IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පශ්චාත් උපාධි ලියාපදිංචිය සියයට හැත්තෑ හතරකින් පහළ බැහැලා

(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා පශ්චාත් උපාධි ආයතනවලට සිසුන් ලියාපදිංචිවීම පසුගිය වසර හතරක කාලයේදී  සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ,  ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා  ලංකාදීපයට පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ආයතනයේ  පශ්චාත් උපාධි සඳහා  2021 වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව 1096ක්  බවත්  2022 වර්ෂයේදී එය 889ක් දක්වා පහළ වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය.

එම විද්‍යා ආයතනයට පසුගිය වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව පන්සිය හැත්තෑවක් බව පවසන මහාචාර්යවරයා මේ වසරේ මේ දක්වා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 281 ක් බවද  ප්‍රකාශ කළේය.

මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයට  පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වන  ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 74 කින් පමණ පහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරල මහතා කීවේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් උපාධි පාඨමාලා සඳහා වියදම් කිරීමට මුදල් නැතිකම, වෙනත්  පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශගතවීම, රටේ බදු ක්‍රමය ඇතුළු කරුණු ගණනාවක් පශ්චාත් උපාධි ආයතනවල සිසුන්   ලියාපදිංචිවීම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි පැවසූ මහාචාර්යවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උපකුලපතිවරුන්  පශ්චාත් උපාධි සඳහා ළමයින් වැඩි කර ගැනීමට  ප්‍රයත්න දැරුවද  එ් උත්සාහය තවමත් සාර්ථක වී නැතැයිද ප්‍රකාශ කළේය.

රටේ මානව ප්‍රාග්ධනය කඩාවැටීමට මේ තත්වය ප්‍රමුඛ වශයෙන් හේතුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (23)

පශ්චාත් උපාධි ලියාපදිංචිය සියයට හැත්තෑ හතරකින් පහළ බැහැලා

Neela Sunday, 11 August 2024 09:33 PM

පශ්චාත් උපාධි දේශන සඳහා ආචාර්යවරයෙකුට පැයකට ගෙවන රු. 2.000/= න් 36% ක බද්ධ අඩු කළාම අතට එන්නේ රු. 1,280/= යි. A/L Science පුද්ගලික පංති ගුරුවරයෙක්වත් ඔය ගාණට උගන්වන්නේ නෑ. ඒක නිසා දැං උගන්වන්න හොඳ ආචාර්යවරු නෑ.

:       4       90

prabashMonday, 12 August 2024 11:06 AM

නීලා මේක ඇමෙරිකාව නෙවෙයි. වතු කම්කරුවෙක් දවසක් වැඩකරලා ගන්නේ 1000. මොවුන්ට පැයක් කරලා මේ ගාණ මදිද...? කොහොමත් මෙයාලා උගන්වනවා කියලා කරන්නේ එසයින්මන්ට් එකක් හරි බුක් රිෆරන්ස් එකක් හරි කරන්න කියන එක...

:       7       5

prabashMonday, 12 August 2024 11:24 AM

නීලා හරි එක අතකට... රජය මේ තරම් ගාණක් ගන්න එක වැරැදියි. ඔවුන් ඒක අරගෙන වැදගත් දෙයක් කරන්නෙත් නැති නිසා...

:       4       2

Lalla Sunday, 11 August 2024 09:58 PM

මානව ශාස්ත්‍ර... කලා අංශයේ පශ්චාත් උපාධි කරල ලෝකෙට ඇති ප්‍රයෝජන මොනවද?ජීවනෝපාය මාර්ගයක් දියුණුවට උදව්ව දෙන දෙයක් එයින් ලැබෙනවද?

:       64       36

Leela senaMonday, 12 August 2024 12:53 AM

ඔබ මුදල් ගැන සිතන පුද්ගලයෙකි.

:       4       5

sena Monday, 12 August 2024 08:28 AM

ශාස්තවේදය යනු ලෝකයට ප්‍රයෝජනයක් නොමැති විෂයයක් ලෙස පාඨකයෙක් ඒ දිහා බලන්නනෙ නම් මේ රටේ මින්සුන්ගේ අධ්‍යාත්මික හා චරිත සංවර්ධනය කුමන දිශානතියකට කේන්දූවේද. සියලුම විෂයයන් මුදල් ඉපයීම් මත පදනම්ව සිදු කෙරෙන්නේ නම් විශ්වවිද්‍යාල වෙනුවට තාක්ෂණික ආයතන බිහිවිය යුතුය.

:       4       12

Sajive Sunday, 11 August 2024 09:59 PM

ඉතිං අහස උසට ගණන් අය නොකර සාධාරණ ගාණක් ගත්ත නම් ඉවරනෙ.. හර හමන් ඉගැන්වීමක් තියෙනව ද ගෙවන ගාණට.

:       47       25

sunimal Monday, 12 August 2024 02:00 AM

අපේ රටේ පශ්චාත් උපාධි ලෝකේ කොහෙද පිළිගන්නේ ? මේවා තියෙන්නේ වි වි ආචාර්යවරුන්ට අමතර ගානක් උපයාගැනීමට ,රජයේ සේවකයින්ට උසස්වීම් ලබාගැනීම සඳහා හෝ දේශපාලකයින්ට තමන් පොරක් බව ජනතාව ඉදිරියේ පෙන්වීමට පමනයි. මේ පර්යේෂණ කවුද ගණන් ගන්නේ. කවුද මේවා පරිශීලනය කරන්නේ ? මේ නිබන්ධන වලින් 99%කම බොරු කරලා එහෙම නැතිනම් කොපි කරලා සකස්කරන එවායි .

:       19       11

Umali Rupika Monday, 12 August 2024 10:11 AM

පොත් දෙක තුනක් සොයා ගන්නවා කොටස් තෝරාගෙන පිටපත් කරලා තමන්ගෙ වගේ ඉදිරිපත් කරන්නෙ හරියට මගේම කලිසම අගේට ඇදගෙන උගේ වගේ යනවා වගේමයි සමහර අධ්‍යාපන ආයතන වල සිසු සිසුවියන් එහෙම දේවල් කර දේශකතුමා නොමග යවන තත්වයක් තියෙනවා

:       0       1

චින්තක Monday, 12 August 2024 05:00 AM

කාලෙකට පෙර අධ්‍යාපන ඇමති කෙනෙක් කිව්වා විශ්ව විද්‍යාල පාඨමාලා කාලය අනවශ්‍ය ආකාරයට ගතවෙනවා කියලා ඒ නිසා දැනට පවතින අවුරුදු තුන හෝ හතර අඩුකර දරුවො නිකරුණේ වයස් ගතවීම නවතා දැමීමට කටයුතු කරන්න ඕන එහෙම නැත්නම් ඉතින් සිසුන්ට තමන්ගෙ ජීවිත කාලයම පුද්ගලික ජීවිතයක් නැතුව විශ්ව විද්‍යාලයේ රන් හා සමානයි කියන කාලය කන්න වෙනවා ඒවා නවතා උපාධිය ලැබූ විගසම පශ්චාත් උපාධි කරන්න පහසුකම් ඇතිකරනවා නම් ඔය තත්වය අඩුකර ගන්න පුළුවන් වේවි

:       1       5

යෝගා Monday, 12 August 2024 05:46 AM

ඕකට ප්‍රධාන හේතුව පාඨමාලා පවත්වන අවිධිමත් ක්‍රමයයි . අවුරුදු දෙකක පාඨමාලාව අවුරුදු 3, 4 අදිනවා. සහතිකය දෙන්න තව අවුරුද්දක් ගන්නවා.

:       2       11

ජයනාත් Monday, 12 August 2024 06:19 AM

ලංකාවේ ඉගෙන ගනිපු එකාට තැනක් නැහැ . අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. දැන් සාමාන්‍ය පෙල ඉඳන් ම පුළුවන් එකා විදෙස් ගත වෙනවා. නැති බැරි එකා හූල්ලනවා. අවුරුදු 25 වෙන එකම පන්තියේ හිටපු ලමයිගෙන් රට ගියපු එකා මාස්ටර් එකත් කරල රස්සාව කරන කොට ලංකාවේ ඉන්න එකා පළමු උපාධියවත් නැතිව ගෙදරින් කකා ඉන්නවා .

:       2       12

Saman Dissanayake Monday, 12 August 2024 06:40 AM

හොද ප්‍රවණතාවයක්. මම මෙ රටෙ රජයෙ විශ්ව විද්‍යාලයක පශ්චත් උපාධියක් කලා. ලංකාවේ බහුතර විශ්ව විද්‍යාල කතිකචරියවරුන් සිසුන් එක්ක හොද සම්බන්දයක් නෑ . සිසුන්ට උගන්වන්නේ අසමත් කිරිමෙ චේතනවෙන්. හරියට උගවන්නෙ නෑ. විභාග අසමත් කරනවා. පෑවරුම් අසමත් කරනවා. හරියට යලුවෙක් මිතුරෙක් විදිහට සළකන්නෙ නෑ. තරහා කරයෙක් විදිහට සළකන්නේ. පුලුවනම් ඉගෙන ගනින් නෑති නම් පලයන් කියලා. එවගෙම ජයවර්ධනපුර එම්බීඒ එකක් ලක්ෂ 5 ට අධිකයි . කොළඹ LLM, MBA එහෙමයි. ඉතින් සිසුන් පිටරට උපාධි කරනවා. එවාගේ ගණන් අඩු. ගුරුවරුත් හොදට උගනවා. සිසුන්ට හොදින් සළකනවා.

:       5       15

Wijepala Monday, 12 August 2024 10:20 AM

සහතික ඇත්ත මට අඅහන්න ලැබුනා රජයේ එක් විශ්ව විද්‍යාලයක සිසුවියක් ප්‍රැක්ටිකල් එකක් හරියට කලා වුනත් ඇයට නැවතත් ඊළඟ අවුරුද්දේ ප්‍රැක්ටිකල් කරන්න නියම කලා කියලා එහෙම කරල තියෙන්නෙ නිත්‍යානුකූල කථිකාචාර්ය වරියක් නොවන තාවකාලික සහායිකාවක් කියලා තමයි අහන්න ලැබුනෙ ඒබව නීත්‍යානුකූල කථිකාචාර්ය වරියට කිව්වත් නොසලකා හැරීම නිසා එම දැරියට තවත් අවුරුද්දක් කාලය කන්න වෙලා තියෙනවා එහි විභාග හෝ පරීක්ෂණ පැවැත්වීම වසරකට එක් වරක් පමණයි

:       1       7

ThusithaMonday, 12 August 2024 10:46 AM

සියයට සියයක් එකඟයි....

:       0       2

Jayasiri Monday, 12 August 2024 06:59 AM

වැඩකට නැති උපාධි දීම නවත්වන්න අපිට දෙන්න රස්සා අවස්ථාවන් නෑ

:       12       5

රාජරත්න Monday, 12 August 2024 07:09 AM

වැරද්ද තියෙන්නේ මානව ශාස්ත්‍රවල කියලා නොදන්න මහාචාර්ය තුමෙක්. යමක් කමක් තේරෙන ළමයෙක් ආයෝජනය කරන්නේ රස්සාවක් ගන්න උදව්වක් වෙන පශ්චාත් උපාධියකට. කොයි උපාධිය ගත්තත් අන්තිමට වෙන්නෙ සල්ලි හොයන්නනේ. ඕකයි තත්වය.

:       13       8

Rama Monday, 12 August 2024 07:38 AM

ඉගැන්වීමේ සහ උගන්වන අයගේ සුදුසුකම් පිටරටත් එක්ක සසඳන්න. ඒ වගේම බලන්න අපේ රටේ තිබෙන පුද්ගලික විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි දෙන්නේ කොහොමද කියලා. දැන් ගොඩක් ආයතන පිටරට විශ්වවිද්‍යාල එක්ක ගිවිසුම් ගහලා ලංකාවේ ඇතුලේ ඒ රටේ උපාධි සහතික සඳහා උගන්වනවා. අන්න ඒවාට අපේ අය යනවා. ඒ වගේම විදේශ විශ්වවිද්‍යාල ආපසු ඒ රටවලම උපාධි පන්ති පටන් අරන් කොරෝනා කාලේ තිබුණු ඔන්ලයින් පන්ති වෙනුවට. ඒ නිසා 2023 ඉඳලා ආපසු විදේශ සිසුන් ඒ රටවල ගිහිල්ලා. මීට බටහිර රටක උගන්වන ලාංකිකයෙක්

:       3       9

Nilantha Monday, 12 August 2024 10:25 AM

ලංකාවේ පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල හදන්න ජෙප්පො නැත්නම් කුරුට්ටො කෙසේවත් ඉඩක් දෙන්නෙ නැහැ පාසල් අධ්‍යාපනය වුනත් කඩාකප්පල් කරන්න ස්ටාලින් සමග මහින්ද උපරිමයෙන් දායකත්වය දෙනවා දොස්තර අධ්‍යාපනය රජයේ විශ්ව විද්‍යාල වලින් බැහැරව කරන්න නොදෙන කණ්ඩායම් පිටරට උපාධිය ඉහලින් අගය කරනවා ඉතින් කොහොමද රටේ අධ්‍යාපනය සාර්ථක කරන්නෙ

:       4       7

sam Monday, 12 August 2024 09:45 AM

මේ ආර්ථිකය ගොඩ දැම්මා කියලා උදම් අනන්නේ .බදු වැඩි කල එවුන්ටයි ජරාපක්ෂ පරම්පරාවටයි හෙනම ගහන්න ඕනි රටට කල විනාශයට

:       14       5

visnu Monday, 12 August 2024 10:02 AM

ලංකාවේ උපාධිධාරීන් වැඩි හරියක් නියම මෝඩයෝ. ඔවුන් සෑම විටම සිතන්නේ ඔවුන්ගේ සහතිකය නිසා ඔවුන් සියල්ල දන්නා බවයි. බොහෝ රක්තවාත ආයතන මේ නිසා වැඩකට නැති ආයතන බවට පත්වෙලා. එවැනි එක් ආයතනයක් වන්නේ පොලිසියයි.

:       2       8

Che Monday, 12 August 2024 11:32 AM

සල්ලි දීලා ලංකාවේ උපාධිය අරගෙන කන්න තමයි වෙන්නේ. ඊට හොඳයි පිටරටකට යන එක....!

:       0       2

Gamage Tuesday, 13 August 2024 06:40 AM

පර්යේෂණ නිබන්ධන සම්පූර්ණ කිරීමට ලැබෙන සහාය ඉතාම අල්පයි! එයත් මේ තත්ත්වයට බලපානවා. ලියාපදිංචි වී විභාග අවසන් කර පර්යේෂණ නිබන්ධනය නිසා පාඨමාලාව අතහැරපු සිසුන් සංඛ්‍යාව ඉතා විශාලයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 365 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2627 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1988 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 209 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1209 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1320 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26923 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site