රුහුණ විශ්ව විද්‍යාලයයයේ සමාජ විද්‍යාපිඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මහතාට(45) මාතර මැද්දෙවත්තේදී පහර දී කණුවක බැන්දේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය දොළොස් දෙනකුගේ කට උත්තර ලියාගෙන ඇත.
ඔහු සමඟ සාදයකට සහභාගී වු සරසවි ආචාර්යවරුන් පස් දෙනකු හා ගැමියන් හත් දෙනකුගෙන් ප්‍රකාශ සටහන කැරගෙන ඇතැයි පොලීසිය කියයි.
එම සාදයට සහභාගී වු නීතීඥයකුගේ කට උත්තරය ලියාගෙන නැත.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසිය ඇදුරන් පස් දෙනකුගෙනුත් ප්‍රශ්න කරයි
ලුම්බිණි Monday, 18 August 2014 03:31 AM
නීතීඥය පාටි එකට ගියේ නීති උපදෙස් දෙන්නද? නැත්නම් මොකද එයාගේ කට උත්තරේ ගන්නේ නැත්තේ? (නදී)
වික්‍රම Monday, 18 August 2014 03:32 AM
මෙතන බීපු එකවත් සාදයක් දාපු එකවත් නෙවෙයි මට නම් ප්‍රශ්නය. සිසුවියන් පහක් නැවතිලා ඉන්න තැනක් අසල ඔය විධියට සිටීම. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද කියන එක. අමතක කරන්න එපා විශ්වවිද්‍යල තුල සිසුන් කියන මේ කථාව. "ක්ලාස් එකක් ගන්න නම් එක්කො මහන්සි වෙයන් නැත්නම් හාන්සි වෙයන්". මොනව උනත් වැඩේ කැතයි. (නදී)
ඉසුරන්දි Sunday, 17 August 2014 01:08 PM
මොලේ ඇති මිනිස්සුත් තුට්ටු දෙකේ වැඩ කරනවා එහෙනම්. (දී)
අසෝකා Sunday, 17 August 2014 01:14 PM
වැඩි විනෝදය ලබන්න මත් වතුර පාවිච්චියේ පල විපාක! මත් වතුර නැතිව විනෝද වෙන්න බැරි අයට හොද උදාහරණයක්! (දී)
අමල් Monday, 18 August 2014 09:04 PM
අනේ ඇත්තට, ඇදුරන්ටත් ගිය කල! (නි)
විජේ Sunday, 17 August 2014 01:47 PM
මත් වතුරෙන් විනෝදය ලැබෙන්නේ නැහැ. ඕකට සෙට් වෙනකොට පොඩි විනෝදයක් තියනවා. පලවෙනි ෂොට් එකෙන් පස්සේ ඔක්කම ඉවරයි (දී)
බන්දුල පෙරේරා Monday, 18 August 2014 08:35 AM
මම නම් මොවුන්ගේ වරදක් දකින්නේ නැහැ (නි)
විජේ Sunday, 17 August 2014 02:01 PM
මොලේ ඇති අය කරන සංවිධානාත්මක මිනී මැරීම් කියල තමයි මේවට කියන්නේ ඉසුරන්දි (ස)
කුමාර Sunday, 17 August 2014 02:30 PM
පන්සිල් පද වත් රකින්නේ නැද්ද ? (ස)
ගාමිණී Sunday, 17 August 2014 02:50 PM
මටනම් හැඟෙන අන්දමට මෙම අපහාසය සෙට් කරලා කරපු වැඩක් ! එසේ නොවුනත් බීමත්ව සිටි අයෙකුට මෙවැනි හිංසාවක් කිරීම මිනිසුන් කරන වැඩක් නොවේ...හොරෙක් නම් බිල්ලෝ වගේ නිකන් ඉදී (ස).
බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 02:15 AM
මම නම් මොවුන්ගේ වරදක් දකින්නේ නැහැ. (නි)
සඳුනි Sunday, 17 August 2014 03:41 PM
ගාමිණී.............බීමත් අයට හිංසා කිරීම මිනිසුන් කරන වැඩක් නොවේ නම් බීමත් මිනිසුන්ගෙන් මුළු සමාජයම ලබන ගැහැට සහ පීඩාවන් ගැන මොනවද කියන්නේ. (ස)
ලකී දොඩන්ගොඩ Sunday, 17 August 2014 03:57 PM
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලයේ වාගේ අතුරුදහන් කරලා හරි ටයර් වලට පුජා කරලා පාරේ තිබ්බනම් අනික් අයත් බය වෙනවා (ස)
ගුණවතී Sunday, 17 August 2014 04:30 PM
ගාමිණී අය්යා කිව්වා වගේ මටත් හිතන්නේ මේ මනුස්සය අමරුවෙදාන්න කරපු කාගෙහරි වැඩක් (ස)
පෙරේරා Sunday, 17 August 2014 06:19 PM
කෙනෙක් වැදගත් පුද්ගලයකු වන්නේ කරන කියන දේවල් වලින් මිස දරන තනතුරින් නොවන බව මෙයිනුත් පැහැදිලි වෙනවා. (නි)
තිලක් Sunday, 17 August 2014 06:26 PM
කවුරු හරි වුණත් වැරදි වුණත් මේ සියළුම ප්‍රශ්න වලට මුල මත්පැන්. (නි)
සදුනි Monday, 18 August 2014 11:10 AM
මම වික්‍රම සමඟ 100%ක් එකඟයි.අපි සරසවි හිටි කාලෙත් ඔය න්‍යායන් දෙකම අනුගමනය කළ අය හිටියා. (නි)
චින්තක Sunday, 17 August 2014 07:45 PM
ඇයි දන්නෙ නැහැ නීතිඥයාව අතහැරියේ? (නි)
පිටබැද්දර ජයා Sunday, 17 August 2014 10:30 PM
මේ රටේ දැන් උගත් බුද්ධිමතුන්ගේ තත්ත්වය බොහොම කණගාටුදායකයි නේද? (නි)
ලීලානන්ද Monday, 18 August 2014 12:31 AM
මිනිසා වසලයෙකු වන්නේ උපතින් නොව කරන ක්‍රියාවෙනි (නි)
නීලා Monday, 18 August 2014 12:33 AM
කවුද මන්දා අපේ අදහස් දාන වියතෙක් මේ සිද්ධිය 'දම්පාටින් ලා සඳ බැසයනවා' සින්දුවට උපමා කරලා තිබුනා නේද? (නි)
සුගත් Monday, 18 August 2014 12:41 AM
මත්බීම ගැන මම කොතරම් විවේචනය කළත් මමත් ඔහේ ඉන්න ගමන් ටිකක් ගන්නවා. බොහෝ අය එහෙම තමයි (නි)
බන්දුල පෙරේරා Monday, 18 August 2014 01:20 AM
අපිත් කන බොන මිනිස්සු.මේ ආචාර්යතුමන්ලා රහත් වෙලා නැහැනේ.ඉතින් මම නම් මොවුන්ගේ වැරැද්දක් දකින්නේ නැහැ. (නි)
රෙජි -සිඩ්නි Monday, 18 August 2014 01:23 AM
උගත් බුද්ධිමතුන් මේ දේවල් කරනවානම් අනිත් අයගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන් ? (නි)
ගමගේ Monday, 18 August 2014 02:16 AM
අදුරුතුමන්ලා කියලා නැහැ. ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු. එයාලත් කනවා බොනවා නටනවා.... ලීලානන්ද මහත්තයා කියන එක හරි (නි)
රොකී Monday, 18 August 2014 02:19 AM
කුමාර, ඔය ප්‍රශ්නය අහන්න තියෙන්නේ අපෙන් නෙමෙයි. අනුන්ට බණ කියන්නේ නැතුව තමන්වත් එහෙම කරන්න බලන්න! (නි)