මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට සිදු විය.
ගැහැණියක මරන්නට යන බව හදිසි ඇමතුමට දැන්වූ විට පොලීසිය වහා එහි ගියේය.
සැකකරු ගෙදර දොර වසාගෙන ඇගේ බෙල්ලට පිහිය තබා සිටි අයුරු දුටු පොලීසිය එම අපරාධය නොකරන්නැයි ඔහුට කීවේය.
ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පොලීසිය ඔහුට ජනේලයකින් වෙඩි තැබීය.
ඒ අතර දොර කඩාගෙන එහි ඇතුළු වූ පොලීසියට ඔහු මන්නයකින් පහර දෙන්නට තැත් කළැයි ද, යළිත් ඔහුට වෙඩි තබා ඇතැයි ද පොලීසිය පවසයි.
දෙදෙනාම රෝහල් ගත කළ බවත් සැකකරු මිය ගිය බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රැල්ල ඔහොම තමයි (නි)
කොහොමත් අපේ ශ්‍රී ලංකන් පොලිසිය ප්‍රසිද්ධයි මින්ස්සු මරන්න. පොලිසියට හොඳින් අරන් යන කීදෙනෙක් එල්ලිලා මැරිලද? එලියට ඇවිත් දවස් දෙකෙන් මැරෙන අය නැතිනම් අල්ලන්න ගිහින් වෙඩි තියා මරා දමන බොහෝ දේ ශිස්ටාචාර පොලිසියක් බලාපොරුත්තු වීමට ශිස්ටාචාර නායකයින් පාලකයින් සහ ශිෂ්ටාචාර සමාජයක් තිබිය යුතුය. අපත් ශිස්ටාචාර විය යුතුය.(නදී)
පොලිසිය එනකම්ම බෙල්ලට මන්නය තියාගෙන හිටියද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පොලිසියේ අය ඉවසීමෙන් මේ වගේ තැන්වලදී වැඩ කරනවා නම් ජීවිත බේරගන්න හැකි වෙනවා. එංගලන්තේ පොලිසිය වගේ. (නි)
අපේ ප්‍රණාමය! තරාතිරම් නොබලා අනිත් වැරදි කරුවන්ටත් මෙම යුතුකම ඉෂ්ට කරන්න. (නි)
නියමයි (නි)
ඒ කල වැඩේ වරදක් නොවෙයි නේද (දී)
සතුටු දායක පණිවිඩයක් පොලිසියට ප්‍රනාපය ගණන්කර ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටත් එදේම කරන්න.(නදී)
මිනි මරුවන්ට අධිකරණයේ තීන්දු හොඳටම මදි. පොලීසිය ක්ෂණයකින් අදාල ස්ථානයට ළඟා වීම මේ කාලයේ හැටියට , පුදුමයට කරුණක් වුනත් අපරාධකරුවන්ට දිගටම මෙවැනි දඬුවම් ලබා දීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට සුභ පැතුම් !! (නි)
තුවක්කු දුන් නිසා ඔයින් ගියා.නැත්නම් පොලිසිය ගුටි කනවා. (නි)
මොකෙන් ඇනලද මරන්න හදලා තියෙන්නේ?(නදී)
මීට වැඩිය ලස්සනට කතන්දරේ හැදුවනම් කට ඇරගෙන අහන් ඉන්න තිබුණා. (අ)
ඇයට තුවාලයක් කිරීමට පෙර පොලීසිය එතනට ගියා නම් ඔහුට වෙඩි තබන්නේ නැතිව ඔහුව යම් ක්‍රමයකින් නවත්තන්න තිබුනේ නැද්ද?මෙතන යම් වෙනත් දෙයක් ඇතුවාට කිසිම සැකයක් නැත.වග කිවයුත්තන්ගේ අවදානය යොමුකරන්න. (නි)
මෙය සත්‍ය කතාවක් නම් පොලිස්සිය කරපු දේ 100%ක් හරි. නමුත් මෙය පවුල් ප්‍රශ්නයක්ද,තම ස්වාමි පුරුශයාද කියලා දන්නෙත් නැහැනේ. (නි)
මේ තරම් ඉක්මනින් වැඩ කරන පොලීසිය හැබෑවටම ලංකාවෙද ඕං? (නි)
හොද වැඩක්, නැති නම් තවත් නඩුවක්.(නදී)
මම හිතුවේ, මෙහෙම වෙන්නේ ඇමෙරිකාවෙ විතරමයි කියලයි. (නි)
පොලිය නෙවේ පොලිසිය.(නදී)
ලස්සනයි එක පාරින්ම මරන්න බැරි උනාද කියක් ගත්තද දන්නේ නැහැ වැඩේ.(නදී)