පළාත් මැතිවරණයේ මනාප අංක නිකුත් කරන හෙයින් පොලිසියට පැමිණීමට නොහැකි බව නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගම්පහ පොලිසියට දැන්වීය.
ඒ සඳහා ඔහුට වෙනත් දිනයක් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ගම්පහ දිසාවේ නාම යෝජනා පත්‍රයට ව්‍යාජ නම් ඇතුළු කිරීම කූට ලේඛන සැකසීමක් ලෙස සැලැකිය හැකි බව කියන පොලිසිය ආචාර්ය කරුණාරත්නට පොලිසියට එන ලෙස දැනුම් දුන්නේය.
පොලිසියෙන් දැනුම් දෙන ඉදිරි දිනයක දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එසැණට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් වලට යටවෙච්ච මේ වගේ අය එලවන්න ඕනේ.... (දී)
ඔය ලැජ්ජාවට එන්න බැහැ කියන්නේ (දිල්)
ජනතාව රවට්ටද්දී ඔහොම වෙනවා (දිල්)
රටටත් එක්ක අවනම්බුවක් මෙවන් වැඩ (දී)
බාහු මහත්තයා චන්ද කොමසාරිස්ව ඉස්සෙල්ලාම රවට්ටලා චන්දෙට ආවේ කාව රවට්ටන්නද (දී)
මේ වෙනුවෙන් නීති නැතිනම් නීති හදලා හරි දඩුවම් දෙන්න (දී)
නීති නැත්තේ නැහැ. කුට රාජ්‍ය ලේඛන සකස්කිරීම යටතේ අත් අඩංගුවට ගැනීමට ඕනෙම වෙලාවල පුළුවන්. එත් එහෙම කරලා මොකටද මේ මිනිහාට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙන්නේ.? වැඩේ ඔප්පු වෙනවද නැද්ද කියන එක පස්සේ කතාවක්. නමුත් කවදා හෝ උන්නැහේ කට උත්තරයක් දිය යුතුමයි.(දී)
මෙයා බරපතල වරදක් කරලා තියෙන්න, ලජ්ජා නතුව තව කියවන්නත් එනවා (දී)
මේ වගේ අය චන්දය ඉල්ලන්න නෙමේ රටිනුත් පන්නන්න ඕනේ (දී)
මෙයට මෙයාගේ ඡන්දෙවත් ලැබෙන්නේ නැත කීයක් ඔට්ටුද? (අ)
මම හිතන්නෙත් මේ මනුස්සයාට අනවශ්‍ය ප්‍රචාරයක් දීම අවශ්‍ය නැහැ.මෙය මේ කරන උත්සාහය තුළ තවත් රහසක් තිබිය හැකියි. තමන්ගේ නැතිවන ජනප්‍රියභාවය නිසා නොලැබී යන ඩොලර් ප්‍රමාණය ලබා ගැනීමට මෙහෙම බොරු නම් වලින් ඡන්ද ලකුණු අරන් පිරට පෙන්වන්නට කුඨ උපක්රමයක යෙදුනාද සැකයි. (අ)