උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස විමර්ශණය කළ බවත්, උසස් පොලිස් නිලධාරීන් මෙම මරණය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදු නොකරන ලෙසට තමාට උපදෙස් ලබා දුන් බවත් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා ප‍්‍රකාශ ලබා දී ඇතැයි සී.අයි.ඩී ය අධිකරණයට කරුණු වාර්තා ඇත.
එසේම, මෙම මනුෂ්‍ය ඝාතනය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් යටපත් කිරීමට උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇති බවත්, එකී පොලිස් නිලධාරීන් විසින් ගරු අධිකරණයට ද අසත්‍ය කරුණු වාර්තා කරමින් නොමග යවමින් කටයුතු කර ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බවත් මෙහිදී රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බව දැන දැන තොරතුරු වසන් කර හෙළිදරව් නොකර සිටි බව කියන නාරාහේනපිට පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්, සුසන්ත, අබය, මේ එලිවන්නේ එක්තරා තාජුඩීන් නැමැත්තෙකුගේ මිනීමැරුම ගැන පමණක් නොවේ. සුදු පිරුවට ඇදගෙන පන්සල් ගානේ යන ඇතැම් දේශපාලුවන්ගේ නිරුවතයි. ඒක දේශපාලන වශයෙන් යම් හෝ මොළයක් තියෙන මිනිසුන්ට වැදගත් (නි)
හොඳ හොඳ දේවල් ඉදිරියට දැනගන්න පුළුවන්වෙයි (නි)
ඇයි ඉන්දු මහින්දට ඔයතරම් කඩේ යන්නේ? දැන් කට්ටියට හරි බයයි (නි)
වාචික සාක්ෂි පමණයි තවමත් තියෙන්නේ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. මේවා අහලා කැකිල්ලේ තීන්දු දෙන්නත් ඉඩ තියෙනවා. (නි)
දොන් මහත්මයා, වීඩියෝ තාක්ෂණය ආවෙ මේ මෑතකදීනෙ. ඊටකලිනුත් මීටත් වඩා සංකීර්ණ මිනීමැරුම් කොයිතරම් විසඳලා තියෙනවද. (නි)
අපි ඒක දැනගෙන හිටියා.(හේ)
මේ සිද්ධියට සම්බන්ධ සියලුම පොලිසියේ උසස් නිලධරයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණවන්න.(හේ)
ඒ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්.(හේ)
අද අපේ රට පත්ව තිබෙන තත්වය ගැන හරිම දුක හිතෙනවා. මිනිසුන්ගේ ඡන්ද අරගෙන මෙහෙම අපරාධ කරන එක හරිද? අනේ අපේ දරුවන්ගේ අනාගතය කොහොම වෙයිද? (නි)
තාජුඩීන් මිනීමැරුම ගැන හොයනවාට විරුද්ධ අයත් මෙතන අදහස් දාලා. ඒකනේ පුදුමේ! මිනීමරුවන් රකින්න හදන නරුමයන් ඉන්න රටක නොවැ අපි ඉන්නේ? එක්කෙනෙකුට කන්නත් නැහැ වගෙයි කතා කරන්නේ. දහම් නෙමෙයි.. අදහම්! (නි)
දැන් ඉන්න තරුණයෝ දන්නේ නැතිවුණාට පරණ උදවිය දන්නා ඉතිහාසයේ පිදුරු කොලෙන් මිනීමැරුම් නඩු විසිකරපු නීතිය තමයි ලංකාවේ තවම තියෙන්නේ. (නි)
මේක ටික ටික උඩට යනකොට මේකේ උඩින්ම නියෝගය ආ තැන හොයාගන්න පුලුවන්. (නි)
තාජුඩීන් විතරක් නෙමෙයි තව මොනතරම් අහිංසකයින් මරලා යහතින් වැජඹිලා ඉන්න නරුමයෝ අද ඉන්නවද? ඒවා ගැන කිසි කෙනෙක් කතාකරන්නෙත්, හොයන්නෙත් නැහැ. දේශපාලන වාසි තකා මේ කරන විගඩම් කවදා කොතනින් කෙළවර වෙයිද හිතාගන්නත් අමාරුයි. විසඳලා තියන මිනීමැරුම් වලට වඩා වළලා තිබෙන මිනීමැරුම් අපමණයි....... (නි)
මහ මොළකාරයා ළඟදීම දැනගන්න පුලුවන්වෙයි (නි)
දහම් බය වෙලාද කොහෙද? සන්දර්ශනය තවම හරියට පටන්ගත්තේ නැහැ. පටන්ගත් දවසට ඔය වීරයෝ ගොඩක් හිරගෙදරට යයි. (නි)
නිරංග, 88-89 කාලය මතක් කිරීම කාටවත් කඩේ යාමක් නොවෙයි. මරා දැමුණු සෑම කෙනෙකුටම තාජුඩීන්ට වගේම යුක්තිය ඉටුකළ යුතු බව මතක් කිරීමක් පමණයි. අැයි ඔයා බයවෙලා..? (නි)
අර උතුරේ යමක් සම්මතවෙලා නේද? මෙහේ දැන් තාජුඩීන් ගැන හොයනවා. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ නුවණ නැති අය බව හොඳින්ම පෙනෙනවා. (නි)
ඔය දැන් ටික ටික එළිවෙන්නේ... (නි)
සුසන්ත හරියට හරි. සිංහල අයට ඕවා තේරෙන්නේ නැතිවුණාට සමහරු තැටිය රත්වුණ වෙලාවේ රොටිය පුච්චා ගන්නවා. (නි)
පිටබැද්දර ජයා, ඔයාගේ වයස කීයද? එක තරුණයෙක් නෙමෙයි, තරුණයෝ දහස් ගානක් පාරේ බල්ලෝ බළල්ලු වගේ මරාදාපු කාලේ ගැන ඔයාගේ දෙමව්පියන්ගෙන් අහන්න (නි)
ඔබ හරි ගයාන්. මේ අදහස් දාන ගොඩක් අය මෑත ඉතිහාසයවත් නොදන්නා අයයි. (නි)
සුමිත්‍රා ,ගයාන්, නිම්මි , ඉන්දු, ඔයාලටත් ඔයාලගේ නායකයන්ටත් අවුරුදු 20 කටත් වැඩි කාලයක් තිබුනමියගිය තරුණයෝ ගැන හොයන්න .හෙව්වද? හෙව්ව්වද? හෙව්ව්වද? දැන් මොකද මේ අනුකම්පාවක්. නිකම් බොරුව එපා අනේ. ඔයාල කලබල වෙලා තියෙන්නේ ඇයි කියල තේරෙනවා. (රේ)
පහුගිය කාලේ අපේ රටට කිවනොහැකි සේවයක් කළ වගේම ජනතා හදවත් තුළ අමරණීයව තැන්පත් වූ රණවිරුවන්, දේශමාමකයින් සහ කලාකරුවන් ආදී නොයෙකුත් වෘත්තිකයින් කී දෙනෙකු ඝාතනයට ලක්වූවාද? ඒ එක මිනීමරුවෙකු වෙනුවෙන්වත් පසුතැවිලි නොවුණ ප්‍රධාන දෙපක්ෂයම මේ තාජුඩීන් නැමැත්තාගේ මිනීමරුවන් සොයන්නට වලිකන්නේ ඔහු ජනතාවගේ හදවත් තුළ සිටින නිසාද? නැත්නම් රට ජාතිය වෙනුවෙන් සටන්කොට ජීවිතය පරදුවට තබා ක්‍රියාකළ අයෙකු නිසාද? අපරාධයක් සොයා දඬුවම්දීම නීතියෙන් කළයුතු දෙයක් වූවත් තාජුඩීන් මරණය උලුප්පා දක්වමින් කරන ක්‍රියා නවත්වන්න යැයි අපි කියමු. (නි)
හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට.... (ර)
මේ සංදර්ශන නම් දැන් ජනතාවට තිත්ට්ත වෙලා තියෙන්නේ. ජීවත්වෙන්න සහන දෙන්න. දිනපතාම ජීවන වියදම ඉහල යනවා. (ර)
මේක මිනි මැරුමක් නම් , තව ඇද ඇද යාමෙන් තේරුමක් නැ. මිනීමරුවන් කවුරු වුනත් ඉක්මනින්ම නීතිය ඉදිරියට ගෙන ආ යුතයි . (ර)
ජිනීවා යන්න තවත් අවස්ථාවක් .... (ර)
ජනතාවට නම් මේ රජය තවම තිත්තවෙලා නැහැ. එ්ත් එහෙම කියලා යහපාලන ආණ්ඩුව ගමන් කරන්නේද ඔවුන්ට දුන් ජනවරමට අනුව නොවේ. නැත්තේත් නොවේ. හෙමි හෙමින් නමුත් ප‍්‍රතිසංස්කරණ මාවතේ. ඒ හින්දා ආණ්ඩුව නියම මාර්ගයට ඇද ගැනීම රටේ මහජනතාවගේ වගකීමයි (නි)
අනේ දහම්, ඔයාට කන්නවත් නැද්ද? (නි)
මම එ්ත් බැලුවා හදිසියේ තාජුඩීන් මතක්වෙලා තියෙන්නේ මොකද කියලා. පස්සෙනේ දැක්කේ, උතුරින් වෙනම පාලනයක් සම්මත කරගෙනලු. දැන් ඉතින් සිංහලයෝ දෙපිල බෙදිලා තාජුඩීන් මැරුවේ කවුද කියලා වාද කරයි. (නි)
තමන් බේරෙන්නත් එපැයි ඉතින් මේ උගුලෙන් (නි)
හිටපු සමහර පොලිස් මහත්තුරුත් මේවාට හවුල්ද කියලා සොයලා බලන්න. (නි)
දහම්,ජීවත්වීම අහිමිකිරීමක් ගැනයි කියන්නේ මෙතන. සාධාරණය ඉටුවිය යුතුමය. (නි)
පොලිසියටද මෙලෙස කිරිමට අණක් ලැබුණු තැනක් ඇත එතැන සෙවීම අද පොලිසිය හරහාම කිරීමට හැකිය. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. නියම මිනි මරුවන් අල්ලා දඩුකදේ ගසන තුරු අපිද මගබලා සිටිමු. (ර)
දහම්, හැමවිටම බඩ ගැන විතරක් හිතල බැහැ (නි)
අර ඇමතිතුමාගේ වාහනයට හැපුනු තරුණයාට මොකද වුණේ කියලා හොයන්න කිසිමකෙනෙක් නැත. අවුරුදු ගණනාවක් පරණ තාජුඩීන්ගේ මරණයට දිනපතාම පරීක්ෂණ. කවදාද මේවා නිමවෙන්නේ? (නි)
අනිත් මිනිස්සු මරලා හරි දහම් මහත්තයට කන්න දුන්නොත් තමා හොඳ. අනේ මෙහෙමත් මිනිස්සු! එහෙමනේ ගිය ආණ්ඩුව එයාලට කන්න දුන්නේ (නි)
අර බලපුළුවන්කාර කාන්තාවගේ චණ්ඩිකම් වලදී පොලිසිය සාධාරණය ඉෂ්ටකළේ නැහැ. එතකොට යහපාලනය කරන්නේ මොකක්ද? ඒකම නේද? (නි)
පහළම පුරුකෙන් පටන්ගෙන ඊට ඉහළ කෙනාගේ නම හෙළිකරගෙන ටික ටික පොටෙන් පොට ඉහළට ගියාම මිනී මැරුමේ මහා මොළකාරයා සාක්ෂි ඇතුව අපූරුවට එළිවෙයි. (නි)
කන්න අඳින්නත් ජීවත්වෙලා ඉන්න එපායැ දහම්. අන්න ඒ සරල දේ තේරුම් ගන්න. දේශපාලනය නිසා අයුක්තියට අසාධාරණයට ඔව් කියන්න එපා. අපි ඒ සංස්කෘතිය නවත්වමු. (නි)
මෙතුමාගෙන් වැදගත් තොරතුරු රැසක් දැනගන්න පුළුවන්වෙයි (නි)
වීඩියෝ දර්ශනවත් නැතුව, මරණය සිදුවුණේ කොහොමද කියා හරියටම නොදැන මෙය මිනීමැරුමක් යැයි ස්ථිරවම කියන්නේ කෙසේදැයි යන්න මට ගැළුවකි (නි)
ඡන්දයක් කිට්ටු වෙනකොට තාජුඩීන් උඩට එනවා. ආයෙම කතාව හැමෝටම අමතක වෙනවා. 88-89 වගේ කාලයක් ආයෙත් එයි කියලා කවුද හිතුවේ? වැරදිකරුවන් සොයා දඬුවම් කරනවා නම් හොඳයි. (නි)
කන්න බොන්න පස්සේ බැරියෑ. මුලන් නිදහස් පුරවැසියෙක් හැටියට ජීවත්වෙලා ඉන්න ඕනෑ නේද? මේ තරුණයට අහිමිකළේ ඒ නිදහස නම් හෙට දවසේ අපිට කුමක් වේවිද? ඒ නිසාම මේ මරණයට වගකිවයුත්තන් නිසියාකාරයෙන් පරීක්ෂණ කොට කොපමණ කල් ගතවුණත් නිවැරදි සාක්ෂි සමඟින් ගරු අධිකරණයට ඉදිරිපත්කොට, මතුවට මෙවන් අපරාධ කරන්නට මානබලන පුද්ගලයන්ටද පාඩමක් වන අයුරින් දඬුවම් ලබාදීම යහපාලනයේ නොව නීතිය සාමය රකින සහ යුක්තිය පසිඳලන ආයතනවලද වගකීම සහ යුතුකම වේ (නි)