මහ නුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය ආසන්නයේ මහ රෑ එතෙර කතකට අතවර කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් තිදෙනකු එම ක්‍රියාවෙන් වැළැක්වීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු උස්සා පොළවේ ගැසීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
මහනුවර දේශපාලනඥයකුගේ හිතවතුන් බව කියන මේ තිදෙනා සුදු කතට හිරිහැර කරනු දැක ඇත්තේ ඔහු ගේට්ටුවේ රාජකාරි කරමින් සිටියදී ය.
එම තිදෙනා පොලිස් කොස්තාපල්ට පහර දෙද්දී අපි අහවල් දේශපාලනඥයාගේ හිතවතකු බව ද කියා ඇත.
එම තිදෙනාම සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර ඔවුන් මුදා ගැනීමට දේශපාලනඥයා පොලිසියට බලපෑම් කරතියි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් තියන රාළහාමිගේ කොන්ද කඩපු, රටේ නම බල්ලට යන වැඩ කළ ඔය අයගේත් ඔවුන්ව බේරාගන්න බලපෑම් කරන දේශපාළුවාගේත් නම ගම සහිතව පත්තරේ දාන එක රටට ජාතියට කරන ලොකු සේවයක් වේවි. (නි)
බාලසුබ්‍රමනියම්- දෙමලුන්න්ට රටක් නැති හින්ද ලෝකේ හැම තැනම ඉඳගෙන පොල් ගානවා. චමත් හරියට දැනගන්නකො මේ වගේ දේවල්. මෙයලව ලංකාවට ගෙනාවෙත් ඔය වගේ වැඩ කරගන්න. (ස)
යාපනයේ පොල් ගහන එක අපේ අය පොල් ගහන එක දකිනවා ඇතිනේ.(නදී)
එතෙර කාන්තාවකට හෝ මෙරට කාන්තාවකට අතවර කිරිම මෙන්ම රාජකාරියේදී සිටි පොලිස් නිලධාරියෙකුට පහර දීමත් වැරදි දෙකක්. දේශපාලන හෙංචයියන් වන සැකකරුවන් තුන් දෙනාවම මේ වනවිට පොලිස් අත්අඩංගුවට රැගෙන තිබෙන නිසා නිතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සැකකරුවන් තවමත් පොලිස් අත් අඩංගුවේ සිටින නිසා, දේශපාලකයාගේ නොමනා උත්සාහය ගැන අපට දැනට කිසිවක් ලියන්න බැහැ. ඉදිරියේදී සිදුවන දෙය ගැන අවධානයෙන් සිටිමු.(නදී)
ඇමෙරිකාවේ එහෙම උනත් - ලංකාවේ එහෙම වෙන්නේ නැ(නදී)
මේ තුන්දෙනා දේශපාලනඥයෙකුගේ හිතවතුන් බව කියන්න ඕන නැහැනේ. අපිත් කැමතියි ඒ උතුමා කවුද කියල දැනගන්න. දෙන්නකෝ හීන් ඉඟියක්වත්. (ස)
අතවර කරන්ඩ තැත් තරපු අයගේ අවයව කැපුවා නම් හරි.(නදී)
ඔය වගේ මන්ත්‍රීලා ගැන කතා කරලා වැඩක් නැහැ.(නදී)
රටේ කීර්ති නාමය නැති කරන මේ වගේ ජරා වැඩ කරන්න දේශපාලකයින්ගේ හෙන්චයිලට අවසර දීල තියෙන්නේ මොන නීතියකට අනුවද. (ස)
අපේ රට දැන් පාපිශ්ඨ රටක්.දකුණේ එක පළාත් මන්ත්‍රී කෙනෙක් කියලා තිබුනා සුද්දාගෙන් පළිගන්න හොදම වැඩේ කැසිනෝ දාලා ගණිකාවෝ මාර්ගයෙන් උන්ගේ සල්ලි හුරගන්න එකය කියලා(ඔක්තෝම්බර් 31 දා පුවත්පතක).මේ වගේ අය ඉන්නකල් රටට වැඩක් වෙයිද? (නි)
ලංකාවේ ඕනෑම අපරාධයක් පිටුපස දේශපාලුවෙක් ඉන්නවා (නි)
බන්දුල කටාර්, කොහේද තියෙන්නේ නීතියක්? (නි)
පෙරේරා කිව්වොත් කියන්නේ වාතම කතාවක්.මෙයාගේ අයියා මිලානෝ වල ඉඳන් මේ වගේම ටෝක් දෙනවා. මෙයා අදනම් රා කට්ටයි තාම ගහල ඉන්නේ. (ස)
බණ්ඩාර පුතා, මීට පස්සේ මේ රටේ ඉපදෙන්න එපා. ඔයා වෙන කොහේ හරි යන්න. අපිටත් රට ගැන කැක්කුමක් විතරම තමා ඕනෑ. යන්න., දැන්ම යන්න (නි)
වහාම පොලිස් නිලදාරින්ට හදුනා ගැනිමට පහසුවන පරිදි දේශපාලකයන්ගේ හිතවතුන්ට නිල ඇදුමක් නිකුත් කළ යුතුයි.(නදී)
තර්සාන් මහත්තයෝ,අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැතුව බෞද්ධ දර්ශනය ගැන කතාකරන්න එපා.මේ සකල විශ්වයේම තිබුණු,තියෙන ඉදිරියේදී ඇතිවෙන ඕනෑම ගැටලුවකට විසදුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ අන්තර්ගතයි.ඒ නිසා අඳුරේ අත්පතගාන්නේ නැතුව ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ත්‍රිපිටකය හදාරන්න.මොකද? ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේ සද්ධර්මය දේශනා කළේ සමස්ථ විශ්වයේම ඉන්න අයටයි. (නි)
කෝ මේ රට කරවන ලොක්කෝ? දැන් නඩු දාන්න යන්නේ ස්ත්‍රී දුෂණයටද? පොලිසියට පහර දුන්නටද? එහෙම නැත්නම් ඒ දෙකටමද? මේ දේශපාලකයාගේ නම දාන්නකෝ. යන්තම් ඉඟියක්වත් දෙන්න මිනිහා අඳුන ගන්න (නි)
අමිල ඒ අය යහතින් ඉන්නේ අර මොකද්ද සමාවක් යටතෙනේ. ඒක ගත්තම ඕනෑම අපරාධකාරයෙක්ට යහතින් ඉන්න පුළුවන්. දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන්නේ. අරගෙන බලන්න. (නි)
මෙම දේශපාලකයාගේ නම හෙළි කරන්න (නි)
අනේ මෝඩ බන්දුල , ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නඩු තීන්දුව යටපත් කරලා අභියාචනාධිකරණයෙන් මරණ දඩුවම දුන් රටකුත් හොයලා මට කියනවද එහෙනම්? (නි)
කවුද මේ දේශපාලුවා? අපිටත් අයිතියක් තිබෙනවා නම අහන්න. දන්නා කෙනෙක් නම කියන්න. (නි)
මේ කළ වැඩේ ,එක හෙළා පිළිකුල් කරනවා බුද්ධිමත් අය. අදහස් පළකරද්දී වටිනා දෙයක් ලියන්න. ඔබට ඔබ අදහන ආගමේ පිහිට පතමි (නි)
අනුරාධ, එහෙනම් කියන්නකෝ බුද්ධ දේශනාවෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරක්. අපේ රට දැන් මෝඩ රජ දහනක් වෙලා. (නි)
පමණක් අය කරනා අමන වැඩ වලට මගේ මවුබිමට නොබැණ ඒ අමනයන් ගැන අදහස් දාන්න. (නි)
මෙවැනි විදේශීය සංචාරක කතුන්ට වන අතවර නිසා [ සමුහ දුෂණ ] ඉන්දියාවට යන විදේශිකයන් එරටට යෑමට පෙර, දැන් දෙවරක් සිතන තත්වයට පත්වෙලා. මේ සංචාරකයින්ගේ මවු රටවල් වලින් ඉන්දියාව ගැන ඔවුන්ව දැනුවත් කරනවා මේ කාරණය සම්බන්ධයෙන්. මේ විදියට ගියොත් ලංකාවට වෙන්නෙත් ඒ ටිකම තමයි. (නි)
දේශපාලුවෝ ඉන්නකම් ලංකාවේ නම ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන එක නවත්තන්න බැහැ. මොකද මේ දේශපාලුවෝ ඉන්නේ රටට වැඩක් කරන්න නෙමෙයි. (නි)
මේ රටේ සංචාරක කර්මාන්තය නංවන්න ජනාධිපතිතුමාත් බැසිල් ඇමැතිතුමාත් ලොකු උත්සහයක් ගන්නවා. එහෙත් මේ වගේ අය කරන වැඩ නිසා සංචාරකයන්ට මේ රට ගැන හරිම කළකිරීමක් ඇතිවෙන්නේ. මේ අයට විරුද්ධව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
සමහරවිට දේශපාලකයෙකුගේ නමක් බොරුවට කියලා රාළහාමිව බය කරලා මාරුවෙන්න හැදුවා වෙන්නත් පුළුවන්. තව දින කීපයකින් සත්‍ය එළිවේවි යැයි සිතමු. (නි)
මේ තර්සන් , ආගමක් තියෙන්නේ මිනිස්සුන්ට නීති විරෝධී වැඩ වලට දඩුවම් දෙන්න නෙමෙයි. ඒකට තමයි රටේ නීතියක් තියෙන්නේ. ආගමකින් කරන්නේ හොඳ නරක කියල දෙන එක විතරයි. (ස)
මෙහෙමත් නොමිනිස්සු? වැරදි කළා මදිවට තව පහරත් දීලා? (නි)
අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාගේ බලවත් විරෝධය! අර සමහරු දූෂණය කරලා මරලත් යහතින් ඉන්නෙ. නීතිය කාටත් එක සමාන වෙන්න එපැයි. (නි)
කොන්දක් ඇති පොලිස් නිලධාරියෙක්.ඉදිරි නීති කටයුතු කරන අයට කොන්දක් තියේවිද කියා සැක සහිතයි. (ස)
නියමයි. චෝගම් ළඟ එද්දී රටේ නම තියන විදිය අපූරුයි. (නි)
මම ජාති ජාතිත් දුක් වෙනවා. මේ වගේ කාලකන්නි රටක ඉපදීම ගැන. (ස)
දේශපාලුවො ගාව ඉන්න ඈයෝ ඔහොම තමයි. තිරිසන් වැඩ කරන ඔය වගේ ඈයෝ නිසා තමයි අපේ රටට හෙන ගහල තියෙන්නෙ. (ස)
ඇයි දේශපාලනඥයා අත් අඩංගුවට ගන්නේ නැත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණවීම නිසා. (නි)
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කීයටවත් බෑ. (ස)
ඔව් ඉතින් මේවට බුද්දාගමේ පිළිතුරු නැහැ නේ, බුද්දාගමේ පිළිතුරු තියෙන්නේ හලාල් වලට විතරයි. (ස)
රටේ අපරාධ දේශපාලකයන්ගේ ආශීර්වාදය නිසා ඇතිවෙන්නක් වේ. අපේ රට හදන්න මේ දේශපාලනය සහ මුලින්ම උදුරා දැමිය යුතුය. ගැහැනියකට කරදරයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් කාලයක් එනකන් මේ රට හැමදාමත් නොදියුනුවේ. (ස)
ඉස්සර වෙලාම එල්ලන්න ගොන් ඡන්ද දායකයෝ . තව අවුරුදු 100ක් ගියත් අපේ රටවල් මෙයට වඩා ඉදිරියට යන්නේ නැහැ. මොකද තාම ගොන් ඡන්ද දායකයෝ ඉන්න නිසා. (ස)
තර්සාන්, මෙතනට ආගම පටලවා ගන්න හදන්නේ ඇයි? (ස)
ගම්පහ වගේ වෙයිද දන්නේ නැහැ. ෂූවර් එකටම වැරදිකරු වෙන්නේ අර අහිංසක පොලිස් නිලධාරියා තමයි. (ස)
දේශපාලකගේ නම මොකක්ද? (නි)
ඔව් ඉතින් මේවට ඉස්ලාම් ආගමේත් පිළිතුරු නැහැ නේ, ඉස්ලාම් ආගමේ පිළිතුරු තියෙන්නේ ඇත්තටම කොයිවටද? (ස)
ඉතින් ඔය දේහපාලුවගේ නම කෙලින්ම දාන්නකෝ. එතකොටනේ මිනිස්සු දැනගන්නේ දාගෙන ඉන්නේ වෙස් මූනක් කියලා. නැත්නම් ආයෙත් ඡන්දය දීලා පත්කරගනී. (නදී)
තර්සන්,මම කවදාවත් මොනම හේතුවකටත් ආගමකට මුකුත් කියන්නේ නැහැ...එත් ඔයාගේ අදහසට නම් උත්තරයක් නොදීත් බැහැ.ඔයාගේ ආගමෙයි මගේ ආගමෙයි ලොකු වෙනසක් තියෙනවා. අවිහිංසාව අපේ ආගමේ නිතරම කියවෙන දෙයක් ... ඔයාගේ ආගමේ නිතරම තියෙන්නේ ආගම වෙනුවෙන් ආගමට එරෙහි වෙන ඕනෑම කෙනෙකුට මරණ දඩුවම,ගල් ගසා මැරීම වගේ දේවල් නේද ..... අපේ ආගමේ නම් ඒ වගේ දේවල් නැහැ.(නදී)
තර්සාන්,,එතකොට හැම ටවුන් එකකම කඩවල් 75%ක් හලාල් අය අල්ලලා තියෙන එක ගැන මොකද කියන්නේ,,මෙතනට අදාල නැතත් ආගම ඔයාම ගාවගත්ත හින්දයි අහන්නේ,, (නදී)
සල්ලාලයින්ව බේරා ගැනීමට එන අය අත් අඩංගුවට ගත යුතුයි. රාජ කාරීවලට බාද කළා නම් ! විදෙස් කාන්තාවක් නම් සුලු මොහොතකින් මේ සිදුවීම ලෝකයටම ප්‍රචාරය යාවී. පොලීසියේ රාජ කාරීයට බාදා කිරීමට කිසිවකුට අයිතියක් නෑ. බාදවකින් තොරව රාජකාරිය කරන්න ලැබෙනවා නම් ,පොලීසිය මීටත් වඩා ධෛර්‍යමත් වෙනවා.(නදී)
නිකන් බොරුවට ආගම් ඈදා ගන්න එපා. කොයි ආගමේ වත් වැරදි කරන්න කියන්නේ නැහැ.(නදී)
වරද කල තිදෙනා දේශපාලන බලපෑම් රහිතව අත් අඩන්ගුවටත් අරන් නම් දේශපාලකයා බලපෑම කලාට නිදහස් කර ගන්නත් බැරි වෙලානම් ඒ කියන්නේ නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක වන බවනේ ..බණ්ඩාර මල්ලිට ඉපදෙන්න මේ ලෝකෙන් නම් රටක් හොයාගන්න අමරුවේවි..බලන්න අගහරු ලෝකෙන් ට්‍රයි කරලා. නැත්නම් එංගලන්තේ ගිහින් පීසා විකුනන්න..එහෙ මේ වගේ දේවල් වෙන්නේ නැහැ..(නදී)
මේකත් අර තංගල්ල කෙනාට වගේ අභය දානය ලැබෙන සිද්ධියක්ද? (නදී)
චමත් - ඉතාලිය දන්නේ නැති දේවල් ගැන අදහස් ලියන්න එපා. ත්ර්සන් කියන්නේ මුස්ලිම් කෙනෙක් නොවී දෙමළ කෙනෙක් බව මේ නමින් දන්නේ නැද්ද. ඉතාලියේ පොල් ගානවද.(නදී)
මේ දේශපාලනඥයා කවුදැයි රටට හෙළි කිරීම මාධ්‍ය සතු වගකීමක්. ඒ උනත් ඉතින් සුදු වෑන් වලින් බේරෙන්න රට ගම අඹු දරුවෝ අත් හැරලා යන්න වෙනවා. මෙන්න බලන්න මහත්වරුනේ ප්‍රජාතන්ත්‍රවාදය. (නදී)
දැනුම් දෙන්න අපේ අලුත් පොලිස් පති තුමාට. දැක්ක නේද එයා ලඟදි කරලා තුබුන ප්‍රකාශය. එයා නම් එසේ මෙසේ කෙනෙක් නොවෙයි.(නදී)
බණ්ඩාර මල්ලි, මේ වගේ වැඩ කරන පුද්ගලයින් ලෝකේ හැම රටකම ඉන්නවා.ඒත් කාගෙ හරි හයිය අරන් මෙවැනි වැඩ කරන්න ඉඩක් නෑ නිතීයෙන්. "ලංකාව කාළකන්නි රටක්" කියලා කියන්න නුඹට තියෙන අයිතිය කුමක්ද? එසේ නම් ඔබ ඉප දෙන්න ඕනෑ සෞදි අරාබියාවේද? (ස)