ලුණුගමිවෙහෙර සමෘද්ධි බැංකුව කොල්ලකෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් සිවිදෙනෙකුගේ ප‍්‍රහාරයකට ලක්වූ පොලිස් සැරයන්වරයෙක් රෝහල් ගත කර ඇත. අද අලුයම 12.15 ට පමණ බැංකුව ඇතුළතදී කොල්ලකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බැංකු කොල්ලය අසාර්ථක කිරීමට පොලිස් කොස්තාපල්වරුන් සමත් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනික් පොලිසිත් මේ වගේ වැඩ කරනවා නම් කොච්චර හොදද?
පොලිසියට එන යන අය වගේම ඉදලා හිටලා පොලිසියේ අයත් ගුටි කන්න වෙන එක එච්චර ගණන් ගන්න එපා
මෙන්න දකුණින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්
පොලිසිය හොදයි, ඒ වුණත් දේශපාලන ඇගිලි ගැසීම් නිසා ඔවුන්ට තම රාජකාරිය හරියට කරන්න බෑ
මෙන්න දකුණින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්.අහො මෙය පුදුමයක් නෙමෙ.හාමුදුරුවරුන්ටත් දෑන්කාලෙ දකුනෙ ජනතාව ගහන එකෙ පොලිස්සියට නොගහ ඉදියිද?මිලග දකුනෙ චන්දප්‍රතිපලය බලාපොරොත්තු වන්න.
එවිනි වීර පුතුන්ට දෙවි පිහිටයි ! පොලිසියේ හෙමෝම නරක නැහැ
පොලිසියේ මෙවෙනි හොද ක්‍රියා අහන්න ලැබීම සතුටක්
ගොඩ දෙනෙක් පොලිස්සියට බැඳෙනකොට බැඳෙන්නෙ රටේ ජනතාවට සේවයක් කිරීමේ අවංක බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒත් ඒ අය මොන දේ කලත් මිනිස්සු කවදාවත් ඔවුන්ව අගය කරන්නෑ. අහන තරමක් අහන්න වෙන්නෙ අවලාද. ඒ මදිවට දේශපාලන කැපිලි. මේ නිසා අන්තිමට ඒගොල්ලොන්ටම කලකිරෙනවා "අපි මෙච්චර මැරීගෙන වැඩ කරන්නෙ මේ වගේ මිනිස්සුන්ටද කියලා". එහෙම හිතිච්ච කෙනෙක් ආයෙ කවදාවත් කැපවීමෙන් වැඩ කරන්නෑ. පඩියට විතරක් වැඩ කරලා දරු පවුල් නඩත්තු කරනවා මිසක. ඕකයි අද රටේ ඇත්ත තත්වෙ. ඉතින් මේ නිලදාරීන්ටත් ඒ ඉරනම අත් නොවීමට අප වගබලාගත යුතුයි. තව දුරටත් ශ්‍රේෂ්ට සේවයක් කිරීමට ඔවුන්ව දිරිමත් කළ යුතුයි. ජාතියේ මුර දේවතාවෙනි, ඔබට තෙරුවන් සරනයි!
අපේ උපහාරය ! ඔහොම යන් ඔහොම යන්
ඉස්සර නම් පොලිස්කාරයෝ වැඩ කලේ එපාවෙලා වගේ . දැන් නම් පොඩි ගැම්මක් ඇවිල්ල තියෙනවා .
මමත් හරි කැමති පොලිස් නිලධාරීන්ට. ඔවුන් කරන සේවයට මමත් හද පිරි සුබ පැතුම් පතනවා, ආදරෙන් සෙනෙහසින්. මගේ අයියා කෙනෙකුත් පොලිසියේ වැඩ කරනවා. එයා වැඩ කරන්නේ නම් අම්පාර පොලිසියේ. පොලිසියේ අය හරි නිර්භීතයි. පොලිස් නිලධාරීන් යුනිෆෝම් එක ඇඳලා ඉද්දී කොච්චර ස්මාර්ට්ද. මම කැමති එයාලගේ ඒ ගතියට තමයි. නියම පිරිමියෙකුගේ හැඩරුව මනසින් දකින් හැමවිටකදීම මගේ හිතට එන්නේ යුනිෆෝම් ඇඳලා ඉන්න පොලිස් විරුවෙක්ව.දළදා සමිඳු පිහිට පතන්නම් අයියා ඔයාලාට.
මමත් නෙළුව පොලිසියේ වැඩ කරන කාලේ අපෙත් ඕ.අයි.සී. මහත්තෙක් හිටියා හරිම නිර්භීතයි එයා.ඔය වගේ සිදුවීමක් දැන ගන්න ලැබුන හැටියේ පීසී ලා නැතුව එයාම තනියෙන් ගිහින් උන් ඔක්කොම තනියෙන් කුදලාගෙන ඇවිත් කූඩුවට දානවා.මම මගේ හද පතුලෙන් ශ්‍රී ලංකා පොලිසියට සුබ පතනවා.
දිවා රෑ නොබලා ජනතාව වෙනුවෙන් කැපවුන ලුනුගම්වෙහෙර පොලිස් නිල දරුවනී, ඔබගේ සේවාව අති විශිශ්ටයි. අප සැමදා ඔබට නයගැති වෙමු....
ඇති වෙන්න ගහන්න.එතකොට දෙකේ පන්තියේ ඉදන් පන්සල් වල කරපු පිං කැට කඩපුවා ඉදලා වමාරයි
මෙන්න ඒ ගමන අචලා අක්කි පොලිස් මාමලාට කාර් අරන් දෙන්න යනවා
පිලිපීනෝ, මේ අචලා අක්කිමද දන්නෑ අර සාධුටත් කාර් අරන් දෙන්න හැදුවේ
ඇත්තටම සතුටුයි මේ වගේ නිලදාරීන් ගැන අහන්න ලැබිච්ච එක ගැන. නියම ගුණ යහපත් පොලිස්කාරයො කව්ද කියන එක ඒ අය දිහා බැලුවම කියන්න පුලුවන්. ඒ අයගෙ පෙනුමෙ තියනව අමුතුම ගාම්භීර බවක්. කෙලින් වැඩ කරන කෙනා කවදත් යන්නෙ කෙලින්. කතා කරන්නෙ බොහොම පැහැදිලව, තැනට සුදුසු විදිහට. මොකද ඒගොල්ලන්ට තමන් ගැන ලැජ්ජ වෙන්න දෙයක් නැති නිසා. හොඳ පොලිස් නිල්දාරියෙක් කියන්නෙ හොඳ මනුස්සයෙකුටයි. ඒ කියන්නෙ මනසින් උසස් කෙනෙකුටයි. ඕනම අවස්තාවකදි හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් තිරණ ගන්න පුලුවං කෙනෙකුටයි. මේ මන්කොල්ලෙ කරපු අය පොලිස් නිලදාරීන්ට පහරදීලත් එම නිල්ධාරීන් ඒ අයට කැලෑ නීතිය ක්‍රියාත්මක කරලා නැතුව උසාවි දලා. ඒ වගේ දෙයක් කරන්න කොච්චර ඉවසීමක්, විනයක් තියෙන්න ඕනද? ඔබට ජය!
ඒඩිතර කොල්ලන්ට අපේ ප්‍රණාමය!!
මේ වගේ වීරෝධාර රණ විරු අයියලා අපේ රටේ ඉන්න එක අපේම වාසනාව. මම පාසැල් යන කාලේ ඉදලාම පොලිසියට බැඳෙන්න හරිම ආසාවෙන් හිටියා නමුත් මම කෙල්ලෙක් නිසා අපේ අම්මලා තාත්තලා මට ඒකට ඉඩ දුන්නේ නැහැ.ඒ නිසා මම හිතාගෙන ඉන්නවා කවදාහරි මම බදින්නේ පොලිසියේ අයියා කෙනෙක්වමයි කියලා.ඉතින් අයියේ මම හරිම ආඩම්බර වෙනවා අයියලා කරපු මේ වීර ක්‍රියාවට.අයියලාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි.
ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව මගේ ඇත්තේ ඉතාමත් තදබල පැහැදීමක්.මෙවැනි වීරෝධාර දරුවන් පහළවීම දැයේ රටේ ජාතියේ වාසනාවක්. මගේ උතුම් දරුවනි ඔබ සැමට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට හා ආනුභාවය ලැබේවා. යෝධ ශක්තිය යෝධ වීර්යය ලැබේවා..!!!
මේ අයියලා පිළිබඳ හිතනකොට මට හරිම ආස හිතෙනවා.නියම වීරයෝ ටිකක්.මේ අයියලා ලඟ නියම පිරිමිකම තියෙනවා.අද සමාජයේ බොහෝ තරුණයෝ තරුණියන් පමණටත් වඩා කූලෑටියි.ඒ වගේ අයට අපි අකමැතියි. අපි කැමති නියම පිරිමිකම තියෙන විරුවන්ටයි.හරිම ලස්සනට නිල ඇඳුම ඇඳලා යන පොලිසියේ අයියලා දකිද්දී මට නම් කොච්චර බලා හිටියත් මදි වගේ.එතරම් මම පොලිසියේ අයියලාට දක්වන්නේ පුදුම ආදරයක්. තෙරුවන් සරණයි මගේ අයියේ ඔයාට.හැමදාම මම ඔබ එක්කමයි..
අනේ මේ ප්‍රවෘත්තිය දැක්ක වේලේ ඉදලා මට ඒ පොලිසි රණවීරයෝ දකින්න පුදුම ආසාවක් තියෙන්නේ. මම ඉස්සර ඉදලාම පොලිස් නිල ඇදුමට පුදුම විදිහට ආසා කලා.ඒ ආසාව තවමත් එහෙමමයි. අපේ අම්මලා කියන්නේ මම කවදාහරි කසාද බදින්නේ පොලිසියේ කෙනෙක්මයි ලු.ඉස්සර අපේ බාප්පා කෙනෙක් හිටියා පොලිසියේ එයා සාජන් කෙනෙක් දැන් නම් එයා පෙන්ෂන්.බාප්පා මාව ඉස්සර වඩා ගෙන නලවනකොට මට හැම වෙලාවේම පොලිසියේ ගාම්භීරබව කැපිලා පෙනුනා. එයා මාව නලවන්න කියන්නෙත් පොලිසියේ වීර කතා.මම ඒ කාලේ ඒ කතා අහන්න හරිම ආසයි.දැනුත් මම පොලිසියේ අය්යා කෙනෙක් මගදී දැක්කොත් කොච්චර හදිසි ගමනක් ගියත් ඒ ගමන නතර කරලා ඒ අය්යා එක්ක වචන කීපයක් හරි කතා කරන්න අමතක කරන්නේ නැහැ.ඇත්තටම මගේ යාලුවෝ අතර ගොඩාක් ඉන්නෙත් පොලිසියේ අය්යලා තමයි.එයාලා හරිම ස්මාර්ට්.ලස්සනයි.කඩවසම්.අනිත් පිරිමින්ට වඩා උතුම් රැකියාවක් කරන්නේ.මම මේ හැම දේකටම වඩා පොලිස් අය්යලගේ කෙලින් අවංක කමට ආදරය කරනවා.මගේ රත්තරන් අය්යලාට දළදා සමිඳු සරණයි අය්යේ. - ඔයාගේම ජීවා නංගියා
අපි නිතරම දකින්නේ මිනිස්සු පොලිසියේ අය්යලාගේ වැරදි කියනවා. නමුත් දැන් දකිනවා මිනිස්සු පොලිසියේ අය්යලාට ප්‍රශංසා කරනවා.මම හිතනවා මේ තමයි පොලිසියේ අය්යලාගේ හොඳම කාලේ කියලා පහුගිය කාලේ සිදුවූ අත්වැරදීම් අඩුකර ගෙන නිවැරදිවීමට හොඳම අවකාශය උදාවෙලා තියෙනවා.මමත් පෞද්ගලිකව පොලිස් අය්යලාට ගොඩාක් කැමතියි. හේතුව අපේ ජීවිත වලට ගොඩාක් සමීප නිසා.මොකද අපි පාසැල් යද්දී නිතරම අපේ ජීවිත වල ආරක්ෂාව රඳා තියෙන්නේ මේ පොලිස් අය්යලා නිසා කියලා මට හිතෙනවා..වාහනයක යද්දී වුනත් අපේ ආරක්ෂාව ගැන ගොඩාක් වෙහෙසන නිසාත් දිවා රාත්‍රියක් නැතුව රාජකාරියට කැපවෙලා සිදුකරන උතුම් සේවය නිසාත් පොලිස් අය්යලා ගැන මට තියෙන්නේ බලවත් සෙනෙහසක්,ඇල්මක්.ඒකට තවත් හේතුවක් තියෙනවා. ඒ මගේ පෙම්වතාත් පොලිසියේ අය්යා කෙනෙක් වීමයි.එයා මිරිහාන පොලිසියේ වැඩ කරන්නේ.පොලිසියට මම සුබ පතනවා.
මෙහෙම සිදුවීමක් උනාම තමයි මේගොල්ලන්ගෙ අගේ දැනෙන්නෙ. ඔය අය එතන හිටියෙ නැත්තන් සමුර්ධියෙ සල්ලි දාපු අහින්සක ගොවීන්ට වෙන්නෙ වහ කදුරු කන්න!
ඒකත් දකුනෙද
අනේ පොලිසියේ හැම එකෙක්ම මෙහෙම ඩියුටි කරනවානම්...ශ්‍රී ලංකා පොලිසිය වාසනාවන්
ගොනික කොළ ටිකක් අරගෙන හනිකට රෝහල යන්න ඕනෑ
හොද වෙලාවට අත් බෝම්බයක් ගහල නැත්තේ .
කලකින් අහන්න ලැබුණු දෙයක් . සරයන්ට අපේ ප්‍රණාමය සමග ඉක්මන් සුවය පතමු .
පොලිසිට හොඳ වැඩ කල හැකි , නරක දේශපාලනය නිසා පොලිසිය අසරණ වෙලා .
පොලිසිය ගොඩක් අය හොදෙයි .ඒ වගේම දක්ෂයි . දේශපාලනය නිසා පොලිසිය පොලිසියක් විදිහට කරගන යන්න බැරි වෙලා .
අහුව්ච්ච තුන්දෙනාම වව්ලගේ මගුල් ගෙදර ගිහිල්ල ඇති මේ වෙනකොට
දකුණේ පලත්සභාවක කෙනෙක් මේකට ගවිලාවත් නැද්ද .එහෙනම් පුදුමයක්
අනේ පව්. මොන තරම් අමාරු සේවයක් ද මේගොල්ලො කරන්නෙ. පොලිස් නිලදාරියාට අසාධ්‍යද ?
උතුම් ක්‍රියාවක්. මෙවැනි දක්ශ, කැපවීමෙන් වැඩ කරන නිලදාරීන්ට ජාති ජාතිත් පින් පල දේවා! තෙරුවන් සරනයි!
බැරැරුම් රැකියවක් ඒ අය කරන්නේ. ඉක්මනින් සුවපත් වේවා.
මේ අය රු. පහලොස්දාහක් වගේ තුට්ටු දෙකේ පඩියකට මෙහෙම පැය 24ක් පුරාවට ලන්කාවෙ තියෙන් අමාරුම රස්සාව කරනවා. ඒත් මේගොල්ලන්ට වඩා ලොකු ලොකු පඩි අරන් හවස 4ට ගෙදරත් යන පඩි කාරයො, දොස්තරලා පඩි වැඩි කරපියව් කිය කිය හැමදාම මහජනතාව තලනවා. අනේ මෙහෙමත් වැඩ!
මෙවැනි නිලදාරීන් මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම ගෞරවයක්...ආදර්ශයක්. ජයෙන් ජයම වේවා!
අපේ රටේ හැම පොලිස්සියක්ම ලුණුගම්වෙහෙර පොලිස්සිය වගෙ නම් කියලා වැඩක් නෑ....
ඔව් ඉතින් දැන් අයුධ පෙන්නන්නවත් ගෙනියන්න බෑනේ , යුධ අයිතිවාසිකම් කාරයෝ යකා නටනවනේ .
ඇත්තටම ඇගයිය යුතු ක්‍රියාවක්. මේක කියෝල මෙහෙමවත් මේගොල්ලන්ව දිරිමත් කලේ නැත්තම් අපිත් නිකන්ම නිකං කාලකන්නි ගානට වැටෙනවා. අද රටට ඕනෙ කරන්නෙ මේවගේ නිලදාරීන් තමයි. මනෝජ් කාරියවසම්
චික් විතරක්! සමුර්ධිය කියන්නෙ මේ රටේ අන්ත අසරණ ගොවියො තමන්ගෙ සොච්චම මුදල ඉතුරු කරන බැන්කුව. ඒ ඊලඟ කන්නෙට අවශ්‍ය පෝර ටික ගන්න, පැල ටික ගන්න. මේ මිනිස්සු ඒ සල්ලිත් හොරකම් කරනවනෙ! ඇත්තමයි ඔය වගේ එවුන්ගෙ පරම්පරාවකටවත් හරියන්නෑ. පොලිස්ස්කාරයො නොහිටින්න ඔය පලාතෙ කීදෙනෙක් මේ වෙනකොට හිඟන්නො ගානට වැටිලා ඇද්ද???
ලංකාවේ . . . අපේ පොලිසිය . . .
මේ අමරනාත්! පොලිසියට ගහපු උන් තමයි නියම වීරයො! උන්ට ජය වෙවා කියන්න !
හිතට එකඟව බලනවනම් ඕන කෙනෙක්ට පේනවා මේ රටට ඇත්තටම සේවයක් කරන්නෙ අපේ ත්‍රිවිද හමුදාවෙයි පොලිසියෙයි කොල්ලො ටික කියන එක. නමුත් අවාසනාවකට පොඩ්ඩ ඇත්තන් හැමෝම බනින්නෙත් ඒගොල්ලන්ටමයි! ඒත් ඒගොල්ලො ඒ අයගෙ යුතුකම් රටට ඉශ්ට කරනවා. ඇයි අපේ දේශපාලකයන්ට බැරි මේ අයගෙන්වත් පාඩම්ක් ඉගෙන ගන්න?
හොඳ වැඩක් . අපේ ආචාරය !