(දසුන් රාජපක්ෂ)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු 8දෙනෙකුට සැප්තැම්බර් 10 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(20) නියෝග කළේය.
මීට ඉහතදී විභාග කෙරුණු මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශ ලබාගැනීම අද(20)ට යෙදී තිබුණද, එම ප්‍රකාශ ලබාගැනීම අද සිදුනොකෙරුනු නිසා සැප්තැම්බර් 10 වැනිදා පැමිණෙන ලෙස නියෝග කෙරිණි.
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල පිළිබඳ බොරු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා අත්අඩංගුවට ගෙන තමා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බව සඳහන් කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙම ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස පූජිත් ජයසුන්දර මහතා ඇතුළු 8දෙනා නම් කර තිබුණි.
එම පැමිණිල්ල අද(20) යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු 7දෙනෙකු ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර, එක් වගඋත්තරකරුවකු කොමිසම වෙත විශේෂ හේතුවක් මත නොපැමිණි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේය.
මෙම කොමිසම හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් පැමිණිලිකරුගෙන් සාක්ෂි ලබාගැනීම අවසන් කර ඇති බව දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොමිසමේ සභාපතිවරයා මෙම පැමිණිල්ල කැඳවන ලබන සැප්තැම්බර් 10 වැනි දින නිදහසට කරුණු ඇති නම් ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කිරීමෙන් අනතුරුව පැමිණිල්ල එදින කැඳවීමට නියෝග කළේය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස්පති පූජිත් ඇතුළු 8ක් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි
විජේ Thursday, 20 August 2020 01:05 PM
පූජිත මහත්තයා දේශපාලනය විසින් ගිලගන්න කලින් කොච්චර වැඩ පෙන්නපු කෙනෙක්ද? අපරාදෙ තව කොච්චර වැඩ ගන්න පුලුවන් කෙනෙක්ද?
de silva Saturday, 22 August 2020 09:16 PM
පොලිස්පති වගේම එම කාලවකවානුවේ ආරක්ෂක ඇමතිකම සහ ආරක්ෂක ලේකම් කම දරපු පුද්ගලයනුත් වග කියන්න ඕන.