අතුරුගිරියේ අරංගල සැණකෙළියක දී රිවිර මාධ්‍යවේදී චාමර අමරසූරියට පහර දුන් බව කියන පොලිසියේ දෙදෙනාට එරෙහිව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා පොලිස්පතිට නියෝග කළේය.
අමරසූරිය කියා ඇත්තේ පොලිසියේ පිරිසක් යතුරුපැදි හා පාපැදිකරුවන් කිහිප දෙනකුට පහර දීමේ සිද්ධියක් ගැන විමසීමට ගිය අවස්ථාවේ තමා පොලිසියට රැගෙන ගොස් පැය හතරක් තිස්සේ රඳවාගෙන සිටි බවයි.
අතුරුගිරි පොලිසිය අධිකරණයට දැන්වූයේ අමරසූරිය පොලිස් සාමාජිකයකුට බලහත්කාරකම් කර පහර දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට බලහත්කාරකම් කරලා, පහරදීල ඉල්ලන් කන ජාතියේ මෝඩයෝ නැහැ ශ්‍රී ලංකාවේ.කාටද මේවා කියන්නේ දෙයියනේ ? (අ)
ඉඳලා වැඩක් නැහැ අවුස්සා ගත්තොත්,දෙබරෙට ගල් ගැහ්‍රවා වගේ තමා. (නි)
ජයතිලක, ඔබ හරි. පොලිසියට අතින් පයින් හරි වෙන ආයුධ වලින් හරි ගහන්න මාධ්‍යවේදීන් කවදාවත් එන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසගෙන් ගුටි කෑවට පොලිසිය ඒවා එළි කරන්නෙත් නැහැ වැඩිය. මාධ්‍යවේදීන් බොහොම දරුණුවට පහර දෙනවා පෑනෙන්. හැබැයි, ඒ සැබෑවටම පහර ලැබිය යුතු අයටයි. (නි)
ජයතිලක ඉල්ලන් කන මෝඩයෝ නේන්නම් ලංකාවේ ඉන්නේ බලන්නකෝ ඡන්දෙ දීල ඊට පස්සේ හූල්ල හූල්ල ඉන්න හැටි.(නදී)
එජාප මන්ත්‍රීට වෙඩි තියලා. වෙඩි තැබීමක ලකුණක් වත් නෑ. පොලීසිය. පොලිසියටත් ගැහුවලු. ගහපු ලකුණක් වත් නෑ. (ස)
ලංකාවේ පොලිසියට පිස්සෙක්වත් ගහන්නේ නැහැ.ගහනවා තියා හරි වැරැද්දක්වත් කතා කරන්න පුලුවන්ද ඔය කට්ටිය එක්ක. (නි)
බලහත්කාරකම් කර පහර දීම බොහොම වැරදියි. දෙකෙන් එකක් කර විභාගය පාස් වුණහම ඊළඟ එක කළා නම් ප්‍රශ්නයක් නැහැ (නි)