ඇපල්, මුද්‍රස්පලම්, දොඩම් වැනි රට පළතුරු තොග වෙළෙඳුන්ගෙන් පෙට්ටිවලින් තෝරා නරක් වු පළතුරු ඉවත් කිරීමට පෙර පොලිසිය එම පෙට්ටිවලින් කුණු පළතුරු තෝරා ගෙන තමන් උසාවියට ඉදිරිපිත් කරතියි කොළඹ පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ පවසති. ඔවුහු අද පොලිසියට විරෝධයපාමින් වෙළඳාම් කළහ.
වස විස නැති හොඳ පළතුරු අලෙවි කිරීමට වෙළෙඳුන් පෙළඹවීම තම වගකීමක් බව අසාධාරණ ලෙස කිසිවකුත් අත්අඩංගුවට නොගන්නා බවත් පොලිසිය කියයි.
පිටකොටුවේ පදික වේදිකාවේ 600ක් පමණ පළතුරු වෙළදාම් කරති.
හොඳ පළතුරු සමග නරක් වූ පළතුරු ඇති බව ද, සමහරුන් පළතුරු අඩුබරට කිරන බව ද පාරිභෝගිකයෝ පවසති. එසේම පළතුරු කල් තබා ගැනීම සඳහා විවිධ රසායනික හකතු කරන නිසා ඒවා සෞඛ්‍යාරක්ෂිත නොවන බව ද පාරිභෝගිකයෝ කියති.
නරක් වූ පළතුරු විකුණන වෙළඳුන් සේම අඩු බරට පළතුරු විකුණන වෙළෙඳුන් ද සිටිය හැකි බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමය පිළිගනී.
වැනි පුද්ගලයන්ට දඩුවම් පැමිණවීම පිළිබඳව කිසිදු විරෝධයක් තමනට නැති බවත් ඔවුහු පවසති.
එහෙත් එවැනි කාරණා පදනම් කර ගනිමින් නිවැරදිකරුවන් ද වැරදිකරුවන් බවට පත් කිරීමට තමන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ උප සභාපති එම් කේ ජෝශප් ඇන්ටන් මහතා පවසයි.
සමහර අවස්ථාවල තෝරා ඉවත් කළ කුණු බක්කියට දැමූ පළතුරු අත්අඩංගුවට ගෙන වෙළෙඳුන්ට දඩගසන බව ද ඇන්ටන් මහතා පිවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ කිසිම විටක අසාධාරණ ලෙස වෙළෙඳුන් අත්අඩංගුවට නොගන්නා බවයි. එසේම අලෙවිය සඳහා බක්කිය මත තැබූ පළතුරුවල නරක් වූ පළතුරු තිබේ නම් පමණක් අත්අඩංගුවට ගනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දවසක් නිකන් බලන්න ගිහිල්ලා, කිරල මගේ ඇගේ ගහල බලෙන්ම සල්ලි ගත්තා. ගුටි කන්නේ නැතිව බේරිලා ආවා කියල මම නම් සතුටු උණා. ආයේ පලතුරු කඩයක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ මම නම්. (ස)
ජීවක,හොද වැඩකට හොදයි කියන්න (නි)
දවසක් මම ඇපල් තෝරලා ගන්න ගිහින් කුණුහරපයෙන් බැන්නා. තව පොඩ්ඩෙන් ගුටිකන්නත් වෙනවා. (නි)
කොළඹ කුඩුකාරයන්ගේ පාරාදීසය... සාධාරන වෙළදාමක් වෙනවා කියලා හිතන්න අමාරුයි. (නි)
මුළු රටේම ඔය කුණු ඒවාට දඩ කොළ දෙනවා නම්? (නි)
මේ කූට වෙළෙන්දෝ අසරණ පාරිභෝගිකයන්ව හූරාකන හැටි යස අගේට අපි දැක්කා. දැන් එයාලා සුදනන් වෙන්න හදනවා. (නි)
අනේ මේ ලිස්ට් එකට දාන්නකෝ කෙසෙල්ගෙඩි,අන්නාසි ගෙඩි, රඹුටන්, මැංගුස්ටින් වගේ අපේ රටේ ගෙඩිත්. " ඔළුගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ " කියලා මහින්ද හාමුදුරුවෝ හිටියා නම් අහවි.."ඇස් ගෙඩි වලට නොපෙනිද මේ වස කන්නේ" කියලා ඇහුවොත් මගේ දතුත් ගලවාවිද මන්දා? (නි)
පොලිසියට මල් මිටක්! ඔය වෙළෙන්දන්ව අල්ලන්නම ඕනෑ. මට කීප දවසක්ම නරක වූ පළතුරු දුන්නා. පොලිසිය ඉදල හිටලා හරි මෙහෙම වැඩත් කරනවා. (නි)
පොලිසියේ මහත්වරුන් ගත් ක්‍රියා මාර්ගය අගය කරනවා. දිගටම මෙම වැටලීම් කරන්න. මේගොල්ලන් ඔය හොර වැඩ දිගටම කළා. ලසන්ත, කුමුදු ඔයාල කියන දේ ඇත්ත.මටත් ඔය වගේ වැඩක් උනා. රුපියල් 500 ක් දීල ඇපල් ගෙඩි හතරක් ගත්තා එතකොට ගාන රුපියල් 100 යි. මේ මිනිහ ඉතුරු රුපියල් හාරසීය දුන්නේ නැහැ. මම දුන්නේ 100 යි කියල මට තර්ජනය කළා මම ඇපල් ගෙඩි ටිකත් දාල මුදලත් දන්දීල ගෙදර ආවා.. (ස)
දවසක් මම ගත්ත කොළ පාට මිදී, ගෙදර යද්දී දම් පාට යාපනේ පොඩි මිදී වෙලා. එදා ඉඳන් මම පිටකොටුවෙන් පලතුරු ගන්නේ නෑ . ඔය මිනිස්සු හැමදාම අව්වේ වේලි වේලි පලතුරු විකුනන්නේ අසාධාරණකමෙන් හම්බ කරන සල්ලි හරියන්නේ නැති නිසා. (ස)
මගේ අදහස නම් ලංකාවේ කිසිම තැනකින් පලතුරු මිලදී නොගන්නා ලෙස මා හිතවත් ලංකාදීප පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි .හොරට කිරන /කල් තබා ගැනිමට වස විස ගසන කුණු වෙච්ච පලතුරු සල්ලි දී අරගෙන දරුණු ගනයේ වකුගඩු /අමාෂ පිලිකා මිලදී ගන්නේ මොන අමරුවකටද යන්න ඔබ බුද්ධිමත්ව සිතන්න.කෙසෙල් කැනක් කවදාවත් එක වගේ මුලසිට අග දක්වා එක විදියටම කහ පාටින් ඉදෙන්නේ නැති බව බොහෝ ශ්‍රී ලාංකික ගැමියන් දන්නා කරුණකි .මෙසේ කිරීමට කෙතරම් රසායනික ද්‍රව්‍ය යොදාගන්නවා ඇතිද ? අවසානයේ මේවා තැන්පත් වෙන්නේ කොහිද ? මෙය හැම පලතුරකටම පොදු කරුනක් බව කරුණාවෙන් සලකන්න. (ස)
අපි නොදන්නා පළතුරු වෙළෙන්දෝ? මම දවසක් හොදටම තෝරා බේරා පළතුරු ගත්තා ලෙඩෙකුට දෙන්න.ගෙදර ගිහිල්ලා බැලුවහම සේරම නරක වුණ පළතුරු තිබුනේ.මගේ ඇස් වහලා පළතුරු මාරුකරලා.ආපහු අරගෙන ගියාම මට කිවුවේ මේ අපි විකුණපු ඒවා නෙමෙයි කියල.නමුත් දවස් දෙකෙන් මේ මිනිහා කරපු හොරය අහුවෙලා වෙන පුද්ගලයෙක් මේ මිනිහට හොඳටම ගහලා පොලිසියට බාර දීලා තිබුනා. (නි)
මේ කූට වෙළෙන්දෝ අසරණ පාරිභෝගිකයන්ව රවටන හූරාකන රසායනික ව්ෂ සහිත හා නරක් වු පළතුරු කිසිම ලැජ්ජාවක් නැතිව දෙන හැටි යස අගේට අපි දැකලා තියෙනවා. ඔය වෙළෙන්දන්ගෙන් පළතුරු නොගන්න එකම තමයි හොඳ මම නම් හිතන්නේ. (ස)
පිටකොටුවේ ගොඩක් ඇපල් වෙළෙන්දෝ අපි තෝරලා දෙන මල්ල පැත්තකින් තියලා එයාලා කලින් කලවම් කරපු කුණු ඇපල් මල්ලක් තමා අපිට දෙන්නේ. ඕවා වස විස, ළමන්ට නම් දෙන්න එපා . (ස)
ලංකාවට ගිය දිනක පලතුරු ගන්ට ගියාම අපි සමඟ වාහනේ ගිය ඔක්කොම කිවේ "ඔය පලතුරු ගන්ට එපා. විස ගහලා.. වතුර බෝතලයක් ගන්ට ගියාම කීවෙත් ඔය වතුර අපිරිසිදුයි. කිසිම ප්‍රමිතියක් නැහැ. වයින් ස්ටෝර් එක ගාවට .ගියාම කීවෙත් "හපෝ ,ඕව කලවම්, බීවොත් පිස්සු හැදෙනවා කියල.ඇත්තෙන්ම අපි කිසිම දෙයක් ගත්තේ නැහැ. (ස)
ගරු ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්තුමනි, යුද හමුදාව විසින් මෙහෙය වීමෙන් කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශ වල පලතුරු වෙළද සැල් විවෘත කරවා ඒ මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට වස විස නැති හොඳ පලතුරු ටිකක් මිලදී ගැනීමට සුදුසු වටපිටාවක් ඇති කරනේනම් එය මාහැගි පුණ්‍ය කර්මයක් වන්නේමය. ස්තුතියි. (ස)
හොද වැඩක්. පිටකොටුව ගැන කවුරුත් දන්නවා. දඩ මුදල වැඩි කරන්න ඕනෑ (නි)
දුරන්ග්,! ඔබේ අදහසට මමත් කැමතියි.එය ගොඩක් වටිනා අදහසක්.ඒත් ඔයාගේ නම ....? (නි)
පිටකොටුවේ කොහොමටත් ඔය වැඩේ සිද්ධ වෙනවා. හැබැයි මේක දැනගන්න. කවුරුන් හෝ කුණු පළතුරු විකුණා එයින් ලැබුණ මුදල් හරහා තම දරුවන්ට අාහාර රැගෙන යනවාද ඔවුන්ට ඒවායේ පලවිපාක විදින්නට සිදුවේවි (නි)
පිටකොටුව ගැන කවුරුත් දන්නවා.මේ කූට වෙළෙන්දෝ අසරණ පාරිභෝගිකයන්ව රවටන හූරාකන රසායනික විෂ සහිත හා නරක් වු පළතුරු කිසිම ලැජ්ජාවක් නැතුව දෙන හැටි යස අගේට අපි දැකලා තිබෙනවා.ඔය වෙළෙන්දන්ව නීතිය ඉදිරියට ගෙනියන්න ඕනෑ.අසාධාරණයෙන් උපයන සල්ලි කවදාවත් හරියන්නේ නැහැ (නි)
චන්දි, ස්තුත්යි. කලබල වෙන්ට කාරී නැතුවා. මේක මගේ පෑනේ නම.(නදී)
කවුරුවත් සාධාරණයක් කරන්නෙ නැහැ (නි)
මම නම් කැමතියි මේ වැඩේට. අපි දන්නවනේ ඔය මුදලාලිලාගේ හැටි. එනිසා ඔය පුද්ගලයන්ගෙන් මොකුත්ම ගන්නේ නැහැ අපි නම් (නි)
ගෙන්දගම් පොළොවෙන් බදු ගන්න අයට නොමිලේ වකුගඩු ලෙඩත් ලැබෙනවා. (නි)
හොද වැඩක්. පිටකොටුව ගැන කවුරුත් දන්නවා. දඩ මුලද වැඩි කරන්න ඕනෑ (නි)
අපෝ! ඔය පිටකොටුවේ පළතුරු ගන්න තියා කඩයක් ළගින් පාරේ යන්නවත් බැහැ.පිරිමි අය නොසරුප් වදනෙන් කතා කරන්නේ.මට නම් මේවට කියන්න,පැමිණිලි කරන්න අද තැනක් නීතියක්,සදාචාරයක් නැහැ (නි)
ඔය වෙළදුන්ගෙන් සාධාරණ විදියට වෙළදාම් කරන්නේ 5-6%ක් පමණයි (නි)
අනේ! මල් පෝච්චියක කෙසෙල් ගහක් හදා ගන්නේ නැතුව වෙළෙන්දන්ට බනින කැත! (නි)
පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ ගැන නම් කියලා වැඩක් නැහැ (නි)
හොරට කිරන එකටත් මොනවාහරි කළා නම් හොඳයි (නි)
පිටකොටුවේ සාධාරණ වෙළෙදුන් ඉන්නේ ඉතා සුළු පිරිසකි. (නි)
කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියල කවුද දන්නේ නේද? (ස)
මෙතන ප්‍රධාන හේතුව මෙතන ඉන්න බොහොමයක් අය අඩු අධ්‍යාපනයක් සහිත අය වීමයි (නි)
අපි තෝරන්න කලින් මුදලාලි තෝරලා දාල, කිරල, බැග් එකටත් දාල, ගාණ කියලත් ඉවරයි.(දිල්)
වෙළඳපොලේ "කිතුල්" හකුරුත් අත්අඩංගුවට ගතයුතුයි. සුදු සීනි සමග ඉන්දියන් "තල් සක්කර" එකට එකක් දමා උණු කිරීමෙන් හදන්නේ.කිතුල් ගසක් පේනතෙක් මානයකවත් නැත. කෙසෙල් කොළයේ ඔතා රබර් පටියක් දමා ඇත (නි)
හැමතැනම කිරන්නේ හොරට. යමක් තෝරලා ගන්න ගියොත් වෙළෙඳුන්ගේ මුණ නරක් වෙනවා පළතුරු ගෙඩිය වගේම. (නි)
හොද වැඩක් (නි)
පිටකොටුවේ සාධාරන වෙළෙන්දෝ 5% ක් වත් ඉන්නවද ඇත්තටම? (නි)
ඔක්කොම හොරු. වෙළෙන්දන්ට හොද පාඩම (නි)
පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ හැමදාම වටළලා පරීක්ෂා කරන්න ඕනෑ.වැඩිදෙනෙක් වංචනික විදියට වැඩ කරන්නේ. (නි)
මං දවසක් දොඩම් වගයක් ගත්තා කපලා තිබුනා තැඹිලි පාටට. මමත් ආසාවෙන් අරගෙන ගියා. ගෙදර ගිහින් කැපුවම ගැට දෙහි පාට. (නි)