IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පවුල් 150 ක් වතුර නැතිව දුක් විඳිති

ගලේවෙල ,දඹගොල්ල , අඹගහමුලයාය සහ  දේගල්ල  ගම්මාන දෙකේ  පවුල් 150 ක් පමණ  උග්‍ර ජල හිගයකට මුහුණ පා සිටිති.

අඹගහමුල ගම්මානයේ ජනතාව සියළු ජල අවශතා කිලෝමිටර් දෙකහමාරක් දුර ගොස්  ඇළක  දිරා ගිය බැරැලයකින්  දමා තනා ගත්   ළිදකින් ද දේගල්ල ජනතාව ද එවැනිම දුරක් ගොස්  වැවි තාවුල්ලක ළිඳකින් ද  ජල අවශ්‍යතා සපුරා ගනිති.

වසර ගණනාවක සිට බලධාරීන්ට මේ පිළිබඳ දැන්වුවද ජල වශ්‍යතාවට විසදුම් ලැබී නොමැත.

මොවුන්   දිය නාන්නේ  ද සතියකට වරකි.

 

 



අදහස් (0)

පවුල් 150 ක් වතුර නැතිව දුක් විඳිති

දමිත් Tuesday, 18 February 2014 03:50 PM

අපි ඉන්නේ සෝමාලියාවේ නෙවෙයි කියල හිතාගන්න (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 18 February 2014 02:45 AM

මේ වගේ අහිංසක මිනිසුන් දුක් විදින ප්‍රශ්න රටේ කොපමණ තිබනවා ඇතිද ? ඒ ඒ ප්‍රදේසවල මන්ත්‍රීවරු ඉන්නවා, ඒ ඒ පළාත් මන්ත්‍රීවරු ඇමති වරු ඇති තරම් ඉන්නවා, ජල කළමනාකරණ කියල ඇමතිවරු ඉන්නවා, නමුත් ඒ කිසි කෙනෙක්ගෙන් මේ අහිංසක මිනිසුන්ගේ දුකට පිහිටක් නැති බව මේ රුප රාමු වලින්ම පැහැදිලි. මේවා බලලවත් ඒ මිනිසුන්ට පිළිසරණක්, යම් වැඩපිළිවෙලක් කරලා අඩුම වසයෙන් බිමට වතුර ටිකවත් ලබාදීම ඒ සියලු දෙනාගේ වගකීමක්.(අ)

:       0       0

කුමාර Wednesday, 19 February 2014 04:14 PM

තව ණයක් අරගන හරි මේ ගොල්ලන්ට බෝතල් කරපු වතුර ගිහින් දෙන්න (දිල්)

:       0       0

කීර්ති Wednesday, 19 February 2014 04:21 PM

මට නම් තේරෙන්නේ නෑ මේ රට යන්නේ කොහාටද කියල , (අ)

:       0       0

සෙනෙවි Tuesday, 18 February 2014 04:05 AM

ගමේ ලිඳ, පාර අතුරු පාරවල් ,වල වැදිලා තියෙන ඔයවල්, කඳුරු, කානු ගමේ මිනිස්සු එකතු වෙලා හදා ගන්නකො. ග්‍රාම නිලදාරී ,ප්‍රාදේශීය සභාව ,මිනිස්සුන්ගේ ශ්‍රමය යොදා ගන්න වැඩපිළිවෙලක් හදන්නකෝ. නෑ බෑ කියා කියා එක එක්කනාට ඩිමාන්ඩ් කර කර ඉන්න එපා. ඔක්කොම එකතුවෙලා ලස්සන ගමේ අත්‍යවශ්‍ය පහසුකම් ඔබලාටම හදා ගන්න පුළුවන් නේද? මේ පින්තුර දැක්කම තේරෙනවා තරබාරු ගැණු මිනිස්සු බත් ගිල ගිල ඉන්නවා මිසක් ශ්‍රමය වගුරලා වැඩ කරන පිරිසක් නොවෙයි . වෙන රටවල් බලන්නකෝ කාන්තරෙත් වගා කරනවා. අපේ රට හදන්න ජනතාවත් මහන්සි වෙන්න ඕන. කූපං පොතෙන් බත් කක ඉදල හරියන්නෑ. (නදී)

:       0       0

සිරිමා Tuesday, 18 February 2014 04:59 AM

ඔය ඡන්දය ඉල්ලගන එන අයට නිසි උත්තර දෙන්න. අපේ රටේ වගේ දේශපාලනයක් මුළු ලෝකෙවත් නැතුව ඇති. (නදී)

:       0       0

විජිත Wednesday, 19 February 2014 01:56 AM

අසරණවූ මිනිස්සු (දී)

:       0       0

කල්ප Tuesday, 18 February 2014 08:20 AM

දොම්පේ සුරෙස්ගේ කතාව හරි. රටේ බිමෙන් විසාල ප්‍රමාණයක් පාරවල් වලට යට වෙනවිට වියලි බව වැඩිවෙනවා .ජලය හිදෙනවා ගස්කොලන් අඩුවෙලා පාරවල් සහ ගොඩනැගිලි වැඩිවුණාම උණුසුම වැඩිවෙලා වතුර නැතිවේවි. මේ ගැනත් හිතනවා නම් හොඳයි.(නදී)

:       0       0

නිලුව් විතානගේ, සෞදි අරාබිය Tuesday, 18 February 2014 08:30 AM

මේ අය ඉවසන්න ඕනා. සතුටු වෙන්න ඕනා. වතුර නැතත් අපට වරායක් තියෙනවා. ගුවන් තොටුපොළක් තියෙනවා. ක්‍රිකට් ක්‍රිකට් පිටි තියෙනවා, නයිට් කාර් රේස් තියෙනවා.(නදී)

:       0       0

දුලාන් ද සිල්වා Tuesday, 18 February 2014 09:15 AM

තව හයිවේ පාරවල් හදන එක නවත්තලා මේ ම්නුස්සුට ජිවත්වෙන්න වතුර ලබාදෙන්න ඒක ලොකු පිනක්. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 18 February 2014 09:25 AM

විධුෂක මහත්තයා, ජවිපෙට ඔය ප්‍රශ්ණේ විසඳන්න කියනවා නම් ඔවුන්ට ඡන්දය දී පත් කර ගන්න. ඡන්දය වෙන කාටවත් දීලා, තව කෙනෙකුට බැන බැන ඉන්න අපේ මිනිසුන්ගේ සංප්‍රධායෙන් ඈත් වෙන්න.(නදී)

:       0       0

පුෂ්පා Tuesday, 18 February 2014 09:31 AM

නිකන් දෙවියෝ දුන්න තෑග්ගක් වගේ මේක දේශපාලකයින්ට (දී)

:       0       0

අවන්ති Tuesday, 18 February 2014 09:38 AM

නියම චන්ද තුරුම්පුව (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 18 February 2014 09:50 AM

හරි ෂෝක් කෙල්ලෝ ටිකක් ඉන්න ගමට ඉක්මනින් වතුරදෙන්න !! දුකේ බැහැ කෙල්ලෝ ටිකට නාන්නවත් නැහැනේ!!දේශපාලකයන්ට අන්තිමේදී නා ගෙන අනා ගන්න තමා වෙන්නේ!! (දී)

:       0       0

සේන Tuesday, 18 February 2014 10:38 AM

මේක එච්චර ගණන් ගතයුතු ප්‍රස්නයක් නෙවෙයි ඡන්ද කාලෙට උදලු තලක් දුන්නම ඡන්දය ගන්න පුළුවන්.(නදී)

:       0       0

ජනක Tuesday, 18 February 2014 11:15 AM

සමහරක් මෝඩ කතා කියනවා . මේ ප්‍රශ්නෙට ආණ්ඩුවවත් පාරවල්වත් පලි නැහැ. මේ වගේ වැස්ස නැති කාල මිට අවුරුදු ගණනාවකට කලිනුත් ඈවිත් තියෙනවා. මොනවා උනත් පලි ආණ්ඩුව හරියට ජිනීවා වගේ.(නදී)

:       0       0

සුසන්ත Monday, 17 February 2014 03:59 PM

මේ වගේ දේවල් රටේ වෙද්දී හිතන්න ඕනි ප්‍රශ්නයක් (දිල්)

:       0       0

කමල් Monday, 17 February 2014 04:16 PM

කොච්චරක් කියල මැති ඇමැති,පලාත් සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු ඉන්න වද? (අ)

:       0       0

රසික චමින්ද Monday, 17 February 2014 04:24 PM

ඡන්ද කාලෙට හිතන්නැතුව ගහන පැත්තට කතිරේ ගහනවා පහුවද ඉඳල ප්‍රශ්න.. දැන්වත් හිතල ඡන්දෙ දීපල්ලා (අ)

:       0       0

ගජ මැන Monday, 17 February 2014 04:25 PM

වතුර ප්‍රශ්න මොහොම අනතුරු දායකයි. වැඩිය ලොකුවට ගණන් ගන්න එපා. ඔය ගම්වල ඡන්ද කීයක් විතර තියෙනවද හැබැටම..(අ)

:       0       0

විරාජ් ඒකනායක Monday, 17 February 2014 04:29 PM

මැතිවරණ එන්නේ ඕවට උත්තරදෙන්න පුලුවන්නි කිසිදෙයක් මතක් වෙන්නෑ ඡන්දෙ දෙන්න ගියාම චුන් වෙලා කතිරේ ගහල එනවා (අ)

:       0       0

සුරේෂ් දොම්පෙ Monday, 17 February 2014 04:57 PM

තව හයිවේ පාරවල් හදන එක නවත්තල මේ ම්නුස්සුට ජිවත්වෙන්න වතුර ලබාදෙන්න ඒක ලොකු පිනක්. (අ)

:       0       0

කුසුම් Tuesday, 18 February 2014 02:03 PM

අනේ! ඇත්තමයි ජනක සමහරු මෝඩ කතා කියනවා නේද? පිරිසිදු කල වතුර බෝතල් "සුපර් මාර්කට්" වල තියෙද්දී මෙයාල ස්ටයිල් එකට කලේ උකුලේ තබාගෙන යනවා වගේ නේද මෙයා? එයාලට වතුර නැත්නම්, ඇයි අනේ, එයාල "ටොනික්" නොබොන්නේ??? (දී)

:       0       0

කුමාරි Monday, 17 February 2014 05:37 PM

දුක තමා. එත් බලන කොට නම් හරි සුන්දරයි.මේ කැලෑ ගිනි ගන්න ආකාරයට කොහොමත් වැස්ස,වතුර ගැන අවදානම මුළු රටටම ඇති වේගන එන්නේ. (අ)

:       0       0

විධුෂක Monday, 17 February 2014 09:46 PM

මුලික යටිතල පහසු කමක් වන අත්‍යාවශ්‍ය ජලය ලබාදීමට වගකිවයුත්තන් ක්‍රියා නොකරන පසුබිමක ආශ්චර්යයේ නිම්වලුලු ප්‍රසාරණය වන්නේද? (නදී)

:       0       0

විධුෂක Monday, 17 February 2014 10:04 PM

ජවිපෙ අලුත් නායකයාට විසදනවා නම් මෙන්න ප්‍රශ්න. උගුර ලේ රහ වෙනකං සමාජවාදය ගැන කෑගැසුවාට වඩා කොච්චර වටිනවද මේ අහිංසක මිනිසුන්ගේ උගුර ටිකක් තෙමන්න ප්‍රායෝගිකව ඉදිරිපත් වෙනවා නම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 544 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4207 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1971 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8706 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1474 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site