IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘පොලිසිය හරියට විමර්ශන කර නෑ‘

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩ දී මිය යෑමේ සිදුවීමේ පරීක්ෂණ පවත්වද්දී පොලිසියෙන් අඩුලුහුඬුකම් සිදුවී ඇතැයි රහස් පොලිසිය අද (08) ගම්පහ අතිරේක මේහ්ස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා හමුවේ පැවසීය.

අන්තරයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය  ඉදිරිපත් කළ විරෝධතාවලට පිළිතුරු දෙමින් රහස් පොලිසිය එසේ කීවේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියයට හයේ වෘත්තීය අරගලයට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණඩලය පා ගමනක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වූ බව අධිකරණයේ දී කියැවිණි.

මිය ගිය  එක් සිසුවෙකුගේ නළලේ හිල් දෙකක් ඇති බව  නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළාය. ඔහු වැටී සිටි ස්ථානයේ උල් නොතිබූ බව කී නීතීඥවරිය එසේ නම් නළලේ හිල් දෙකක් ඇතිවූයේ කෙසේදැයි ප්‍රශ්න   කළාය. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කීවේ මෙම මරණ රිය අනතුරකින් නොවූ බවට සැකයක් නැතැයි අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ  රජයේ රස පරීක්ෂක වාර්තා කර ඇති බවයි.

මිය ගිය සිසුවකු පාන්දර දෙකයි තිහට පමණත් පාදයක් සොලවනු දුටු බවට රහස් පොලිසිය සාක්කි සම්පිණ්ඩන මගින් වාර්තා කර ඇති බව ද, එසේ නම් උදේ 7.30 වනතුරු සිට මිනී කාරයකින් සිසුන් රෝහලට ගෙන යෑමට පොලිසිය කටයුතු කළේ ඇයිදැයි සැක සහිත බව ද නීතීඥවරිය කීවාය.

සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.  ඒ අනුව පැමිණිල්ල පෙබරවාරි 28 වැනි දාට කල් තැබිණි.

සිදුවීමට දැන් වසර ගණනාවක් ගත වි ඇති නිසා දීර්ඝ නඩු දිනයක් ලබා දුනහොත් තවදුරටත් සාක්කි විනාශ විය හැකි බැවින් කෙටි දිනයක් ලබා දෙන ලෙස නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඉල්ලා සිටියාය. පැමිණිල්ල අඟහරුවාදා දිනයක යළි කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙබරවාරි හත් වැනිදාට නඩුව කල් තැබූ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා එදින සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

 

 



අදහස් (0)

‘පොලිසිය හරියට විමර්ශන කර නෑ‘

දිලීප් Thursday, 08 December 2016 11:18 AM

කෝ මේ නඩු කල් යන ඒවාට විසදුම් එක්කෝ උසාවි ගණන වැඩිකළ යුතුයි නඩු අහන වෙලාව වැඩි කළ යුතුයි (හේ)

:       0       0

නුවන් Thursday, 08 December 2016 02:21 PM

පණ අදින ළමයින් දෙදෙනෙක්ද මේ මළමිනී බවට බොරුවට හඟවලා කඩිමුඩියේ මිනී කාරයකින් ගෙනගිහින් තියෙන්නේ? මේවා කරන්න මිනිසත්බව ලැබූ අයට හැකිද? (නි)

:       0       0

කමල් Thursday, 08 December 2016 07:47 AM

හරියට පරීක්ෂණ කරන්න කොහොමද? එතකොට ලොක්කෝ ටික අහුවෙනවනේ. (නි)

:       0       0

ටිකිරි Thursday, 08 December 2016 07:53 AM

අනාගත දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වුණ ඔවුන්ට අද කාත් කව්රුවත් නැහැ. දුකයි. (නි)

:       0       0

තිලක් Thursday, 08 December 2016 07:55 AM

තරුණ ජීවිත දෙකක් විනාශ කරපු/කරන්න අනුබල දුන් අයට ඒවා පළදෙයි කවදාහරි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 08 December 2016 07:56 AM

මේ දරුවන්ව ලොකුමහත් කරලා විශ්ව විද්‍යාලයට යවන්න මේ අසරණ දෙමාපියන් මොනතරම් දුක් විදින්න ඇද්ද?මේ දරුවන්ගේ දෙමාපියන් හුල්ලන වාරයක් වාරයක් පාසා මේවා කරපු අයට ශාපවේවි (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 09 December 2016 03:03 AM

ලංකාවේ උසාවි වල වැඩිපුර වෙන්නේ කල්දමන එක. එ්කට විසඳුමක් ඕනෑ. වැරදි නොකරපු අහිංසකයොත් මාස ගණන් හිරේ ඉඳලා, එළියට එනකොට පළිගැනීමේ චේතනාව නිසා නිකම්ම අපරාධකාරයෝ වෙනවා. (නි)

:       0       0

දහම් Thursday, 08 December 2016 07:57 AM

ඔහොම යමු ඔහොම යමු. 2020 වෙනකම්ම ඔහොම යමු. ඒ වෙනකොට ලක්ෂ 62න් කී දෙනෙක් ඉතිරි වෙයිද කියන එක නම් සැකයි. (නි)

:       0       0

දිලිප් Thursday, 08 December 2016 08:03 AM

සිද්ධිමය කරුණු අනුව නීතියක් පැවතුනු බව කෙසේනම් කියන්නද? වරදකාරී සිතුවිල්ලෙන් ගැළවෙනවා නම් බොරු! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 December 2016 08:39 AM

ඒ කාලයේ මෙවන් අද්භූත මිනීමැරුම් සුළු දේවල්. මේවා අල්ලාගෙන රණවිරුවන් හිරේ දාන්න යනවා කියලා කවුරුත් කෑගහනවා එහෙම නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2867 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 500 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 750 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2729 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3562 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1932 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site