මහින්ද රාජපක්ෂ අගමැතිවීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සියලු දෙනාටම ගල් ගසා මරා දමන බව ප්‍රකාශ කළැයි කියන දකුණු පළාත් මන්ත්‍රී ඩී.වී.උපුල්ට එතෙර යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (1) අවසර දුන්නේය.
ඔහුගේ නීතිඥයන්ගේ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් රුපියල් ලක්ෂ 5 ක ඇපකරයකට අත්සන් කරන ලෙසද උපුල්ට නියම කළේය.
ඔහු දැනට ඇප මත සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි එයාගේ බලාපොරොත්තු ඉටුකර ගන්න මහින්ද මහත්තයා අගමැති වුණෙත් නැහැනේ (නි)
කට හින්ද නහිනවා කිවේ කවුද ? (බ)
ඔව් අනේ එක එක හිම්හිට හිමිහිට බේරිලා යනවා. ඕකට තමයි යහපාලනය කියන්නේ. (අ)
රට යන්නේ ගල් ගහන්න පුරුදුවෙන ව්‍යපෘතියකට වෙන්න බැහැනේ. ඒ හින්දා ගිහින් ආපුවාවේ. එහෙම තමයි වෙන්න ඕනෑ.වැඩිදුර නොසිතා කියපු දෙයක් වෙනුවෙන් පළිගන්න හොඳ නැහැ. සුදුසු දඬුවම් දීම අධිකරණයට බාරදෙමු. (නි)
ඒත් එයා රට ගිහින් ආපහු එයි නේද? (නි)
පිටරටක පොලිසියකට ගල්ගහන්න කොන්ත්‍රාත් එකක් ලැබිලද දන්නෙ නැහැ නේද? (නි)
කිවුවට ගල් ගැහැවෙ නැහැනේ. එතුමා යහපාලනයෙන් සහතික කර ඇති කතාකිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳින්න ඇති. (නි)
අනේ අපේ පොලිසිය! (නි)
ලාල්ගේ අදහස දැක්කහම ලාල් ඉන්න තැන නම් හරියටම හරි කියලා හිතෙනවා (නි)
ජනතාව නිවැරදි තීන්දුව දුන්නනේ (නි)
එයාලා නම් රට යනවා එනවා.රටේ මිනිසුන්ට තමයි නාගදීපෙටවත් යාගන්න වත්කමක් නැත්තේ. (නි)
මොකද මේ හදිසියේම රට යන්නේ? (නි)
ගල් කොරියක් බලන්න යනවා වෙන්නැති. (ස)