ඡන්ද උණුසුමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියයකට අධික පිරිසක් හිටි ගමන් බ්‍රහස්පතින්දා (20) මාරු කරනු ලැබ සිටිති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොසිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුයේ ස්ථානාධිපතිවරුන් 85 දෙනකු ඇතුළු නිලධරයින් පිරිසක් මාරු කළ බවයි.
නාම යෝජනාබාර දීමට පෙර ඔවුන් මාරු කැර ඇති බවත් එහෙයින් මැතිවරණ කොමසාරිස්ගේ අවසරය අවශ්‍ය නැති බවත් ඔහු කියයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සිකුරාදා (21) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවී කනස්සල්ල පළ කැර ඇත.පොලිස්පති සමඟ සාකච්ඡා කරන බවත් මාරු කළ අයගේ නම් ලයිස්තුවක් ලබා ගන්නා බවත් දේශප්‍රිය මහතා ඔවුන්ට කියා ඇත.පොලිස්පතිගේ අවසරය නැතිව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් මහින්ද බාලසුරියගේ නියෝගයෙන් ඔහු මාරු කැර ඇතැයි දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලේකම්ගේ දුවගේ විවාහ මංගල්‍ය පැවැත්වුනේ ලෝකයේ දන කුවේරයන්ට පමණක් වියදම් කරන්න පුලුවන් රජ මැදුරක් වැනි අබුඩාබි යේ "එමිරේට්ස් පැලස් " කියන තරු 7 හොටෙල් එකේ. සල්ලි කොහෙන්ද? (නදී)
මෙහේ මම ඉන්න සුවාසිලන්තේ නම් ඉස්සෙල්ලම දුවලා දුවලා ගිහින් ශ්‍රේෂ්ට කියන අධිකරණයෙන් මතය විමසන්න පුළුවන්. ඊට පස්සේ බඩු ෂුවර්. (නදී)
පැන්න මාළුවා නටනවා. හෙට අනිද්දදට මැස්සෝ වහනවා. (නදී)
ඔය මොනවා කලත් මෙදා සැරේ නම් ලොක්කට ගෙදර යන්නම වෙනවා අවරුදු දෙකකට කලින්ම. (නදී)
පවිත්‍රා මැතිනිය සමග තිබුන සම්මුක සාකච්චාවක් අන්තර්ජාලයේ තිබෙනවා. පුලුවන් නම් බලන්න තමන්ගේ මතය කියන ආකාරය ගැන. ලැජ්ජයි. (නදී)
මෙහෙම ඡන්ද තියල කොහොම අප්පා කටක් ඇරලා ලෝකෙට කියන්නේ ඔන්න අපි සාධාරණ ඡන්දයක් තිබ්බ කියල. (නදී)
නොදකිනා , නොදන්නා ,අත් නොදුටු විදේශ කුමන්ත්‍රනයයෙන් නොව ඇස පනාපිට දකිනා, අත්විඳිනා දේශීය දේශප්‍රේමී මුහුණුවරින් සිටිනා දේශීය කුමන්ත්‍රණයෙන් ගැලවෙමු (නදී)
විපක්ෂයෙන් පනින අයට ගෙවන මුදල කෝටි 50-100 දක්වා වැඩි කරලා. මොකෝ කුබුරෙන් එන අදායමෙන් ගෙවනවා කියලද? (නදී)
ඔය මොනවා කලත් මෙදා සැරේ නම් ලොක්කට ගෙදර යන්නම වෙනවා.(නදී)
ඇත්තටම සාධාරණ මැතිවරණයක් බලාපොරෝත්තුවිමත් දැන් සැක සහිතයි. පවිත්‍රා මැතිනිය මේ කලබල අස්සේ එයාගේ අමාත්‍යංශයේ අස්ථිර සේවකයෝ 5000ක් ස්තිර සේවයේ යොදවනවලු. මේවා ඔක්කොම ඇයි මේ ඡන්ද කටමුලම කරන්නේ හදන්නේ. කාව රවටන්නද ඔය වැඩ කරන්නේ. අනේ අපේ රටේ දේශපාලනයකට ගිය කලක් (නදී)
මේක අපේ රට හරි මගට ගන්න අපිට ලැබෙන අන්තිම අවස්තාව. අපි මෝඩයෝ සහ වන්දිභට්යෝ වුනොත් අපේ අනාගත පරම්පරාව අපිට සාප කරයි. (නදී)
එ්කාධිපතියෙකුගේ සපත්තුවට යට වෙනවද කියල හිතන්න කාලය ඇවිත්. (නදී)
මෙහෙම කරලද ඡන්දෙ දිනන්න හදන්නේ. ලැජ්ජයි, ලැජ්ජයි (නදී)
දැනටම බය වෙලානේ. මේ විදිහට රටේ ඡන්දයක් තියල වැඩක් නැහැනේ. (නදී)
ඒකාදිපති යුගයකට යනවා කියල දැන්මම තේරෙනවනේ.(දිල්)
මොනදේ කළත් මේ පාර නම් සොරිම තමයි (නදී)
ඉතාම නිදහස් සාමකාමී මැතිවරණයක් තියන්නයි මේ හදන්නේ (නදී)
කටුනායක මිනිස්සු මරලා වගකීම බාර අරන් ඉල්ලා අස් වෙච්ච කෙනාව ලේකම් කලේ කවුද ? (ස)
මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට රැක ගත්තට වඩා ලොකු යුද්දයක් කරන්න සිද්ද වේවි. (ස)
හොදින් හෝ නරකින් දිනන්නයි බලන්නේ.ජනතා අදිකරණය තීරණය කරවී. (ස)
මෙවර ඡන්දය දෙවන ලෝක මහා යුද්දයක් වෙනවා.අනිවාර්යෙන්ම. (ස)
ප්‍රකාශක තව මාස කිහිපයකින් කොහේ නවතීද (නදී)
ලේකම් ලඟ නීතියත් නැහැ සාමයත් නැහැ. කොහෙන්ද මෙයාට මෙච්චර බල තල. (නදී)
දැනටම බයවෙලා (නදී)
මොකද මේ අපේ රටට වෙලා තියෙන්නේ? (නදී)
පරාජය නියතයි. (ස)
මොකක්ද අපේ මාතෘ භූමියට සිද්ද වෙන්න යන්නේ.(දිල්)
බෙන් අලි,ගඩාෆි ඡන්දෙ කාලෙත් ඡන්ද වලින් විශිෂ්ඨ ලෙස ජය ලැබුවෙත් ඔය ආකාරයට තමයි.ජනතා අදිකරණය තීරණය කරාවි.(දිල්)