මංගල දැන්වීම්වල මනාලියන් සොයා ගොස් අපල උපද්‍රව දුරු කිරීමටත්, මනාලයා වශී කර දීමටත් ඉදිරිපත් වී රුපියල් ලක්ෂ 10ක පමණ රන් වංචා කළැයි කියන හඳහන් බලන්නෙක් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය විසින් ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අනුරාධපුර සේන පුරයේ එච් කේ රුවන් රංජන (43) එම පුද්ගලයාය.
වශී ගුරුකම සඳහා මනාලිය ලවා රන් භාණ්ඩ පහක් ඔතවා රතු රෙදි කඩක තැමීමෙන් පසු එම රන් වංචා කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු මේ ආකාරයට මාරාවිල, අනුරාධපුරය, බටුවත්ත ගෙවල් තුනකින් රන් ආබරණ වංචා කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන වලින් කහ ඉරේදී හප්පලා මිනි මරණ අයට ඇප.(නදී)
දියුණු වන සමාජයේ දිනපතා අලුත් අලුත් දේ නිතර අහන්න දකින්න ලැබීම පුදුමයක් නොවේ, පුදුමය නම් මිනිසා විසින් මිනිසා රවටා සුරා කන සහ රැවටී සුද්ධවෙන තවත් ජාතියක් ලොව ඇද්ද?..........(අ)
හොදටම හිතුවොත් කව්ද කියන්ඩ වැරදි කාරයා.(නදී)
අනේ මෙහෙමත් මොඩ වැඩ (දිල්)
සාක්ෂරතාව ඉහල තැනක ඉන්න ලාංකිකයෝ, තවමත් වල්මත් වුවන්මෙන් ,අදුරේ අතපත ගාන්නේ ඇයි කියල හිතගන්නත් අමාරුයි (දිල්)
තවමත් අපේ රටේ මිනිස්සුන්ගේ මොලය හොඳ නැහැ.(නදී)
කේන්ද්‍ර හරහා කලත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් හරහා ගියත් මේ හැම ව්‍යාසනයකටම මුල රටේ පවතින ආර්ථික අහේනිය හා එහි අවජාතක දරුවන් වන වංචාව, බොරුව, දුෂණය, ඝාතන හා හිංසාව රජ කරන නිසයි. රටක හිඳිය යුත්තේ එක පාලකයයි. ඔටුනු දැරිය යුත්තේ එක පුද්ගලයයි. මුළු ජාතියටම කිරුළු පළන්දන්න පටන් ගත් දා සිට හැමෝම පාලකයෝ වෙලා හිතු මතේට වැඩ කරනවා.(නදී)
කේන්දර හදන අයවත් දන්නේ නෑ ඒ අයට වෙන්නේ මොනවද කියලා. මේ වගේ විවිධ වංචනික මිනිසුන්ට අසුවන්නෙත් වංචනික අයමයි. මිනිසුන් වසී කරගෙන රවටා ගෙන කොහොමද පවුල් ජීවත හරියන්නේ. රැවටීම කළ හැමෝම අද පොලිසියේ සේවා අහලා දැකලා අනිත් අයවත් යමක් ඉගෙන ගන්නවා නම්.(නදී)
මේ ඔක්කොටම මුල අන්ධ විශ්වාසය. (දිල්)
අදහස් දක්වන අපිටත් කේන්දරේ බලා ගන්න වෙලා. මගේ නමින් කවුදෝ කෙනෙක් අදහස් දානවා . එකම නම තියෙන්න පුළුවනි. නමුත් මට සැකයක් තියෙනවා මගේ ඊ මේල් ගිණුම හැක් කරලා කියලා. හැමොගෙන් ම ඉල්ලන්නේ ප්‍රවේසම් වෙන්න කියලා.(නදී)