(ඉන්දිකා රාමනායක)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස්පතිවරයා වෙත මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී තිබුණි.
ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මාර්තු මස 25 වැනි දින විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතා වෙත මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දී තිබුණි.
පළමු සේවා දිගුව අවසන්වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.
එම සේවා දිගුවද මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද, නැතහොත් සී.ඩී වික්‍රමරත්න මහතා වෙත නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා වශයෙන් පත්කරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායන හා දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සුදුසුකම් ලබා සිටිති.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිස්පතිගේ සේවා දිගුව 9 වැනිදායින් අවසන්
AJITH Tuesday, 03 October 2023 09:35 PM
අධිකරණ හෝ දූෂණ චෝදනා නොමැති ද්‍රවිඩ හෝ මුස්‌ලිම් ජාතිකයකු පොලිස්පතිවරයා බවට පත්කර ගැනීමට සුදුසු වේ...
Perera Tuesday, 03 October 2023 11:15 PM
තටමලා... අර දේශබන්දු එළියට එයි...
සෙනෙවිරත්න Wednesday, 04 October 2023 10:35 AM
පොලිස් කෝලම ඔන්න ආයිමත්
fairoos Wednesday, 04 October 2023 12:39 PM
ඊළඟට එන්න ඉන්න අයට වඩා මෙතුමා හොඳයි