IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිසියේ පුටු නවයකට අලුත් මුහුණු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක් පොලිස්පති විසින් මාරු කරනු ලැබ සිටිති.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස යළි පත් කර ඇති අතර පොලිස් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් එච් කේ බී මහගෙදර මහතා අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරු කර ඇත.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් සී මැදවත්ත මහතා ජාතික පොලිස් ඇකඩමියේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු මහතා මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරැ කැර ඇත.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා බණ්ඩාරවෙල කොට්ඨාසය බාරව ද, පොලිස් අධිකාරී එස් ඒ අබේවික්‍රම මහතා නුවරඑළිය කොට්ඨාෂය බාරව ද, පොලිස් අධිකාරී බී ආර් එස් ආර් නාගහමුල්ල මහතා පුත්තලම කොට්ඨාසය බාරව  ද  මාරු කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පොලිස් අධිකාරී කේ ජී ඒ අල්විස් මහතා කොළඹ වංචා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.



අදහස් (0)

පොලිසියේ පුටු නවයකට අලුත් මුහුණු

සම් Wednesday, 16 October 2013 01:52 PM

මේ පොලිස් කුට්ටම හැමදාම අනනවා. හරියට සංගීත පුටු තරඟයක් වගේ.වැඩ බාර අරගෙන මේසය අස්කරලා පුටුව පිහදාලා වාඩි වෙනකොට මාරුවක් ඇවිත්. ස්වාධීන පොලිස් කොමිසමක් නැතිව අරයට මෙයාට ඕන හැටියට කෙරෙන මාරු වලින් පොලිසිය තව තව නරක වෙනවා මිසක් හොඳක් වෙන්නේ නැහැ. (ස)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 02:48 PM

අලුත් මුහුණු වුනත් ඉඳගන්නෙ 'පරණ' පුටුවලම නේද? ඒ හින්දා එච්චර වෙනසක් වෙන එකක් නැහැ. (ස)

:       0       0

ධම්මදේශ Thursday, 17 October 2013 08:06 AM

අජිත් රෝහණ මැතිතුමනි, පසුගිය සමයේ ඔබ පොලිස් මහජන සම්බන්ධතාවයට හොද සේවයක් කළා. දැන් එම සේවය වඩාත් හොදට කරන්න ලැබේවි. සුභ පතනවා (නි)

:       0       0

ලංකා Wednesday, 16 October 2013 06:37 PM

මාධ්‍ය ප්‍රකාශක තැන වෙනස්වීම නිමිත්තක්ද? (අ)

:       0       0

ගයාන් Thursday, 17 October 2013 08:33 AM

ලොකු පුටු කොහොම වෙනස් වුණත්, පහළ නිලධාරීන්ටත් ජනතාවටත් යහපතක් නම් පෙනෙන්න නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1581 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2045 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2534 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5743 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6413 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18327 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site