යාපනය කන්කසන්තුරේ දී අද (21) අලුයම යතුරුපැදියකින් යමින් සිටි යාපන සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට හේතු සෙවීමට රහස් පොලිසිය කැඳවා ඇත.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය යාපනයේ දී දැන් පැවැත්වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඔවුන්ගේ වැඩ ද තහනම් කළ බව රජය කියයි.යාපනයේ උසාවිය හා විශ්ව විද්‍යාල අසල ආරක්ෂාවද තර ඇත.
යාපන සරසවියේ දේශපාලන විද්‍යා පීඨයේ නඩරාසා කජාන් හා ජනමාධ්‍ය සිසු පුවන්රාජා සුලක්ෂන් කන්දරොඩේ මිය ගිය සිසුන් දෙනොය. ඔවුන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට පමණ කොකුවිල් දෙසට යතුරු පැදියෙන් ගමන් කළ බවත් යතුරු පැදිය නතර කරන ලෙස පොලිසිය අණ කළ බවත් යතුරු පැදිය නතර නොකරම ධාවනය කළ බවත් කියති.
පොලිසිය යතුරු පැදියට වෙඩි තබා ඇතැයි ද ඒ සමඟම යතුරුපැදිය පාර අසල නිවසක තාප්පයක වැදී අනතුරට පත්වී ඇතැයි ද කියති.
යාපනය මහේස්ත්‍රාත් එස්. සතීශ්කරන් මහතා සිද්ධිය වු ස්ථානයට ගොස් මරණ පරික්ෂණය පැවැත්වීය.
යාපන රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විය. යතුරුපැදිය පදවා ගෙන ගිය සිසුවාගේ හිසට වෙඩි පහර දෙකක් වැදී ඇති බවත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වු බවත් පිටුපස ආසනයේ සිටි සිසුවාට වෙඩි වැදී නැති බවත් එහෙත් ඔහු අනතුරින් ඔහු මිය ගිය බවත් වෛද්‍ය වාර්තා වල දැක්වේ.
අපක්ෂපාත පරික්ෂණයක් පවත්වන ලෙස යාපන සරසවි සිසුහු ඉල්ලති.
සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද පරික්ෂණයක් ඇරඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර දමන බහුතරයකට අවශ්‍ය නැවත යුද්දයකට රට ගෙනයාමයි (අ)
සරසවි සිසුවෙක් විදියට මට කියන්න තියෙන්නේ ජාතිවාදය වපුරන රටක අවබෝධයක් නොමැති දේශපාලුවෝ මේ වගේ සිදුවීම් තම මනාප පොරයට අවස්ථාවක් කරගන්නා බවයි. උතුරේ වුවත් දකුණේ වුවත් මියගොස් ඇත්තේ මිනිසුන්ය. පොලීසියේ රාජකාරි අපි සැවොම හොඳින් දනිමු. එබැවින් පරීක්ෂණ අවසන් වනතුරු අසත්‍ය නොපැතිරවීමට කටයුතු කරන්න (නි)
පොලිසිය හිතාගෙන ඉන්නේ එයාලා නීතියට වඩා ඉහළින් ඉන්නේ කියලා (නි)
චම්පික, මිනිස්සු කියලා සිවිල් නීති කඩන්න කාටවත් බැහැ. අරක්කු ටිකක් බීගත්තම ඔලුව ඇතුළේ තියෙන හීන එළියට එනවා. මේ වගේ දේවල් මම ඔය කියන දිහාවේදී මීට අවුරුදු ගණනකට කලින් ඇස් දෙකෙන් දැක්කා. (නි)
යෝනක, එතකොට පොලිස් අණ නොතකා ගිය අය ගැන මොනවද කියන්නේ? (නි)
රොහාන්, උතුරේ අයයි දකුණේ අයයි අතර වෙනසක් තිබෙනවා. දකුණේ අය පොලිස් අණ නොතකන්නේ අනිවාර්යෙන්ම හොර වැඩක් කරනවිට. උතුරේ අය පොලිස් අණ නොතකන්නේ මේක අපේ නිජබිම, අපට ඕනෑ විදිහටයි මෙහෙ වැඩ කියන සිතිවිල්ලෙන්. (නි)
උතුර දකුණ කියලා වෙනසක් නැහැ. පොලිස් අණ නොතකා ගිය නිසා කියලා වෙඩි තියන්න පුළුවන්කමක් නැහැ. පොලිසිය නීතියට උඩින් නොවෙයි ඉන්නේ. මේක යුද නීතිය තියෙන කාලයක් නොවෙයි. (නි)
පොලිසිය කියන දේ ඇහුවා නම් හරිනේ (නි)
මේ සිද්ධිය ජාතිවාදීව දකින්නේ නැතුව යථාර්ථවාදීව දකින්න උත්සාහ ගන්න. නවතන්නේ නැතුව යතුරුපැදිය ධාවනය කිරීම වරදක්. ඒ වගේම ඒ නිසා මහජනතාවගේ ඔලුවට වෙඩි තියන්න පොලිසියට කිසිම අවසරයක් දීලා නැහැ. (නි)
පොලිස් අණ නොතකා යනවනම් මරන්න කියල නීතියක් තියෙනවද ?. අනික ශිෂ්‍යයින් දෙන්න නිරායුධව ඉඳල තියෙනවා විතරක් නෙමෙයි ඔවුන්ගෙන් පොලිසියට කිසිම ජිවිත තර්ජනයක් සිදු වෙලත් නැහැ. මෙය මිලේච්ජ ක්‍රියාවක් (ම)
ඕක උතුර දකුණ කියලා වෙනසක් නැහැ. කොහේ කළත් වැරදියි (නි)
සහන, ඔබ වැනි බුද්ධිමත් උදවිය මේ රටේ සිටිනවා නම් මෙතරම් ප්‍රශ්න ඇති වන්නේ නැහැ. බොහෝ දෙනෙක් රටේ නීතිය නොදැන වීරයෝ වගේ අදහස් දානවා. (අ)
පොලිස් එන නොතකා ගියොත් වෙඩි තියන්න ඕනේ වාහනේ රෝද වලට. නැතිව යන මිනිස්සුන්ට නෙමෙයි. (අ)
බමුනුසේන, මහතා හරි යහපාලනය යටතේ උතුරේ සමහරු හිතාගෙන ඉන්නේ ඊලම හම්බුවෙලා උතුර උන්ගේ කියලා (අ)
ජාති වාදයක් වැඩක් නැ , පොලිසිය සම්පුර්ණයෙන් වැරදිය . ඔලුවට වෙඩිතියන්න කොහොමටවත් බැ , මේක මිනීමැරුමක්, අපේ දරුවෙකුට වුණත් වැරැද්ද වරැද්දමයි (අ)
බමුනුසේන ගේ නමටම ගැලපෙනවා අදහසුත් (අ)
පොලිසිය වරදක් කරලා තියෙන්නේ. නැවැත්තුවේ නැහැ කියල කාටවත් වෙඩි තියන්න බැහැ. පස්සෙන් පන්නල ගිහින් අල්ල ගන්න එක තමයි ඊළඟ පියවර. (ම)
බමුණුසේන විශිෂ්ටයි
ඇයි අණ නොතකා ගියේ. මහ රෑ මෝටර් සයිකලේ ටයර් හොයන්න පුලුවන්ද? පොලිසියේ හෝ හමුදාවේ කකුල් වලට, ටයර් වලට වෙඩි තියන්න උගන්වන්නෑ දැන් ඉතින් මැරයෝ බය නැතුව රෑට ආයුධ අරගන කුඩු අරගෙන යාවි වෙඩි තියලා මොකට හිරේ යනවද? (බ)
එක්තරා යුගයක මගේ කාරයටත් පොලිසියෙන් වෙඩි තිබ්බා. එ්ත් මානව හිමිකම්කාරයෝ මගේ ළඟට ආවෙවත් මම එයාලා ළඟට ගියේවත් නැහැ (නි)
මර වැඩේනේ! පොලිස් අන් නොතකන වහන් වලට මොකක්ද ලගට ගන්න පියවර මොකක්ද , කොළඹ නම් අනන්ත ඔය වගේ දේ වුණා, මෙච්චර දැඟලුවේ නෑ කවුරුත්, නාවික යන්ට දමිළයන් ගහපු එකට මොකද වෙන්නේ, එක සුළු වැරදි වලට ද වට්ටේන්නේ, අනේ මන්ද ? (අ)
අන්තවාදි සිසු ප්‍රහාරය ගැන පරික්ෂණ නොකල මානව හිමිකම් කොමිසම මේ ගැන හොයන්න උනන්දු ඇයි? (අ)
අනේ පව් තරුණ ජීවිත .මොනවද මේ වෙන්නේ . සාමයෙන් හිටියා අවුරුදු කීපයක්
ඇඹිලිපිටියෙ පොලීසිය සිදුකල මරණය පිළිබඳ පරීක්ෂණයට මේ වගේ අවධානයක් තිබුණ නෑ නේ (අ0
නවත්වන්නේ නැතුව යද්දී මොකද කරන්න ඕනෑ (නි)
රාජකාරිය නිසිලෙස ඉටුකළ පොලිස් නිලධාරීන්ට සංහිඳියාවේ නාමයෙන් අසාධාරණ කෙනෙහිළිකම් නොකරන්න. (නි)
පොලිස් අණ නොතකා යනකොට පොලිසියට තිබුනේ අහක බලාගෙන ඉන්නනෙ. එහෙම වුණා නම් ඔය මොන කරදරයක්වත් නැහැ. (නි)
එතකොට අර ඉස්සර ඇඹිලිපිටියෙ පොලීසිය ...? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා. උතුරට එක නීතියකුත්, දකුණට වෙන නීතියකුත්ද කියලා? (නි)
පොලිස් අණ නොතකා ගියානම් වෙඩි කන්න වෙන එක අහන්න දෙයක්ද? වැඩ තහනම් කළාට කමක් නෑ. ජාත්‍යන්තරේට යට නොවී සාධාරණ පරීක්ෂණයක් කරන්න. (අ)
අණ නොතකා ධාවනය කළ පමණින් වෙඩි තියන්න පුලුවන්ද ඔලුවට? ඔන්න ටයර් වලට වෙඩි තිබ්බා නම් කමක් නැහැ. මේවා නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. (නි)
මට පෙනෙන්නේ මහානායක ස්වාමින් වහන්සේලාත් ජනපති අගමැති දෙපළත් දැන් නිශ්ශබ්දව සිටියා ඇති කියායි (නි)
සාමාන්‍ය සිවිල් වැසියන්ද නීතියට ගරුකරන්න දැනගත යුතුයි (නි)
පොලිසිය වුණත් එහෙම කළා නම් වැරදියි (නි)
සාමාන්‍ය මිනිසුන්ට මෙහෙම වෙඩි තියන්න පොලිසියට අයිතියක් තිබෙනවාද? (නි)
පොලීසියේ සහ හමුදාවේ අණ නොතකා ධාවනයකළ සාජන්ට් නලලතම්බි නාට්‍ය නිෂ්පාදනය කළ නිහාල් සිල්වා මට සිහිවෙනවා. පොලීසියේ අණ නොතකා ගියා නම් වෙඩි තබන්නට පොලීසියට අවසර තිබෙන නිසානේ වෙඩි තිබ්බේ. ඉතින් ඇයි මේ ප්‍රශ්නය. (නි)
පොලිස් අණ නොකතා සෙල්ලම් දාන අය උතුරේ විතරක් නෙමෙයි දකුණේත් ඉන්නවා. ඒ අයටත් හොඳ පාඩමක්. (නි)
අපේ පොලිසිය වෙඩි තියන්න හරිම දක්ෂයි. හොඳ පුහුණුවක් ගිය ආණ්ඩුව කාලේ ලැබිලා තිබෙනවා. නැත්නම් කොහොමද නොනවත්වා යන මෝටර් සයිකල්කරුවෙකුගේ ඔලුවටම වෙඩි වදින්නේ (නි)