කොළඹ කච්චේරියට බදාදා (5) පෙරවරුවේ නාම යෝජනා බාර දීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතා ගරාජ නොම්මරයක් සහිත වාහනයකින් පැමිණි බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කීර්තී තෙන්නකෝන් මහතා මැතිවරණ කොමසාරිස්ට හා පොලිස්පතිට ලිපියකින් දැන්වීය.
එහි අංකය ලෙස සටහන්ව තිබුණේ ඩබ්ලිව් පී සී 8665 යන්නය. වාහනය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රතු පැහැති රථයකි.
ගරාජ් අංක භාවිත කරමින් මැතිවරණ කටයුතු සිදු කිරීම පසුගිය මැතිවරණයන් හි දී අප නිරීක්ෂණය කළ සුලබ සිදුවීමකි. එපමණක් ද නොව රජයේ වාහන ව්‍යාජ අංක තහඩු සහිතව සහ ගරාජ් අංක සහිතව ධාවනය කිරීම ද එමෙන්ම සුලබ සිදුවීමක් වූවේය.
මැතිවරණ නිලධාරීන් මැතිවරණ නිරීක්ෂකයින් පමණක් නොව අපේක්ෂකයින් සහ පක්ෂ නායකයින් ද සිය ගණනක් පොලිස් නිලධාරීන් ද එහි සිටි නමුත් ඒ කිසිවකුත් ඒ වාහනය නොදුටු බවක් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා මේ වගේ අයට ඡන්දය නම්.(නදී)
රටට කරන්න එන මිනිසුන්ගේ කෙරුවාව තමයි මේ.(නදී)
මේ පළාත් පාලක ගණන අඩුකරනවා කියලා මැතිවරණ පොරොන්දුවක් දුන්නා. දැන් කියන්න ඒක ඉටු කරන්න කියලා.. ජිනීවා කතා කියලා මිනිස්සු බයකරලා ආයිම දිනන්න හදන්නේ. අත්සන් කරලා නැති නිසා අපේ රටට මුකුත් කරන්න බැරි බව රනිල් ආයිත් කියලා තිබුනා. ඇමරිකාවට කරන්න පුළුවන් සම්බාධක පනවන එක.. ඒකට විසදුම වියදම් අඩුකිරීමයි නේද? දැන්මම ඒකට ලෑස්ති වුනා නම් , ජිනීවා සංචාරේට යන්න බලන් ඉන්න කට්ටියත් අඩුකලාම කොච්චර ඉතුරුවක්ද? මහා විනාසයක් කරපු කොටි විනාස කරලා රට බේරපු ඒක වැරද්දක් නෙමේ, ඒකෙදි අහින්සකයොත් මරුන නම් සමාවෙන්න කියලා ලියුමකින් ඉල්ලුවා නම් ඇතිනේ? අනික ඒක අපේ සංස්කෘතියටත් කොච්චර ගැලපෙනවද ? (නදී)
විපක්ෂෙ කට්ටිය කොලොත් විතරයි ඕක වරදක් වෙන්නෙ. මේක ලංකාව බව අමතක උනාද? (නදී)
ඕකට කියන්නේ පිරිසිදු ප්‍රජාතන්ත්‍ර වාදය කියලා.(නදී)
පින්තුරේ අපේ ජනාදිපති තුමා ඉන්නවා නේ , ඒක නිසා මොනවත් කරන්ඩ බැහැ නේ පොලිසියට.(නදී)
නිතිය නම් කාටත් පොදුවෙන්න ඕනැ නේද ? කළුතර විපක්සෙ කට්ටියව නම් කුදලලා පොලිසියට ගෙනත් තිබුනා මේ කට්ටිය ඉතින් ආණ්ඩු පක්ෂේ නිසා වෙන්නැති පොලෝසිය මේවා දකින්න නැත්තේ.(නදී)
සමුර්ධි නිලදාරීන්ගේ සංගමයේ සභාපති ජගත් කුමාර ජයවේවා (නදී)
පොලිසි වලට බලපෑම් කරන එක දැන් හැම ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරුන්ගේ පුර්ණ ලක්ෂණයක්. උගත් ජනතාව මෙය තේරුම් ගත යුතු කාරණයක්. මෙම පහත් දේශපාලන ක්‍රමය නිම කිරීමට නම් මොවුන්ගේ තුටු පැදුරු වලට රැවටී ඕනෑම දේකට ගැති කම් කරන අපේ ජනතාවට බුද්ධිමත්ව රටේ විනය ගැන කල්පනා කර චන්දය භාවිතා කලයුතු කාලය පැමිණ තිබේ. (නදී)
ජගත් කුමාර මහත්තයා බොහොම චාම් ජීවිතයක් ගතකරපු කෙනෙක්. දැන් මොන්ටෙරෝවලින් යන්නේ පළාත් සභා වරප්‍රසාද වලින්ද? අහිංසක සමෘද්ධි නිලධාරීන්ගේ සාමාජික මුදල් වලින්ද? (නදී)
මේවා වාර්තා කරන එක හොඳයි (දී)
චානුක මහත්මයෝ ඔයා හරියටම හරි ! (අ)
ලංකාදීපයට මල්මිටක්...නීති කඩන මිනිස්සුනට මනාප නොදීමට ජනතාවට නුවන පෑදේවා (අ)
මෙන්න ඊළඟට බලය ඉල්ලන මිනිස්සු! ගහපල්ලකෝ ඉතින් කතිරේ. ආශ්චර්යයක් කරාම යාවි. (අ)
අපිට සේවය කරන්න තියන කෑපවීම වෑඩ වලින්ම පේනව පොලිසියක් අපේ රටේ නෑති හන්ද හොඳයි (අ)
මේ ඔක්කෝම හොරු මේ අයට ඡන්දය දෙන අපට ගහන්න ඕනේ (අ)
මේක තමයි දවසේ පුවත (දී)
යුක්තිගරුක ජනහිතකාමී තව වචන තිබ්බනම් ඒවත් දායි... දාගෙන අමු අමුවේම නීති කඩයි.. උගත් කමක් නැති වුනාම මොන විනයක්ද? මොන සේවයක්ද? පුලුවන් තරම් හොකරම් කරන්න කියල තමයි බලන්නෙ.. ම වගේ අයට එකම ඡන්දයක්වත් දෙන්න එපා ගහල එලවන්න ඕනා මේ රටෙනුත්...(දී)
මේගොල්ලෝ මොන්ටෙරෝ අරන් තියෙන්නේ මන්ත්‍රී වැටුපෙන් වෙන්න ඇති නේද?(දී)
මේවාට උපරිම දඬුවම් දෙන්න (දී)