රුපියල් පන්ලක්ෂයක් වංචා කළැයි රක්ෂණ නියෝජිතයකු විසින් කළ පැමිණිල්ලක් අනුව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක සහ සැකකරුවකු පොලිසියට පැමිණ බේරා ගත් බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි එම රක්ෂණ නියෝජිත දුෂාන් රංග විජේසේකර අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස්පතිගේ විශේෂ විමර්ශන ඒකකය මේ වන විට ප්‍රකාශ 16ක් පමණ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතිව නම දාන්න පත්තරේට, මේවා පොඩි වැඩනේ.. ලොකු වැඩක් දීලා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පුතණ්ඩියා එක්ක ඇතුලේ ඉන්නේ, (අ)
බය නැතිව පොටෝ එකක් දෙන්න (අ)
පුංචිරාළ කලානම් නමයි පින්තුරෙයි දෙකම වැටෙනවා. ඔයාල දන්නේ නැද්ද මේක ලංකාව කියලා.(නදී)
මානවයාට හිමිකම ලැබෙයිද?......(අ)
නියෝජ්‍ය පොලිස්පති කියන්නේ පොලිස්පති වෙන්න පෝලිමේ ඉන්න එක්කෙනෙක් නේද. මෙයාලා දිනෙක පොලිස්පති උන දාට මොනවා කරයිද දන්නේ නැහැ.(නදී)
අද රටේ දුෂණ,වංචා,මංකොල්ලයන් වලට වැඩිපුරම යොමු වී සිටින්නේ නීති පනවන , නීතිය ක්‍රියාවේ නංවන පිරිස වීම ලජ්ජා වීමට කාරණයක්.(නදී)
ඉස්සර කිව්වේ ලැජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි කියල. ඒත් දැන්? ලැජ්ජා නැතිකම නියෝජ්‍ය පොලිස්පති කමටත් වඩා ලොකුයි. පොලිස් සේවය ට මේ "ගෞරවය" ගෙන දෙන ලොක්කන්ට තරු පළඳන්න නොවෙයි තරු පෙන්නන්න ඕනේ. හෙට අනිද්දා ජනතාවම ඒ වැඩේ කරයි. (නදී)
රංග මහත්තයෝ සුදු වෑන් වලින් ප්‍රවේසම් වෙන්න.(නදී)
රංග මහත්තය ප්‍රගීත් ගිය ලෝකයටම ගියා කියල අපට හෙට අනිද්දා පත්තර වලින් කියවන්න නොලැබේවා! (නදී)
අනේ ඔය අහිංසක නියෝජ්‍ය පොලිස්පතිතුමාට පාඩුවේ ඉන්නදෙන්නකෝ .කරදර කරන්න එපා අහිංසක මිනිස්සුන්ට .ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ ජෝඩු අල්ලලා බාරදෙන එකනේ මෙයා කලේ ජෝඩුව බේරපු එකනේ . දුක හිතෙන්නැති එතුමාට .කොහොම උනත් හදවත උණුවෙන මිනිහෙක් වගේ. (අ)
රක්ෂණ නියෝජිතගේ නම තියෙනවා වගේම නියෝජ්‍ය පොලිස් පතිගෙයි වංචා කාරයන්ගෙයි නම් ගම් විස්තර සේරම දාන්න රටටම දැනගන්න.(නදී)
පොලිස් ලොක්කන්ට ටිකක් අපලයි (දී)
ඔන්න දැන් තමයි නියම අවස්ථාව... (නි)
මෙහෙමත් රටක් (දිල්)