IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි

විවාහය කඩාකප්පල් කිරීමේ වරඳට වන්දි වශයෙන් රුපියල්  කෝටී එකහමාරක් නීත්‍යනුකූල සැමියා වන ව්‍යාපාරිකයකුට ගෙවන ලෙස අනියම් සැමියා වන ගුවන් යානා ඉංජිනේරුවකුට   ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ  නුගේගොඩ දිසා අධීකරණයේ හා අභියාචනාධීකරණය තීන්දුවක් තහවුරු කරමිනි

අනියම් සැමියා සහ බිරිය හෝටලයක සිටියදී පොලීසිය කැඳැවු සැමියා ඉන් පසු බිරියගෙන් දික්කසාද වීමට නඩු පැවරීය.

රුපියල් දෙකෝටියක වන්දියක් සැමියාට ගෙවන ලෙස අනියම් සැමියාට නියම කරමින් දිසා අධිකරණය තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව අනියම් සැමියා අභියාචනා අධිකරණයට ඇපෑල් ගත්තේය.

ඈපෑලේ තීන්දුව ද  නොවෙනස් විය.අනියම් සැමියා හා බිරිය ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළහ.

වන්දිය රුපියල් කෝටි එකහමාරක්  දක්වා  අඩු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනියම් සැමියාගේ හා අනියම් බිරියෙගේ ඈපෑල ඉවත දැමීය.

මොහාන්පීරිස් අග විනිසුරු කේ ශ්‍රී පවාන් හා රෝහිණි මාරසිංහ යන විනිසුරුවරු විනිශ්චය මණ්ඩලයට අයත් වුහ.



අදහස් (0)

පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි

සුමේද Thursday, 13 February 2014 04:38 PM

උම්බලකඩ මාංසේ කෑවා නම් දුක විදපන් පුසෝ.(නදී)

:       0       0

ගාමිනී Friday, 14 February 2014 05:38 AM

සරසිට නම් පොඩ්ඩක් තරහ ගිහින් වගේ. මොකද දන්නේ නෑ. (නදී)

:       0       0

රකිත් Friday, 14 February 2014 05:52 AM

අනියම් සැමියා සහ බිරිය සිටින හෝටලය දැන ගත්තේ කොහොමද? (නදී)

:       0       0

නිරාන් Thursday, 13 February 2014 04:47 PM

කෙටුව නේද කෙහෙල් ගහට.(නදී)

:       0       0

ප්‍රේමසිරි Thursday, 13 February 2014 04:50 PM

හොඳ වැඩේ. කෝටි එක හමාරක් දීලා ගැහැණියක් ගන්න වෙලා.(නදී)

:       0       0

සුදේශ් Thursday, 13 February 2014 04:51 PM

මට එච්චර ගෙවන්න සල්ලි නැහැ.(නදී)

:       0       0

විමල Friday, 14 February 2014 07:33 AM

කොහෙන් ගියත් ඒ ගෑනු කෙනා ගොඩ (දී)

:       0       0

නන්ද Thursday, 13 February 2014 04:53 PM

නියමයි! (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 13 February 2014 05:02 PM

කාලා වරෙල්ලකෝ.(නදී)

:       0       0

රොහාන් Thursday, 13 February 2014 05:04 PM

මේක හොඳ පාඩමක් අනුන්ගේ බිරින්දෑවරුන්ට තට්ටු කරන්නන්ට.(නදී)

:       0       0

සංජීව Thursday, 13 February 2014 05:08 PM

මේ වගේ ගැහැණු නිසා තමයි මිනිස්සු තිරිසන් වෙන්නේ.(නදී)

:       0       0

සඳරුවන් Thursday, 13 February 2014 05:13 PM

තහනම් ගහේ ගෙඩි කන මිනිස්සුන්ට හොඳම හොද පාඩම. ගෑනු මනුස්සයට මේ මිනිහත් නෑ අර මිනිහත් නෑ. අනියම් මනුස්සයාට ගෑනු ආයේ ඕනේ නෑ. ස්වාමියට හොඳ කසාදයක් කරගන්න පුළුවන් ඉස්සරහට.(නදී)

:       0       0

සේන Thursday, 13 February 2014 05:22 PM

හොරෙන් කෑවා වගේ නෙවෙයි බිල ගෙවන්න ගියාම තරු පෙනෙනවා.(නදී)

:       0       0

සුජිත්-මිලානෝ Thursday, 13 February 2014 05:25 PM

අනුන්ගේ පවුල් කඩන පව්කාරයන්ට දිය යුතු නියම උත්තරයක් දිලා තියෙනවා. ඔබට ජය.(නදී)

:       0       0

ගැමුණු Thursday, 13 February 2014 05:28 PM

අන්න මරු වැඩේ.(නදී)

:       0       0

නැනී Friday, 14 February 2014 08:18 AM

තවත් ආරංචියක් කියන්නේ මේ කතාවේ අනික් පැත්ත . වැරදි කාරය ගුවන් ඉංජිනේරුවලු. නියම සැමියා ව්‍යාපාරිකයලු. තව ටිකක් සොයා බලන්න. (නදී)

:       0       0

නිහාල් ජෙනෝවා Thursday, 13 February 2014 05:42 PM

මෙච්චර වටින ගැණු ලංකාවේ ඉන්නවද ? මන් නම් ගැනියෙක් දිහා හැරිලාවත් බලන්නේ නැහැ.(නදී)

:       0       0

ජෙරාඩ් Thursday, 13 February 2014 05:43 PM

රටේ ලක්ෂ ගණනක් අවිවාහක කතුන් සිටියදී අනුන්ගේ පවුල් කඩා බිඳ දමන්නන්ට ඉතා හොඳ පාඩමක්. (නදී)

:       0       0

ගුණපාල Thursday, 13 February 2014 05:45 PM

නියම තීන්දුවක් අරගන තියන්නේ. තමාගේ මනුස්සයා ගෙදර ඉද්දි යනවාට හොඳ වැඩේ.(නදී)

:       0       0

යොහාන් Friday, 14 February 2014 08:33 AM

ලොකු ලොකු මිනිස්සු උනාම ලොකු ලොකු ගණන් වලින් එපයි වැඩ සිද්ද වෙන්න (දී)

:       0       0

දිනේෂ් Thursday, 13 February 2014 05:55 PM

දැන් ඉතින් අලුත් ජෝඩුව මරා ගනීවි අයියෝ සල්ලි .(නදී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 13 February 2014 06:00 PM

තට්ටු පනින්නන්ට දීලා තියෙන්නේ පාඩමක් හා නියම දඬුවමක්. මේ තීන්දුව දැකලා පරණ බිරිඳත් දික් කසාද නඩුවක් දමලා වන්දියක් ඉල්ලුවොත් තමා දෙවියන් සිහිවෙන්නේ.(නදී)

:       0       0

අජ්මල් සාජන් Thursday, 13 February 2014 06:09 PM

හොඳ වැඩේ. මේ අයට ඔහොම වෙලා මදි.(නදී)

:       0       0

රජින්ද Thursday, 13 February 2014 06:17 PM

සැරද අධිකරණය...!!! (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 13 February 2014 06:18 PM

කොහොම උනත් කට්ටියට ආදායම් මර්ගයයක් සකසා ගන්න හොද ක්‍රමයකට මග පාදල දීල තියෙනවා. (නදී)

:       0       0

සරසි Thursday, 13 February 2014 06:24 PM

මේ කාන්තාව මෙහෙම යන එකට එයාගේ මහත්තයත් වග කියන්න ඕනේ. මොන ප්‍රශ්න තිබුනද කියලා දන්නේ දෙන්නම තමයි. මේ අදහස් දාන මහත්තරුගේත් චරිතේ හොද වෙන්නේ එයාලගේ හොර අහුනොවී තියෙන කන් විතරයි.(නදී)

:       0       0

සත්‍යයා Friday, 14 February 2014 08:55 AM

ශත 10යි පත්තරේ පවුල් කැඩූ විස්තරේ... කසාදෙ හොඳටම තිත්ත වෙලා ඉන්න අඹු සැමියන්ට වල ඉහගෙන කන්න හොඳ කාලයක් එනවා වගේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 13 February 2014 06:55 PM

රුපියල් කෝටි එකහමාරට ගැහැණු කී දෙනෙක් ගන්න තිබුනද අම්මපා.(නදී)

:       0       0

නාලක සුදත් Friday, 14 February 2014 09:46 AM

මෙහි වන්දි මුදල ලැබීමට හිමිකම් ලැබූ විවාහක කතගේ සැමියා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. (දිල්)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 13 February 2014 06:57 PM

හමුවුන මුල්ම දවසේ සම්මුඛ පරික්ෂනයක් කරන මනුස්සයා ඉන්නවද ,මැරිලද, එක්තැන් වෙලාද,නඩත්තු වෙන දරුවෝ ඉන්නවද කියල මුලින්ම හොයල බලන්නේ නැතිව යනවට හොදම වැඩේ.(නදී)

:       0       0

කුමරි Thursday, 13 February 2014 07:00 PM

නිහාල්, මට මතක් උනා විහිලු කතාවක්, කෙනෙක් කිවලු ;මම නම් ගැහැනියක් දිහා ඇහැක් ඇරලා බලන් නැහැ; කියලා, බැලින්නම් මිනිහ බලන්නෙම ඇහැක් වහල්ලු. (නදී)

:       0       0

අමර් Thursday, 13 February 2014 07:00 PM

ගෑණිට දඩුවම් නැද්ද? (නදී)

:       0       0

සිරියලතා Thursday, 13 February 2014 07:04 PM

මට පේන්නේ මේක ප්‍රෝඩාවක්. සල්ලි ගෙව්වට පස්සේ ගෑණි ආපහු ගෙදරට එයි වගේ.(නදී)

:       0       0

බන්ධූ Friday, 14 February 2014 10:51 AM

දැන් තියෙන්නේ අනියම් සැමියාගේ පරණ නෝනාටත් නඩු දාන්න . එයාගෙනුත් බර ගානක් ගත්ත නම් අනුන්ගේ පවුල් කඩන අයත් ටිකක් හරි ඉස්සරහට අඩු වේවි.(දිල්)

:       0       0

සම්පත් Friday, 14 February 2014 10:58 AM

දෙන්නගෙම පෑලෑනක්ද දන්නේ නෑ (දිල්)

:       0       0

ගයාන් පරපිටිය Thursday, 13 February 2014 07:49 PM

ගැහැනුන්ගේ වටිනාකම තවත් ඉහල යන වැඩක්.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 13 February 2014 08:08 PM

කොල්ලනේ කරන දෙයක් පරෙස්සමෙන් පේනවා නේද වෙලා තියන වීන්නැහිය.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 13 February 2014 08:19 PM

නියෝගය මුදල ගෙවන්න පමණි. පසුව දෙන්නාටම සමාන අයිතිය. ඒකත් නරකම නැත.(නදී)

:       0       0

රොකි Thursday, 13 February 2014 09:00 PM

අමර අහනවා ගෑනිට දඬුවමක් නැද්ද කියලා.එයාට ලැබෙයි මදි නොකියන්ට. මිනිහා කවුරු වුනත් නියම ප්‍රේමවන්තයෙක් හෙවත් ගොන් මිනිහෙක්! (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 13 February 2014 09:05 PM

ඔය වගේ පවුල් කඩන අය කොච්චර ඉන්නවද අනියම් සැපට විතරක් (අ)

:       0       0

මංගල Friday, 14 February 2014 02:31 PM

දැන් මේ ප්‍රතිචාර දාල තියන සත් ගුණවත් මහත්වරු ඔක්කොම තමන්ගේ නෝනට ද්‍රෝහී නොවුණු උත්තම පුරුෂයෝද කියන්න බලන්න. අර පව් කාරයට ගල ගහන්න වගේ අනියම් පුරුශයටම විතරක් වරද පටවන එක හරිද. අපි නොදන්නා පැති ගොඩක් මේ සිද්දියේ ඇති. එතකොට ගමේ ගොඩේ මිනිහෙකුට මේ දෙය වුනා නම් වන්දි ගෙවන්නේ අහවල් එක විකුනලද. මේවා සමාජ ඛේදවාචක. ප්‍රස්න දිහා පටු විදිහට නොබලා ගැඹුරින් බලන්න පුරුදු වෙන්න. අපි බලන්න ඕන බිඳුණු පවුල් එකතු කරන්න මිස ඒ පවුල් ජීවිත විනාස කරන්න නෙවේ. කවුරුත් රහත් වෙලා නැහැ වැරදී නොකරන්න.(නදී)

:       0       0

සිරි Thursday, 13 February 2014 10:13 PM

ලංකාවේ වටිනාම විවාහක කාන්තාව .(දී)

:       0       0

ටිකිරි Thursday, 13 February 2014 10:18 PM

ශික් ! ඔය වගේ ගැනියෙක් හොයා ගත්තනම් ගොඩ . (දී)

:       0       0

මනෝ Thursday, 13 February 2014 10:22 PM

ඔන්න මට එහෙම නෙමේ මේක උනේ හරිද ?. (දී)

:       0       0

ගාමා Friday, 14 February 2014 04:19 PM

ගෙයි පඩික්කම තියෙද්දි ජනේලෙන් කෙළ ගහන්ඩ යනවට හොදම වැඩේ (දිල්)

:       0       0

අජන්ත Thursday, 13 February 2014 10:54 PM

"නීතිය හරියට කල නීතිඥ වරුන්ට මගේ සුබ පැතුම්... (දී)

:       0       0

මෙන්ඩිස් Thursday, 13 February 2014 11:01 PM

ලක්ෂ 150 බුදු අම්මෝ, මට බයත් හිතෙනවා (දී)

:       0       0

සම්පත් තුෂාර Wednesday, 19 February 2014 12:09 PM

මංගල...ඔබ හරියටම හරි.ලංකාවේ බහුතරයක් මේ වැඩේ කරනවා. ඒ උනාට කතාව බෝ පැල වගේ. (අ)

:       0       0

විධුෂක Thursday, 13 February 2014 11:52 PM

අයියෝ ! කෝටි එකහමාරක් ගෙවන්න වුනේ මේක වයිරෝඩියක්ද,රත්තරන්ද ,නැත්නම් ප්ලටිනම්ද ???????? අනේ මන්ද (දී)

:       0       0

සෝමා Friday, 14 February 2014 03:54 AM

මෙහි වන්දි මුදල ලැබීමට හිමිකම් ලැබූ විවාහක කතගේ සැමියා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙම නඩුවේ පැමිණිලිකරුය. වන්දිය ගෙවීමට නියම වූ අනියම් සැමියා පානදුරේ පදිංචි ගුවන්සේවා සමාගමක පියාසර ඉංජිනේරුවෙක්‌. විවාහකයකු වන ඔහුගේ බිරිඳ මෑතදී ඔහු අතහැර දමා විදේශ ගතවී ඇත. (දී)

:       0       0

ශාන්ත හෝමාගම Thursday, 13 February 2014 04:34 PM

ලොකු ලොකු අයගේ පවුල් වලත් මේවා ගේ වැඩ වෙනවද අප්පේ ? (නදී)

:       0       0

සෙලන්සියුස් Thursday, 13 February 2014 04:37 PM

අනේ පුලුවන් නම් කව්රුහරි මගේ පවුලත් කඩන්නකෝ.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 14 February 2014 05:34 AM

කුණු පන්චස්කන්දයකට රුපියල් කෝටියක්. ආයෙත් ගියොත් ඉවරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4338 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 149 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 325 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 305 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 162 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 197 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site