ගලේවෙල ,දඹගොල්ල , අඹගහමුලයාය සහ දේගල්ල ගම්මාන දෙකේ පවුල් 150 ක් පමණ උග්‍ර ජල හිගයකට මුහුණ පා සිටිති.
අඹගහමුල ගම්මානයේ ජනතාව සියළු ජල අවශතා කිලෝමිටර් දෙකහමාරක් දුර ගොස් ඇළක දිරා ගිය බැරැලයකින් දමා තනා ගත් ළිදකින් ද දේගල්ල ජනතාව ද එවැනිම දුරක් ගොස් වැවි තාවුල්ලක ළිඳකින් ද ජල අවශ්‍යතා සපුරා ගනිති.
වසර ගණනාවක සිට බලධාරීන්ට මේ පිළිබඳ දැන්වුවද ජල වශ්‍යතාවට විසදුම් ලැබී නොමැත.
මොවුන් දිය නාන්නේ ද සතියකට වරකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉවසන්න ඕනා. සතුටු වෙන්න ඕනා. වතුර නැතත් අපට වරායක් තියෙනවා. ගුවන් තොටුපොළක් තියෙනවා. ක්‍රිකට් ක්‍රිකට් පිටි තියෙනවා, නයිට් කාර් රේස් තියෙනවා.(නදී)
මට නම් තේරෙන්නේ නෑ මේ රට යන්නේ කොහාටද කියල , (අ)
තව ණයක් අරගන හරි මේ ගොල්ලන්ට බෝතල් කරපු වතුර ගිහින් දෙන්න (දිල්)
අසරණවූ මිනිස්සු (දී)
අපි ඉන්නේ සෝමාලියාවේ නෙවෙයි කියල හිතාගන්න (දී)
අනේ! ඇත්තමයි ජනක සමහරු මෝඩ කතා කියනවා නේද? පිරිසිදු කල වතුර බෝතල් "සුපර් මාර්කට්" වල තියෙද්දී මෙයාල ස්ටයිල් එකට කලේ උකුලේ තබාගෙන යනවා වගේ නේද මෙයා? එයාලට වතුර නැත්නම්, ඇයි අනේ, එයාල "ටොනික්" නොබොන්නේ??? (දී)
සමහරක් මෝඩ කතා කියනවා . මේ ප්‍රශ්නෙට ආණ්ඩුවවත් පාරවල්වත් පලි නැහැ. මේ වගේ වැස්ස නැති කාල මිට අවුරුදු ගණනාවකට කලිනුත් ඈවිත් තියෙනවා. මොනවා උනත් පලි ආණ්ඩුව හරියට ජිනීවා වගේ.(නදී)
මේක එච්චර ගණන් ගතයුතු ප්‍රස්නයක් නෙවෙයි ඡන්ද කාලෙට උදලු තලක් දුන්නම ඡන්දය ගන්න පුළුවන්.(නදී)
හරි ෂෝක් කෙල්ලෝ ටිකක් ඉන්න ගමට ඉක්මනින් වතුරදෙන්න !! දුකේ බැහැ කෙල්ලෝ ටිකට නාන්නවත් නැහැනේ!!දේශපාලකයන්ට අන්තිමේදී නා ගෙන අනා ගන්න තමා වෙන්නේ!! (දී)
නියම චන්ද තුරුම්පුව (දී)
නිකන් දෙවියෝ දුන්න තෑග්ගක් වගේ මේක දේශපාලකයින්ට (දී)
විධුෂක මහත්තයා, ජවිපෙට ඔය ප්‍රශ්ණේ විසඳන්න කියනවා නම් ඔවුන්ට ඡන්දය දී පත් කර ගන්න. ඡන්දය වෙන කාටවත් දීලා, තව කෙනෙකුට බැන බැන ඉන්න අපේ මිනිසුන්ගේ සංප්‍රධායෙන් ඈත් වෙන්න.(නදී)
තව හයිවේ පාරවල් හදන එක නවත්තලා මේ ම්නුස්සුට ජිවත්වෙන්න වතුර ලබාදෙන්න ඒක ලොකු පිනක්. (නදී)
මේ වගේ දේවල් රටේ වෙද්දී හිතන්න ඕනි ප්‍රශ්නයක් (දිල්)
දොම්පේ සුරෙස්ගේ කතාව හරි. රටේ බිමෙන් විසාල ප්‍රමාණයක් පාරවල් වලට යට වෙනවිට වියලි බව වැඩිවෙනවා .ජලය හිදෙනවා ගස්කොලන් අඩුවෙලා පාරවල් සහ ගොඩනැගිලි වැඩිවුණාම උණුසුම වැඩිවෙලා වතුර නැතිවේවි. මේ ගැනත් හිතනවා නම් හොඳයි.(නදී)
ඔය ඡන්දය ඉල්ලගන එන අයට නිසි උත්තර දෙන්න. අපේ රටේ වගේ දේශපාලනයක් මුළු ලෝකෙවත් නැතුව ඇති. (නදී)
ගමේ ලිඳ, පාර අතුරු පාරවල් ,වල වැදිලා තියෙන ඔයවල්, කඳුරු, කානු ගමේ මිනිස්සු එකතු වෙලා හදා ගන්නකො. ග්‍රාම නිලදාරී ,ප්‍රාදේශීය සභාව ,මිනිස්සුන්ගේ ශ්‍රමය යොදා ගන්න වැඩපිළිවෙලක් හදන්නකෝ. නෑ බෑ කියා කියා එක එක්කනාට ඩිමාන්ඩ් කර කර ඉන්න එපා. ඔක්කොම එකතුවෙලා ලස්සන ගමේ අත්‍යවශ්‍ය පහසුකම් ඔබලාටම හදා ගන්න පුළුවන් නේද? මේ පින්තුර දැක්කම තේරෙනවා තරබාරු ගැණු මිනිස්සු බත් ගිල ගිල ඉන්නවා මිසක් ශ්‍රමය වගුරලා වැඩ කරන පිරිසක් නොවෙයි . වෙන රටවල් බලන්නකෝ කාන්තරෙත් වගා කරනවා. අපේ රට හදන්න ජනතාවත් මහන්සි වෙන්න ඕන. කූපං පොතෙන් බත් කක ඉදල හරියන්නෑ. (නදී)
මේ වගේ අහිංසක මිනිසුන් දුක් විදින ප්‍රශ්න රටේ කොපමණ තිබනවා ඇතිද ? ඒ ඒ ප්‍රදේසවල මන්ත්‍රීවරු ඉන්නවා, ඒ ඒ පළාත් මන්ත්‍රීවරු ඇමති වරු ඇති තරම් ඉන්නවා, ජල කළමනාකරණ කියල ඇමතිවරු ඉන්නවා, නමුත් ඒ කිසි කෙනෙක්ගෙන් මේ අහිංසක මිනිසුන්ගේ දුකට පිහිටක් නැති බව මේ රුප රාමු වලින්ම පැහැදිලි. මේවා බලලවත් ඒ මිනිසුන්ට පිළිසරණක්, යම් වැඩපිළිවෙලක් කරලා අඩුම වසයෙන් බිමට වතුර ටිකවත් ලබාදීම ඒ සියලු දෙනාගේ වගකීමක්.(අ)
ජවිපෙ අලුත් නායකයාට විසදනවා නම් මෙන්න ප්‍රශ්න. උගුර ලේ රහ වෙනකං සමාජවාදය ගැන කෑගැසුවාට වඩා කොච්චර වටිනවද මේ අහිංසක මිනිසුන්ගේ උගුර ටිකක් තෙමන්න ප්‍රායෝගිකව ඉදිරිපත් වෙනවා නම්. (නදී)
මුලික යටිතල පහසු කමක් වන අත්‍යාවශ්‍ය ජලය ලබාදීමට වගකිවයුත්තන් ක්‍රියා නොකරන පසුබිමක ආශ්චර්යයේ නිම්වලුලු ප්‍රසාරණය වන්නේද? (නදී)
දුක තමා. එත් බලන කොට නම් හරි සුන්දරයි.මේ කැලෑ ගිනි ගන්න ආකාරයට කොහොමත් වැස්ස,වතුර ගැන අවදානම මුළු රටටම ඇති වේගන එන්නේ. (අ)
තව හයිවේ පාරවල් හදන එක නවත්තල මේ ම්නුස්සුට ජිවත්වෙන්න වතුර ලබාදෙන්න ඒක ලොකු පිනක්. (අ)
මැතිවරණ එන්නේ ඕවට උත්තරදෙන්න පුලුවන්නි කිසිදෙයක් මතක් වෙන්නෑ ඡන්දෙ දෙන්න ගියාම චුන් වෙලා කතිරේ ගහල එනවා (අ)
වතුර ප්‍රශ්න මොහොම අනතුරු දායකයි. වැඩිය ලොකුවට ගණන් ගන්න එපා. ඔය ගම්වල ඡන්ද කීයක් විතර තියෙනවද හැබැටම..(අ)
ඡන්ද කාලෙට හිතන්නැතුව ගහන පැත්තට කතිරේ ගහනවා පහුවද ඉඳල ප්‍රශ්න.. දැන්වත් හිතල ඡන්දෙ දීපල්ලා (අ)
කොච්චරක් කියල මැති ඇමැති,පලාත් සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු ඉන්න වද? (අ)