විවාහය කඩාකප්පල් කිරීමේ වරඳට වන්දි වශයෙන් රුපියල් කෝටී එකහමාරක් නීත්‍යනුකූල සැමියා වන ව්‍යාපාරිකයකුට ගෙවන ලෙස අනියම් සැමියා වන ගුවන් යානා ඉංජිනේරුවකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ නුගේගොඩ දිසා අධීකරණයේ හා අභියාචනාධීකරණය තීන්දුවක් තහවුරු කරමිනි
අනියම් සැමියා සහ බිරිය හෝටලයක සිටියදී පොලීසිය කැඳැවු සැමියා ඉන් පසු බිරියගෙන් දික්කසාද වීමට නඩු පැවරීය.
රුපියල් දෙකෝටියක වන්දියක් සැමියාට ගෙවන ලෙස අනියම් සැමියාට නියම කරමින් දිසා අධිකරණය තීන්දු කළේය.
එම තීන්දුවට එරෙහිව අනියම් සැමියා අභියාචනා අධිකරණයට ඇපෑල් ගත්තේය.
ඈපෑලේ තීන්දුව ද නොවෙනස් විය.අනියම් සැමියා හා බිරිය ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළහ.
වන්දිය රුපියල් කෝටි එකහමාරක් දක්වා අඩු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනියම් සැමියාගේ හා අනියම් බිරියෙගේ ඈපෑල ඉවත දැමීය.
මොහාන්පීරිස් අග විනිසුරු කේ ශ්‍රී පවාන් හා රෝහිණි මාරසිංහ යන විනිසුරුවරු විනිශ්චය මණ්ඩලයට අයත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු පන්චස්කන්දයකට රුපියල් කෝටියක්. ආයෙත් ගියොත් ඉවරයි.(නදී)
මට පේන්නේ මේක ප්‍රෝඩාවක්. සල්ලි ගෙව්වට පස්සේ ගෑණි ආපහු ගෙදරට එයි වගේ.(නදී)
ගැහැනුන්ගේ වටිනාකම තවත් ඉහල යන වැඩක්.(නදී)
කොල්ලනේ කරන දෙයක් පරෙස්සමෙන් පේනවා නේද වෙලා තියන වීන්නැහිය.(නදී)
නියෝගය මුදල ගෙවන්න පමණි. පසුව දෙන්නාටම සමාන අයිතිය. ඒකත් නරකම නැත.(නදී)
අමර අහනවා ගෑනිට දඬුවමක් නැද්ද කියලා.එයාට ලැබෙයි මදි නොකියන්ට. මිනිහා කවුරු වුනත් නියම ප්‍රේමවන්තයෙක් හෙවත් ගොන් මිනිහෙක්! (අ)
ඔය වගේ පවුල් කඩන අය කොච්චර ඉන්නවද අනියම් සැපට විතරක් (අ)
ලංකාවේ වටිනාම විවාහක කාන්තාව .(දී)
ශික් ! ඔය වගේ ගැනියෙක් හොයා ගත්තනම් ගොඩ . (දී)
ඔන්න මට එහෙම නෙමේ මේක උනේ හරිද ?. (දී)
"නීතිය හරියට කල නීතිඥ වරුන්ට මගේ සුබ පැතුම්... (දී)
ලක්ෂ 150 බුදු අම්මෝ, මට බයත් හිතෙනවා (දී)
අයියෝ ! කෝටි එකහමාරක් ගෙවන්න වුනේ මේක වයිරෝඩියක්ද,රත්තරන්ද ,නැත්නම් ප්ලටිනම්ද ???????? අනේ මන්ද (දී)
මෙහි වන්දි මුදල ලැබීමට හිමිකම් ලැබූ විවාහක කතගේ සැමියා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙම නඩුවේ පැමිණිලිකරුය. වන්දිය ගෙවීමට නියම වූ අනියම් සැමියා පානදුරේ පදිංචි ගුවන්සේවා සමාගමක පියාසර ඉංජිනේරුවෙක්. විවාහකයකු වන ඔහුගේ බිරිඳ මෑතදී ඔහු අතහැර දමා විදේශ ගතවී ඇත. (දී)
ගෑණිට දඩුවම් නැද්ද? (නදී)
සරසිට නම් පොඩ්ඩක් තරහ ගිහින් වගේ. මොකද දන්නේ නෑ. (නදී)
අනියම් සැමියා සහ බිරිය සිටින හෝටලය දැන ගත්තේ කොහොමද? (නදී)
කොහෙන් ගියත් ඒ ගෑනු කෙනා ගොඩ (දී)
තවත් ආරංචියක් කියන්නේ මේ කතාවේ අනික් පැත්ත . වැරදි කාරය ගුවන් ඉංජිනේරුවලු. නියම සැමියා ව්‍යාපාරිකයලු. තව ටිකක් සොයා බලන්න. (නදී)
ලොකු ලොකු මිනිස්සු උනාම ලොකු ලොකු ගණන් වලින් එපයි වැඩ සිද්ද වෙන්න (දී)
ශත 10යි පත්තරේ පවුල් කැඩූ විස්තරේ... කසාදෙ හොඳටම තිත්ත වෙලා ඉන්න අඹු සැමියන්ට වල ඉහගෙන කන්න හොඳ කාලයක් එනවා වගේ. (නදී)
මෙහි වන්දි මුදල ලැබීමට හිමිකම් ලැබූ විවාහක කතගේ සැමියා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. (දිල්)
දැන් තියෙන්නේ අනියම් සැමියාගේ පරණ නෝනාටත් නඩු දාන්න . එයාගෙනුත් බර ගානක් ගත්ත නම් අනුන්ගේ පවුල් කඩන අයත් ටිකක් හරි ඉස්සරහට අඩු වේවි.(දිල්)
දෙන්නගෙම පෑලෑනක්ද දන්නේ නෑ (දිල්)
දැන් මේ ප්‍රතිචාර දාල තියන සත් ගුණවත් මහත්වරු ඔක්කොම තමන්ගේ නෝනට ද්‍රෝහී නොවුණු උත්තම පුරුෂයෝද කියන්න බලන්න. අර පව් කාරයට ගල ගහන්න වගේ අනියම් පුරුශයටම විතරක් වරද පටවන එක හරිද. අපි නොදන්නා පැති ගොඩක් මේ සිද්දියේ ඇති. එතකොට ගමේ ගොඩේ මිනිහෙකුට මේ දෙය වුනා නම් වන්දි ගෙවන්නේ අහවල් එක විකුනලද. මේවා සමාජ ඛේදවාචක. ප්‍රස්න දිහා පටු විදිහට නොබලා ගැඹුරින් බලන්න පුරුදු වෙන්න. අපි බලන්න ඕන බිඳුණු පවුල් එකතු කරන්න මිස ඒ පවුල් ජීවිත විනාස කරන්න නෙවේ. කවුරුත් රහත් වෙලා නැහැ වැරදී නොකරන්න.(නදී)
ගෙයි පඩික්කම තියෙද්දි ජනේලෙන් කෙළ ගහන්ඩ යනවට හොදම වැඩේ (දිල්)
මංගල...ඔබ හරියටම හරි.ලංකාවේ බහුතරයක් මේ වැඩේ කරනවා. ඒ උනාට කතාව බෝ පැල වගේ. (අ)
අන්න මරු වැඩේ.(නදී)
අනේ පුලුවන් නම් කව්රුහරි මගේ පවුලත් කඩන්නකෝ.(නදී)
උම්බලකඩ මාංසේ කෑවා නම් දුක විදපන් පුසෝ.(නදී)
කෙටුව නේද කෙහෙල් ගහට.(නදී)
හොඳ වැඩේ. කෝටි එක හමාරක් දීලා ගැහැණියක් ගන්න වෙලා.(නදී)
මට එච්චර ගෙවන්න සල්ලි නැහැ.(නදී)
නියමයි! (නදී)
කාලා වරෙල්ලකෝ.(නදී)
මේක හොඳ පාඩමක් අනුන්ගේ බිරින්දෑවරුන්ට තට්ටු කරන්නන්ට.(නදී)
මේ වගේ ගැහැණු නිසා තමයි මිනිස්සු තිරිසන් වෙන්නේ.(නදී)
තහනම් ගහේ ගෙඩි කන මිනිස්සුන්ට හොඳම හොද පාඩම. ගෑනු මනුස්සයට මේ මිනිහත් නෑ අර මිනිහත් නෑ. අනියම් මනුස්සයාට ගෑනු ආයේ ඕනේ නෑ. ස්වාමියට හොඳ කසාදයක් කරගන්න පුළුවන් ඉස්සරහට.(නදී)
හොරෙන් කෑවා වගේ නෙවෙයි බිල ගෙවන්න ගියාම තරු පෙනෙනවා.(නදී)
අනුන්ගේ පවුල් කඩන පව්කාරයන්ට දිය යුතු නියම උත්තරයක් දිලා තියෙනවා. ඔබට ජය.(නදී)
ලොකු ලොකු අයගේ පවුල් වලත් මේවා ගේ වැඩ වෙනවද අප්පේ ? (නදී)
මෙච්චර වටින ගැණු ලංකාවේ ඉන්නවද ? මන් නම් ගැනියෙක් දිහා හැරිලාවත් බලන්නේ නැහැ.(නදී)
රටේ ලක්ෂ ගණනක් අවිවාහක කතුන් සිටියදී අනුන්ගේ පවුල් කඩා බිඳ දමන්නන්ට ඉතා හොඳ පාඩමක්. (නදී)
නියම තීන්දුවක් අරගන තියන්නේ. තමාගේ මනුස්සයා ගෙදර ඉද්දි යනවාට හොඳ වැඩේ.(නදී)
දැන් ඉතින් අලුත් ජෝඩුව මරා ගනීවි අයියෝ සල්ලි .(නදී)
තට්ටු පනින්නන්ට දීලා තියෙන්නේ පාඩමක් හා නියම දඬුවමක්. මේ තීන්දුව දැකලා පරණ බිරිඳත් දික් කසාද නඩුවක් දමලා වන්දියක් ඉල්ලුවොත් තමා දෙවියන් සිහිවෙන්නේ.(නදී)
හොඳ වැඩේ. මේ අයට ඔහොම වෙලා මදි.(නදී)
සැරද අධිකරණය...!!! (නදී)
කොහොම උනත් කට්ටියට ආදායම් මර්ගයයක් සකසා ගන්න හොද ක්‍රමයකට මග පාදල දීල තියෙනවා. (නදී)
මේ කාන්තාව මෙහෙම යන එකට එයාගේ මහත්තයත් වග කියන්න ඕනේ. මොන ප්‍රශ්න තිබුනද කියලා දන්නේ දෙන්නම තමයි. මේ අදහස් දාන මහත්තරුගේත් චරිතේ හොද වෙන්නේ එයාලගේ හොර අහුනොවී තියෙන කන් විතරයි.(නදී)
රුපියල් කෝටි එකහමාරට ගැහැණු කී දෙනෙක් ගන්න තිබුනද අම්මපා.(නදී)
හමුවුන මුල්ම දවසේ සම්මුඛ පරික්ෂනයක් කරන මනුස්සයා ඉන්නවද ,මැරිලද, එක්තැන් වෙලාද,නඩත්තු වෙන දරුවෝ ඉන්නවද කියල මුලින්ම හොයල බලන්නේ නැතිව යනවට හොදම වැඩේ.(නදී)
නිහාල්, මට මතක් උනා විහිලු කතාවක්, කෙනෙක් කිවලු ;මම නම් ගැහැනියක් දිහා ඇහැක් ඇරලා බලන් නැහැ; කියලා, බැලින්නම් මිනිහ බලන්නෙම ඇහැක් වහල්ලු. (නදී)