මාරාවිල තුඩුවාවේ සිට පොළොන්නරුවට යමින් සිටි පිසක් රැගත් වෑන් රියක් ගලේවෙල යටිගල ප්‍රදේශයේදී බස් රියක හැපී එකම පවුලේ සිව් දෙනෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බව පොලිසිය කියයි.
වයස අවුරුදු හතරක පිරිමි ළමයකු ද අනතුරින් මියගිය බව කියති.
ජායාරූප කාංචන කුමාර ආරියදාස
ප




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන්රියේ රියදුරාට වයස 21 කියල මම දැක්කා මේ වගේ අඩු වයසේ අලුත ලයිසන් ගත් අයත් එක්ක මේ වගේ පවුල් පිටින් ගමන් යනවාද (බ)
ඉසුරු කියනදේට මම එකඟවෙනවා. බස් එක තියෙන්නේ පාරේ හරි පැත්තේ. පසුකර යන්න උත්සාහ කළා නම් බස් එක තියෙන්නේ එක්කෝ පාරේ මැද, නැත්නම් වැරදි පැත්තේ. හැපිලා බස් එක අනිත් පැත්ත හැරුන එක නම් කොහෙත්ම වෙන්න බැහැ. බස් රියදුරා තවත් පාරේ අයිනට ගන්න උත්සාහ කරලා කියලා පේනවා. (නි)
කණගාටුදායක පුවතක් (නි)
ඔබලාට ඔබ අදහන ආගම අනුව නිවන හෝ ස්වර්ගයට යන්න වාසනාව ලැබේවා මෙවන් අකල් මරණ යළි නොවේවා (ම)
ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ නීතිය යටතේ හැකරුන්ට දිය හැකි රුපියල් තුන් ලක්ෂයේ දඩය හා තුන් අවුරුදු සිර දඬුවම ප්‍රමාණවත්ද ? මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවට යනවද නැද්ද ? කියල ජනමත හොයනවට වඩා මේවා ගැන මාධ්‍ය වුණත් උනන්දු වෙනවා නම් හොදයි. (ම)
ලංකාවේ රියදුරු බලපත් නිකුත් කිරීමේදී 1900 නිර්ණායක වෙනස් කරලා ජාත්‍යන්තර ප්‍රමිතියකට කටයුතු කරනකම් මේ දේවල් වලක්වන්න බැහැ කවම දාවත්.පාරවල් හදලා විනයක් පළපුරුද්දක් නැති මිනිස්සුන්ට වාහන පදවන්න දෙන එකේ ප්‍රතිපල ඉදිරියේදී ඔයිට වැඩ බලපතල වෙනවා.(හේ)
මේක දෙවියන්වහන්සේගේ අන්තිම කැමැත්ත. ඔහුගේ කැමැත්තට හිස නමමු.ජේසු පිහිටයි. (බ)
චින්තක,ඔබගේ අදහසට එකග වෙන්න බැහැ.(හේ)
කොහොම වුණත් ලංගම ප්‍රයිවට් කියලා නැහැ දෙගොල්ලන්ටම විනයක් නැහැ. බස්, ත්‍රිවිල් වැන් කියන්නේ මග මරුවෝ. (බ)
විරුද්ධ දෙසින් වාහනයක් එනවා නම් කළයුතු වන්නේ වහාම නලාව හඬවා වහනය වම් පසට ගෙන නවත්වා ගැනීමයි වාහනයෙන් ඉවත් වීමය මෙය අපේ රටේ සිදු නොවේ සිදුවන්නේ පාඩමක් ඉගැන්වීමට ඉඩ නොදී එම වාහනය දෙසටම ධාවනය කිරීමය මෙය ජාතිය සතුව තිබෙන මානසික අාබාධයක් වැනිය (බ)
අපේ රටේ බොහෝ රියදුරන්ට අන් අයෙකුගේ ජීවිතයකට වඩා තමගේ තත්පරය වටිනවා. එ්ක නිසා තමයි හැම අස්සකින්ම වාහන රිංගවන්න බලන්නේ. (බ)
උදය හරි නිදි මත පවතිද්දී අපි හිතනවා ගමන යන්න පුළුවන් කියා නමුත් නොහැකිය කළයුතු වන්නේ කලින් වහාම වාහනය නවත්වා සුළු වේලාවක් නිදා ගැනීමය නැතිනම් සුළුවෙලාවක් ව්‍යායාම කිරීමය (බ)
කාගේ අතේ වැරැද්ද වුනත් අපරාදේ අහිංසක ජීවිත. ඔවුන් සැමදෙනාටම නිවන් සුව පතමි. (බ)
බස් රියදුරා අනතුර බේරගන්න කළ උත්හසය මැනවින් පැහැදිලියි. පාලනය කරගන්න බැරි අධික වේගය, මාර්ගය ගැන අවබෝධයක් නොමැතිවීම හෝ අධික වෙහෙස නිසා නින්දයාම හේතුව වෙන්න පුළුවන්. අපේ කට්ටියත් ගමනක් යනකොට නින්දට වැටෙනවා රියදුරා ගැන නොසොයා. අපරාදේ වටිනා ජීවිත! (නි)
අද බොහෝ රියදුරෝ මෝටර් බයිසිකල් පදින්නන් මාර්ග නීති ගැන තැකීමක් කරන්නේ නැහැ. වාහනය එලවනකොට ලොකු බස් රියදුරන් පොඩි වාහන වල ඇඟට කැපීමෙන් පාරේ ඉඩ ගැනීම ඉතාමත් පොදු දසුනක් .ඒ වගේම මෝටර් බයිසිකල් ත්‍රිරෝද රථ වගේ දේවල් මාර්ග නීති උල්ලංඝනය කරමින් අස්සෙන් රින්ගීමත් පොදු දසුනක් (බ)
ලංගම රියැදුර අනතුර බේරගන්න ලොකු උත්සහයක් ගෙන තිබෙනවා. රියදුරන් මෙය දැක පාඩමක් ඉගෙන ගනිත්වා කියල ප්‍රාර්ථනා කරනවා.(ම)
කරුණාකරලා අනතුර උන විදිහ දැක්කේ නැත්නම් මත ඉදිරිපත් කරන්න එපා. අනතුරක් වුණාම වාහන නවතින්නේ අපි හිතන ආකාරයට නොවේ. වරද කාගේද කියන එක සනාථවෙන්නේ පරීක්ෂණයකින් පසුව පමණි (ම)
අනතුර සිදු වී ඇත්තේ වෑන් රථය වැරදි පැත්තට ගිහිල්ලා කියලා මේකේ තියන පින්තුර වලින් පැහැදිලි වෙනවා. අනතුරෙන් පාරට වැටුණ සුන් බුන් තවමත් ඒ ස්ථානයේම තිබීමෙන් ඒක ස්ථිරවම කිව හැකියි . මියගිය අය සාමදානයේ සැතපේවා (ම)
ලංගම රියදුරන්ගේ විනය සහ හැකියාව පුද්ගලික බස් රියදුරන්ට වඩා හොඳ මට්ටමක තවමත් තියෙනවා. මා කියන්නේ සමස්තයක් විදියට. ලංගම රියදුරන් 100% යහපත් සහ විනයගරුක කියා නොකියමි. (නි)
චින්තක, ඔබ කියනදේට මට එකඟවෙන්න බැහැ. එහෙම වුණා නම් බසය වම්පැත්තේ තිබෙන්න විදියක් නැහැ (නි)
නැහැ චින්තක. බස් එක තියෙන්නේ පාරේ හරි පැත්තේ. පසුකර යන්න උත්සාහ කළා නම් බස් එක තියෙන්නේ එක්කෝ පාරේ මැද නැත්නම් වැරදි පැත්තේ. හැපිලා බස් එක අනිත් පැත්ත හැරුන එක නම් කොහෙත්ම වෙන්න බැහැ. බස් රියදුරා තවත් පාරේ අයිනට ගන්න උත්සාහ කරලා කියලා පේනවා (නි)
මියගිය පොඩි පුතා ඇතුළු සියල්ලන් ගැනම දුකයි (නි)
බස් එක තියෙන්නේ පාරේ වම් පැත්තේ. ඉස්සර කරන්න යනවද ඒ පැත්තෙන්? (නි)
උදය, සමහර වෙලාවට බස් එක වෙනත් වාහනයක් ඉස්සර කරන්න ගිහින් හැප්පුනා වෙන්නත් පුලුවන් නේද? එහෙම වුණත් මේ විදියටම තමා හැප්පෙන්නේ. කරුණු කාරණා හරිහැටි නොදැන මත ඉදිරිපත් කරන්න එපා. (නි)
මේ වගේ ඛේදවාචක වලට මුල විනයක් සහ මොළයක් නැතිකම. වෑන් එක සම්පුර්ණයෙන්ම පාරේ වැරදි පැත්තේ. කාට කියන්නද මේවා? (නි)