද ජයග්‍රහණය කරන්න විශාල මුදල් කන්දරාවක් අවශ්‍යයි. ඒ නිසා රට තුලට දැන් මත් කුඩු එන්නේ අධෝ මාර්ගයේ නොව කන්ටේනර් වලය. අර මෑතදී අසුවුන 'ඇල්කොහොල්' කන්ටේනරයට වුනා සේම මේවද ප්‍රවෘත්තියක් පමණක් වී පසුව 'වාෂ්පීභවනය' වෙනවා. (නි)
මතින් ෆස්ට් (නි)
දැන් රොටි හදන්නේ එහෙමද?(දී)
සමහර වෙලාවලදී මත්කුඩු පොලිසිය ඇතුලෙදි පාන් පිටි වෙනවා. ඒ වගේම රොටියේ තිබුන පාන් පිටි පොලිසිය ඇතුලෙදි කුඩු බවට හැරෙනත් පුළුවන්. කොහොම නමුත් ඔය රොටියේ තිබෙනවා කියපු කුඩු රස පරීක්ෂකට යනකොට නැවත පාන් පිටි බවට පත්වෙන්නත් පුළුවන් (නි)
මේවා නිකම් දෙකයි පනහේ ගුද ප්‍රවාකයින් පිටින් තමයි යන්නේ. නැත්නම් දන්නෝ දනිති කොහොමද මේවා රට ඇතුලට එන්නේ කියලා. (නි)
ඔය කුඩු රොටිවල දම දමා ඉන්නේ මොකටද ? ගේටුටුවේ මුරට ඉන්න රාලහාමිට කියක් හරි දීලා අර කුඩුවේ ඉන්න කෙනාට පාන් පිටි ටිකක් දෙන්න කිවුවා නම් ඔක්කොම හරිනේ ? (නි)