IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පොලිසියේ පසුගාමී ආකල්ප වෙනස් කරන්න

පොලිස් නිලධාරීන්ගේ පවතින පසුගාමී ආකල්ප වෙනස් කිරීමට වහාම සූදානම් විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ උසස්ම පොලිස් නිලධාරීන්ට පැවසීය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් ජනාධිපති කාර්යාලයට කැඳවමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම බවට පත්කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ජනාධිපති සිරිසේන මහතා සහ උසස් පොලිස් නිලධාරීහු, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළහ.
නිතිය සහ සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාත්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙම රැස්වීමට සහභාගි වූහ.

336



අදහස් (0)

පොලිසියේ පසුගාමී ආකල්ප වෙනස් කරන්න

හේවා Saturday, 14 January 2017 09:15 PM

පොලිසියට වඩා පසුගාමී වෙන කවුරුත් නැතුවා වගේනේ ඔබතුමා කතාකරන්නේ (නි)

:       0       0

සුමුදු Saturday, 14 January 2017 09:29 PM

පොලිසිය විතරක් නෙමෙයි, මුළු රටම පසුගාමියි. මුලින්ම ඔය රටේ තියෙන කේන්දර බලිතොවිල් වැනි මිත්‍යාදෘෂ්ටික අදහස් ඉවත්කර බුද්ධිමත් බෞද්ධ දර්ශනය මිනිසුන්ට දෙන්න බලන්න. (නි)

:       0       0

හේවා Saturday, 14 January 2017 09:43 PM

මේ කියන දේවල් මේ විදිහටම වෙනවා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

රොක්සි Saturday, 14 January 2017 10:09 PM

මේවා සීමාවන්නේ කතාවට පමණක් බවයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

බටගල Saturday, 14 January 2017 10:11 PM

මෙය පුදුම රටකි. අපිට නම් ලැජ්ජයි (නි)

:       0       0

ටෙෂාන් Saturday, 14 January 2017 10:36 PM

එහෙනම් පොලිසිය මුල ඉඳලාම වෙනස් කරන්න වෙයි (නි)

:       0       0

ජනහිත Saturday, 14 January 2017 11:30 PM

යර්ස් සර්, නෝ සර්, අත්අඩංගුවට ගන්නේ නැහැ සර්, අත්අඩංගුවට ගත්තා දෙකක් ඇන්නා එ්ත් කියන්නේ නැහැ සර්... (නි)

:       0       0

ශානක Saturday, 14 January 2017 11:57 PM

අනේ අපි නොදන්නා ශ්‍රී ලංකා පොලිසිය! (නි)

:       0       0

ජයසිරි Sunday, 15 January 2017 02:11 AM

දේශපාලකයන්ට වඳින පොලිසිය ගැන මොන කතාද? (නි)

:       0       0

අජිත් Sunday, 15 January 2017 02:32 AM

රට ජාතිය පාවාදෙන, නිවට නියාලු කපටි අවස්ථාවාදී සමහර දේශපාලකයන්ගේ බොරු වලට නොරැවටී, රට පාවාදීමට නිසි පිළිතුරු දිය යුතු වේ. රටට විනකටින වංචනිකයන්ට නිසි පිළිතුරු දීමට ජාතික බලවේග සුදානම් වෙනු! ජනතාව අවදියෙන් සිටිනු! (නි)

:       0       0

උපාලි Sunday, 15 January 2017 02:44 AM

මේ රජයට දැන් සෝභිත හාමුදුරුවන්ට දුන් පොරොන්දු එහෙම මතක නැද්ද? හැමදාම මිනිස්සු රවට්ටනවා (නි)

:       0       0

ඇසළ Sunday, 15 January 2017 02:58 AM

යස් සර්... නෝ ප්‍රොබ්ලම් සර්... ත්‍රී බෑග්ස් ෆුල් සර්.... (සිංදුවක් මතක්වුණා) (නි)

:       0       0

අනුර ඉලන්කොන් Saturday, 14 January 2017 08:12 AM

පොලිස් දෙපාර්තුමේන්තුව හැම ආණ්ඩුවම පාවිච්චි කරනවා එක කව්රුත් දන්නවා (අ)

:       0       0

සෑම් Saturday, 14 January 2017 08:25 AM

ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසියට කෝල් දාන්න එපා කියලා දේශපාලුවන්ට කිව්වානම් හොඳ නැද්ද ?(අ)

:       0       0

රාධා Saturday, 14 January 2017 05:13 PM

පොලිසිය පමණක් නොවෙයි පසුගාමී වී තිබෙන්නේ (නි)

:       0       0

කරූ-කලුතර Saturday, 14 January 2017 07:38 PM

කොස්තාපල් අවුරුදු 15ම කොස්තාපල්ම තමයි. සමහර මිනිස්සු අවුරුදු 25 ක් එකම තැන. එයාලා තමයි පොලිසියේ වැඩියෙන්ම වැඩ කරන්නේ. මේක නම් අහස පොළොව නුහුලන අපරාධයක්. මොන රජය ආවත් ඔච්චර තමයි. පොඩි එකා අනුන්ගේ උසස්වීම් බල බලා හූල්ල හූල්ලා ඉන්නවා. හැන්ද තියෙන අය තමන්ට විතරයි බෙදාගන්නේ. ඉතින් පොලිසිය පසුගාමී නොවෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 236 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1908 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3558 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 577 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1618 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11051 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site