IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පොලිස්පතිගේ දුරකතන ඇමතුම ගැන ලේකම් නිහඬයි

හම්බන්තොට විරෝධතාවය වාර්තා කරමින් සිටි ඩ්‍රෝන කැමරාව අරගනු ලැබුවේ අගමැති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් බව බත්තරමුල්ල සුහුරුපායේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය විය.

‘පොලිස් මාධ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාව‘ මැයෙන් නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් ජගත්  පී. විජේවීර මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිසියේ ක්‍රියාකලාපය ගැන  මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න නැගූහ.

වාර්තා කරමින් සිටි ඩ්‍රෝන කැමරාව ගත්තේ ඇයිදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ  විමර්ශනවලදී එය අනාවරණය වනු ඇති බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගී වන බවට ජනමාධ්‍ය වෙත දන්වා තිබුණ ද ඒ දෙදෙනාම ඊට සහභාගී නොවූහ.  නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කර ඇතැයි නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා කීවේය.

දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සැකකරුවකු අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති කළ ප්‍රකාශය ගැන තමා විමර්ශනයක් නොකළ බව ද විජේවීර මහතා කීවේය. පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ලෙස එම සිදුවීම ගැන විමර්ශනයක් කිරීමේ වගකීමක්  නැතිදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ලේකම්වරයා කීවේ විමර්ශනයක් කරන ලෙස තමාට කිසිවකු නොකී බවයි.

මීට පෙර යම් යම් සිදුවීම් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් කරුණු තරහවුරු කර ගැනීමේ හැකියාව තිබුණද පසුගිය වසරේ සිට එය නවතා දමා තිබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජයකොඩි මහතා කීවේ දිනකට තුන් වරක් පොලිසියේ සිදුවීම් ඊමේල් මගින් නිකුත් කරන බවයි.

ප්‍රශ්නය - මීට පෙර යම් යම් කරුණු තහවුරු කර ගැනීම් ගැන ඔබට ඇමතුම් ගත් විට ඊමේල් කර තිබෙනවා කියමින් දුරකතනය විසන්ධි කරනවා. ඉදිරියටත් එහෙමද වෙන්නේ?

පිළිතුර - පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වුණොත් ඒ සඳහා කතා කරන්න. උත්තර දෙන්නම්.

ප්‍රශ්නය - මීට පෙර අජිත් රෝහණ මහතා කිසිදු ගැටළුවක් නැතිව ජනමාධ්‍ය වෙත පැහැදිලි කිරීම් ප්‍රකාශ දුන්නා. එය පොලිසිය හදිසියේ නවතා දැම්මා. නැවතත් වෙන්නේ ඒකමද?

පිළිතුර - කරන්න පුළුවන් හැම අවස්ථාවකම තොරතුරු දෙනවා.

ප්‍රශ්නය - මේ ආණ්ඩුව ආවට පස්සේ පොලිස් මාධ්‍ය සාකච්ඡා නතර කළා. දැනුත් කරන්නේ තෙරතුරු දීම සීමා කිරීම නේද?

පිළිතුර - නෑ අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බා. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් මත්කුඩු ඇල්ලූ අවස්ථාවෙත් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.

ප්‍රශ්නය - පොලිසියට ලකුණු දමා ගැනීමට අවශ්‍ය අවස්ථාවල මාධ්‍ය සාකච්ඡා තිබ්බට ආන්දෝලනාත්මක අවස්ථාවලදී තියන්නේ නෑ නේද? පස්යාලේදි පොලිසිය පුද්ගලයකුට වෙඩි තැබූ අවස්ථාවේ මාධ්‍යය ප්‍රශ්නවලට උත්තර දෙන්න අජිත් රෝහණ මහතා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. යාපනයේ පොලිස් වෙඩි තැබීම ගැන මාධ්‍යයට ප්‍රශ්න අහන්න අවස්ථාවක් දුන්නේ නෑ නේද?

පිළිතුර - දවසකට තෙවරක් අවශ්‍ය තොරතුරු දෙනවා.

ප්‍රශ්නය - වෙනදා පැයෙන් පැයටත් තොරතුරු ඊමේල් කරනවා. ඒ කියන්නේ දැන් ඒකත් කප්පාදු කරලා නේද?

පිළිතුර - නෑ නෑ එහෙම කප්පාදුවක් වෙන්නේ නෑ. මාසෙකින් වගේ බලමු පසු විපරමක් කරලා.

ප්‍රශ්නය - පොලිසියේ අලුත් මාධ්‍ය ප්‍රතිපත්තියේ තිබෙනවා පත්තරවල යන ප්‍රවෘත්තිවලට නිවැරදිකිරීම් එවන එක ගැන. පොලිසියට චෝදනා එල්ල වන ප්‍රවෘත්තියකදි අපි ඒ ගැන කාගෙන්ද අහන්නේ?

පිළිතුර (ජයකොඩි මහතා) - පුළුවන් සීමාව ඇතුළත මම උත්තර දෙනවා.

ප්‍රශ්නය - වෙනත් රාජකාරියක් පවරපු නියෝජ්‍ය පොලිස්පති තුමා මාධ්‍ය ප්‍රකාශක කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් පත් කරන්න පොලිසියේ දක්ෂ නිලධාරීන් නැද්ද?

පිළිතුර - ඉන්නවා ඉන්නවා.

ප්‍රශ්නය - නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් එෆ්සීඅයිඩියේ අධ්‍යක්ෂ මාරු කළේ ඇයි?

පිළිතුර - ඔහුට උසස් වීමක් ලැබුණා. ඒ නිසා වැඩි වගකීමක් ඇති ප්‍රදේශයක් බාරව ගියා. අලුත් අධ්‍යක්ෂ කෙනෙක් පත් කළා.

ප්‍රශ්නය - මේ නිලධාරියා නියෝජ්‍ය පොලිස්පති විදියට උසස් වූ නිසයි මාරු කළේ කියා පොලිස්පති කියා තිබුණා. හැබැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් වුණත් ඔවුන් මාරු කළේ නෑ නේද?

පිළිතුර - එහෙම විශේෂ දෙයක් නෑ. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට නිලධාරියෙක් පුහුණු කරමින් යනවා. ඒවයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉඳලා තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු දැනටමත් ඉන්නවා.

ප්‍රශ්නය - ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිට නිර්දේශ කර තිබෙනවා හිටපු අධ්‍යක්ෂ තමයි ඒ තනතුරට සුදුසුම නිලධාරියා කියා. එහෙම තියෙද්දි ඇති ඔහු මාරු කළේ?

පිළිතුර - ඒ ගැන වාර්තා වෙලා නෑ.

ප්‍රශ්නය - පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලැබීමේ සිදුවීම සම්බන්ධ විමර්ශන කටයුතුවල තත්ත්වය මොකක්ද?

පිළිතුර  (විජේවීර මහතා) - මට විශේෂයෙන් විමර්ශනයක් කරන්න  කියලා නෑ.

ප්‍රශ්නය - ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කරලා නැද්ද?

පිළිතුර (විජේවීර මහතා) - මම කරලා නෑ

ප්‍රශ්නය - පොලිසිය භාර අමාත්‍යංශ ලේකම්වරයා ඔබයි. ඔබට වගකීමක් නැද්ද මේ චෝදනා ගැන විමර්ශනයක් කරන්න?

පිළිතුර (විජේවීර මහතා) - විමර්ශනයක් කරන ලෙස මට දැනුම්දීමක් කරලා නෑ.

ප්‍රශ්නය - ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවෙදි කිව්වා නේද විමර්ශනයක් කරන්න අවශ්‍ය බව?

පිළිතුර (විජේවීර මහතා) - විමර්ශනයක් කරන ලෙස මට දැනුම්දීමක් කරලා නෑ.



අදහස් (0)

පොලිස්පතිගේ දුරකතන ඇමතුම ගැන ලේකම් නිහඬයි

සිරි Tuesday, 10 January 2017 09:26 AM

හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ (බ)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 11:43 PM

මේ ඩ්‍රෝන කැමරාවෙන් කළේ නීතිවිරෝධී දෙයක් පටිගත කිරීමක් නොවෙයි. සාමාන්‍ය කලබලයක්/රැස්වීමක් පටිගත කිරීමයි. ඔය කියන විදිහට මෙතන මොනවා හෝ වෙලා තියනවා. ඒක ජනතාව දැනගතයුතුයි නේද? මින් ඉදිරියට වෙනත් ක්‍රමයකට ඔය දේ වෙයි. ලකුණු සියයට සීයක්ම ලබෙනවා මේ වෙලාවේ. (නි)

:       0       0

දහම් Tuesday, 10 January 2017 12:44 PM

මීට වැඩිය හොඳ ලේකම්ලා පොල් පිතිවලින් කපා ගන්න පුළුවන්. (හේ)

:       0       0

සෙනරත් Wednesday, 11 January 2017 03:20 AM

මේක තමයි යහපාලනය කියන්නේ. දැන් තේරුනාද? මේ තමයි වෙනස! දැන් තේරුනාද වෙනස? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1314 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2339 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1023 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9554 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3583 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site