කොළඹ කොම්පඤවීදියේ සමිපත් බැංකුවෙන් රුපියල් කෝටියක් ගෙන යද්දී මින් මාසයකට පෙර පොලිස් වෙසින් හුනුපිටියේදී කොල්ලයක් සිදුකළ කණ්ඩායම අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට සම්බන්ධ තිදෙනෙක්ද මේ අතර සිටින බවත් දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙකු එහි මහමොලකරු බවටද තොරතුරු ලැබී ඇත.
මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.
කොළඹ ව්‍යාපාරිකයෙකු රට සල්ලි මාරුකරගෙන එද්දී මෙම කොල්ලය සිදුකර ඇත්තේ සමිපත් බැංකුවත් ඉංජිනේරු සංස්ථාවත් අතර ප්‍රදේශයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය හවුල්ද? වෙන මොන කතාද එහෙනම්? (නි)
ඔන්න තියෙනවා වැඩේ (දී)
පොලිසියත් හැදිලා තියෙන්නෙ මේ සමාජයේම කොටසකින් මිසක් අගහරු ලෝකයෙන් ආපු කොටසකින් නෙමෙයි. (නි)
රටකට ගිය කලක්! (නි)
අනේ මන්දා ඕවා? (නි)
සිදුවී ඇති හැම අපරාධයකටම ආරක්ෂක අංශයේ කෙනෙකුගේ සම්බන්ධයක් තියෙනවනේ. නුගත් කොටස් ඉන්න හැමතැනකම ප්‍රශ්න . පොලිසි වලින් වෙන හානිය අසීමිතයි. සාදාරනේට වඩා තියෙන්නේ අසාදාරනේ. පහළ සේවකයෝ වෙතින් සිදුවෙන්නෙම අසාධාරනකම්. (නි)
පොලිසියේ කොස්තාපල්ලාද? (නි)
නිතිය රකින අයම මේවා කරන කොට අපි කාටද මේ අව නඩුව කියන්නේ (දී)
අනෙක් අයට කලින් මේ කට්ටියට දඩුවම් කරලා ඉන්න (දී)
සමත මණ්ඩලයකට දන්න ඕනි ප්‍රශ්ණයක් ..............(ස)
ඔන්න ඕකනේ නිතිය රකින අය කරන වැඩ වලින් මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම නම ඉවරයි (දී)
පොලිස්පති තුමනි ජනතාවගේ අප්‍රසාදය තරාතිරම නොබලා දඬුවම් ක්‍රියාත්මක නොකරන නිසා දැඩි දඬුවම් දෙන්න (ස)
අපරාධකාරයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න පුළුවන් තරාතිරම නොබලා අල්ලනවානම්. (ස)
අලුත් රස්සාවක් ද, නිවාඩු වෙලාවට පටන් අරන් වගේ (දී)
නිතිය රකින්න අපි කියා දෙමුද (දී)
නිතිය හරි හැටි දන්නේ නැහැ වගේ (දී)
හොරා පොලිස්නේ.(නදී)
රටට හොදක්ම වෙයි මේ අය නිසා (දී)
කොහොමද අනේ මේවා නවත්වන්නේ (ස)
මේ ලුම්බිණි කියන කෙනා කොහේ ඉන්න කෙනෙක්ද ? (ස)
අපරාධ වැලක්වීමට කටයුතු කිරීම ජනතාවගේ යුතුකම හා වගකීම නේද? අඩු වශයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව. විනයට ක්‍රියාත්මක වෙනව. (ස)
බඩුම තමයි (ස)
නියම වැඩක් ලොවෙත් නැහැ.(නදී)
බොරුවට වැඩක් නැති දේවල් වලට කෑ කෝ ගහන අයට නරකද මේ වගේ දෙකදී අඩු වශයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියලවත් හොයල බැලුවොත්. ඒ පිනම ඇති නිවන් දකින්න. (නදී)
කොහොමද විනය? අති විශිෂ්ටයි සර්. (නි)
නියම කියමනක් සමන්.(නදී)
එයාලම හොරුන්ට උදවු කරනකොට හොරුන්ව කොහෙන් අල්ලන්නද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
ලෝකේ නොම්මර එකේ පොලිසියේ තවත් හපන් කමක්.(නදී)
ජනතාවගේ බඩගින්න නතර කරනතුරු මෙහෙම ඒවා නවත්වන්න බැහැ කොල්ලෝ. (නි)
හා! මම හිතුවාවගෙමයි. ඕනෑම අපරාධයකට දැන්කාලේ දේශපාලකයෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකුත්, පොලිසියත් සම්බන්ධයි. ජනාධිපති තුමනි, රාජ්‍යාරක්ෂක ලේකම්තුමනි, පොලිස්පති තුමනි, මේවා වැලක්වීමට කටයුතු කිරීම ඔබලාගේ යුතුකම හා වගකීම නේද? එසේ නොකර සිටීමෙන්, ඔබලා කෙරෙහි රටේ ජනතාවගේ අප්‍රසාදයක් ගොඩ නැගෙන බව තේරෙනවාද? කරුණාකර වහාම මේ අපරාධ රැල්ල මැඩපවත්වන්න. අපරාධකාරයින්ට තරාතිරම නොබලා අපක්ෂපාතීව දැඩි දඬුවම් දෙන්න.(නදී)
පොලිසියට ජය වේවා!(නදී)