IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිසියට වල්ලාපට්ට විකුණන්න හදලා

ආරක්ෂක ශාඛයක් වන වල්ලාපට්ට කිලෝවක් රුපියල් අනූ දහස ගණනේ කිලෝ 23ක්  පොලිස් උපාය දූතයකුට විකිණිමට ගිය මතුගම තිදෙනෙක් කළුතර අපරාද දුෂණ කොට්ඨාස අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රා මදින්නකු  හා පෙදරේරුවකු ද මේ අතර සිටින බව පොලිසිය කියයි. ලොව ඉස්තරම් සුවඳවිලවුන් නිෂ්පාදනය සඳහා වල්ලාපට්ටා ගසේ කොටස් උපයෝගී කර ගනී.



අදහස් (0)

පොලිසියට වල්ලාපට්ට විකුණන්න හදලා

ලලිත්-එස්.එල් Sunday, 29 September 2013 08:34 AM

ඔය ශාකය තහනම් තාක් කල් ගණන් වැඩි ඉහලම පෙලේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට විතරක් ඕවා විකුණලා ෂේප් වෙන විදිහේ ක්‍රමයක් නැතිව හැකි තරම් වගා කරලා අපනයනය කලොත් ලොකු විදේශ විනිමයක් හොයා ගන්න පුලුවන් නේද ? අපේ රටෙත් ඉස්තරම්ම වර්ගයේ සුවද විලවුන් කර්මාන්ත දාලා රැකියා ප්‍රශ්නේටත් සැලකිය යුතු විසදුමක් දෙන්න පුලුවන් බව නිලධාරීන් නොසිතන්නේ මොන කරුමෙකටද මන්දා.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 29 September 2013 09:11 AM

ඇයි අනේ මේවා වටිනවද අහන්නේ ? (නදී)

:       0       0

තිලක් Sunday, 29 September 2013 09:49 AM

මම වල්ල ගස් බහුලව තියෙන පලාතක කෙනෙක්. වල්ල ගස් වවන්න පුළුවන්. ඒ ගහක් ටිකක් ලොකු වෙන්න අවුරුදු පහ හයක් යනවා. ඊට පස්සේ මේකට දිලීර බෝ කරන්න පුළුවන්. ගස තුවාල කරලා නිවැරදි දිලීර වර්ගය සහිත ලී කැබැල්ලක් තියල බැන්දම බෝවෙනවා. මේක වාණිජ වගාවක් බවට පත් කරන්න තියෙන ගැටලුව ඒකයි. ඉතින් අපේ මිනිස්සු මේ ලෝකේ දෙයක් දන්නේ නැතිව මේ කැලේ වල්ල ගස් ටික කපල වනසනවා. ඒකයි මේ අපරාධයක් වෙලා තියෙන්නේ. වල්ල ගහ වඳවී යාමේ අනතුරක තිබුණු ගහක් නොවෙයි. එත් මේ බොරු ප්‍රසිද්ධිය නිසා අද තර්ජනයට ලක්වෙලා. මේ පිලිබඳ අදාළ බලධාරීන් විදිමත් වැඩ පිළිවෙලක් හදන්න ඕනේ (නදී)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 10:14 AM

වල්ලා පට්ටා සාකය වගා කිරීමට නීතියෙන් තහනම්ද?(නදී)

:       0       0

ලක්මාල් Saturday, 28 September 2013 02:25 PM

වල්ල පට්ට ඔයතරම් වටිනවද? (අ)

:       0       0

පූලස්ති Saturday, 28 September 2013 03:16 PM

හොරකම් නොකර ඒවා වික්කට අවුලක් නෑ ඉතින් (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 September 2013 03:17 PM

පතුරු ගහන්න තියෙන්නේ ,ඒ වගේම මේ සාකය බෝකරලා හොඳ විදෙස විනිමයක් අරගනත් තිබුන නේද ? (අ)

:       0       0

ධම්ම Saturday, 28 September 2013 03:31 PM

ඔය ජාතියේ රා මදින්නෝ සහ පෙදරේරුවෝ දැන් සුදු ඇඳගෙන මෙහෙ ඉන්නවා ඕන තරම්. (අ)

:       0       0

තිලක් Saturday, 28 September 2013 03:34 PM

වල්ල ගහෙන් ඔය කියන සුවඳ විලවුන් හදන්න බෑ. ඒක එම ගහට හැදෙන දිලීර රෝගයක් නිසා හටගන්නා සුවඳක්. නිරෝගී ගස්වල කිසිම සුවඳක් නෑ. මිනිසුනි වල්ල ගස් ටික විනාශ කරන්න එපා. රන් බිත්තර දැමු කිකිළිය බඩ පලල ඒක සැරේ පොහොසත් වෙන්න ගිය කතාව වගේ වෙයි. (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 28 September 2013 04:06 PM

මාරයිනේ වල්ලා පට්ටා වලටත් ගිය කලක්.(නදී)

:       0       0

ගුණේ Sunday, 29 September 2013 12:16 PM

වවාගත්ත වල්ලාපට්ට ටික විකුණා ගන්න බැරි හේතුව කුමක්ද? (නි)

:       0       0

උපාලි Saturday, 28 September 2013 04:11 PM

අපිටත් හිටවගන්න පැලයක් ගන්න තැනක් කියන්නකෝ දන්නා කෙනෙක්.(අ)

:       0       0

නදිත Saturday, 28 September 2013 04:35 PM

මෙය දැනට ලංකාවේ වගාකරනවා. අගර්වූඩ් කියල හොයල බලන්න. සමාගමේ නම කියන්න බෑ (අ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 29 September 2013 12:31 PM

මෙම ශාක වගා කිරීමට තහනමක් නැත. මේවා තෙත් බිම්වල බහුලව වැඩෙන්නාවූ ශාකයක්. මෙහි උද්භිද නාමය "ගයිරිනොප්ස් වල්ලා "යනුවෙන් හැඳින් වෙනවා. මෙම ගස්වල පත්‍ර තරමක් පළල. තුනී සහ කහ මිශ්‍ර කොළ පැහැයෙන් යුක්තයි. පිට පොත්ත පහසුවෙන් ගැලවිය හැකියි. පොත්ත නිතරම තෙත් ගතියෙන් පවතිනවා. කන්ද කොටස තරමක් තද ගතියෙන් යුක්තයි.වල්ල පට්ට ගස දේශීය ශාකයක් බව (එච් එෆ් මැක්මිලන් ගේ ට්‍රොපිකල් ගාර්ඩ්නින් ඇන්ඩ් ප්ලාන්ටින් නමැති ග්‍රන්ථයේ ) සඳහන් වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකල මේවා වගා නොකලේ මේවයේ අවශ්‍යතාවය සහ වටිනාකම හෙලිවුයේ මෙකල නිසයි . තේක්ක මහෝගනී වගා කරනවාට වඩා පහසුවෙන් වගා කල හැකි නිසා දැන් මෙම ශාක වගාව සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වීම කාලෝචිතයි. වගුරු බිම් ආශ්‍රිත ඉඩම් මේ සඳහා සුදුසුවෙයි. වසරේ එක කාලයකට දළඹු උවදුරෙන් මෙම ගස්වල පත්‍රවලට හානිවෙනවා. ඒත් ගස නොමැරී නැවත වැඩෙනවා. මෙහි වටිනාකමේ හැටියට ආරක්ෂාව පිළිබඳව වැඩියෙන් හිතන්න වෙනවා.ප්‍රායෝගික ගැටළුවක් වන්නේ එපමණයි. (නදී)

:       0       0

දුමින්ද Saturday, 28 September 2013 05:33 PM

ආර්ථික බෝගයක් ලෙස වගාකරන්න. අපේ දේවල් රැක ගන්න.(නදී)

:       0       0

ශාන්ති Saturday, 28 September 2013 06:26 PM

වල්ල පට්ටා ඒ තරම් වටිනවාද.(නදී)

:       0       0

සමන්ත දිසානායක Saturday, 28 September 2013 07:26 PM

මේවගේ වටිනා ශාක වගා කරලා විදේශ විනිමය ලබා ගන්න රජය මැදිහත් විය යුතුයි. එයට හරස් කපන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යල් පැනගිය නිලදාරීන් ඉවත් කල යුතුයි.(නදී)

:       0       0

ශාන්ති Sunday, 29 September 2013 01:25 PM

අහන්නේ දන්නෑති නිසා නේද? (නදී)

:       0       0

කිරිහාමි Saturday, 28 September 2013 07:30 PM

ඔය තුන් දෙනා තමයි පට්ට ගහන්න ඕනේ. ඔය කියන පොලිස් උපාය දුතයෝ පාර්ලිමේන්තුවට යැව්වොත් වල්ලා පට්ටා විතරක් නෙමෙයි කුඩු මුදලාලිලා / කැසිනෝ /කසිප්පු /ගංජා /ගණිකා මඩම් කාරයෝ ඔක්කොම අල්ල ගන්න පුළුවන් .(නදී)

:       0       0

චාන් Sunday, 29 September 2013 01:51 PM

වී විකුණාගන්න අපහසු ගොවින් කොටසක් නරකද ගත්තොත් වල්ල පට්ට වගාව.(නදී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 28 September 2013 08:41 PM

වල්ලා ගස ග්‍රාමීය පරිසරයේ ඉබේ වැඩෙන ගසක්.ගම්වල කිසිම කෙනෙක් ප්‍රයෝජනයට ගන්නේ නැත.රක්ෂිත වනාන්තරවල හැර ගමේ , ගොඩේ වැවී ඇති මෙම ගස්වලට ආර්ථික වටිනා කමක් ඇත් නම් කැපීමට බලපත්‍ර නීත්‍යානු කූලව දීම රජයේ ප්‍රති පත්තියයි.අපේ බාස් උන්නැහැගේ ගෙවත්තේ අඩි 3 ක් වට ඇති අඩි 25 ක් උස වල්ලා ගස විකුනන්න ක්‍රමයක් රජයෙන් ඉල්ලා සිටී.කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා මෙම ගස නීත්‍යානු කූලව විකුණන්න ක්‍රම වේදයක් සලසා දීම පොලීසි වලට වෙනත් රාජකාරී වල නිරත වීමට අවස්තාව සලසා දීමක්...වගේම ගැමියාට කීයක් හරි අතට දීමක්.කිලෝව 90,000/= ක් කියන්නේ ගැමියාට ලොතරැයියක්...වගකිව යුත්තන්ගේ කාරුණික අවධානය යොමු කිරීම කාලෝචිතයි.(අ)

:       0       0

අසෝක Sunday, 29 September 2013 02:58 PM

ඔය ගස් l වලින් පැල හදලා ගම ගෙදරකට එක ගානේ දුන්නම වගා කරගන්න කියලා ඔය ගහ වදවෙන එකක නැහැ. එතකොට ලංකාවේම කවුරු හරි ඔය ගහ හරි පොතු හරි ප්‍රයෝ අරගෙන නිෂ්පාදනයක් හදන්නත් බැරි නැහැ. එතකොට සිරිලක දේ , සිරිසැප දේ!(නදී)

:       0       0

චානක Friday, 08 January 2016 10:11 PM

වල්ලපට්ට ශාකය පිළිබඳ උනන්දුව දැනනම් ටිකක් විතර අඩුවෙලා වගෙයි. කොහොමද පහුගිය කාලේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 29 September 2013 06:02 AM

අල්ලලා පට්ට ගහන්න තියෙන්නේ. ඕනෑ අය පට්ට ගහ ගනීවි (නි)

:       0       0

තිලක් Sunday, 29 September 2013 03:59 PM

මගේ වත්තක තිබුණු ලොකු වැල්ල ගහක් හොරු කපාගෙන ගිහින් තිබුන හැබැයි එකේ දිලීර ලෙඩේ තිබිල නෑ. මෝඩ හොරු අපරාදේ ගස් විනාශ කරනවා. පස්සේ ඒ ලී කැලි ඇලකට දාල තිබුන.(නදී)

:       0       0

මසූඩ් Sunday, 29 September 2013 07:00 AM

ඉහළ මිලකට ඉල්ලලා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1252 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 521 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 651 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2249 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2196 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 913 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22619 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22555 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site