දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාට මෑතදී දඩ කොළයක් දුන් පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ටත් උප පොලිස් පරීක්ෂක ආර් ආර් එම් බණ්ඩාර දුනුවිලටත් එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවෙන් ඔවුන් දෙදෙනාටම අද (21) ඇප නියම විය.
රුපියල් විසිපන්දහස බැගින් මුදල් හා රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරීය මහතා නියෝග කළේය.
කළුතර කිතුලවල මත්පැන් පෙරන කතකගෙන් 2009 දී අරක්කු බෝතල ප්‍රමාණය අඩුවෙන් නඩුවට ඉදිරිපත් කිරීම සඳහා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක්ද එස් අයි රුපියල් දසදහසක් ද ගත්තැයි අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හොර නොම්මරෙන් ගියාට නඩු දාලද දන්නේ නැහැ ? (නදී)
මෙහෙම වෙන්න පුලුවන්ද? මට නම් තේරෙන්නෙ නැහැ (නි)
එසේනම් 2014 වනතුරු ඔහු සේවයේ යෙදී සිටියේ කෙසේද? (නි)
අපේ ඇමතිතුමාට අපහාස කළාට පස්සේ තමයි මේවා පටිසන්දෙන්න පටන්ගෙන තියෙන්නේ. මොලේ තියෙන කාටත් තේරෙනවා මේක. (නදී)
අවුරුදු පහකට පස්සේ ? මේක අපේ නීතියේ වැරද්දද එහෙම නැතිනම් ඇමැත්තෙක් එන්නම ඕනෙද පහුගිය වැරදී උඩට එන්න ? (නදී)
2009 සිට මේ වෙනතුරු අල්ලස් කොමිසම කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? (නි)
දැන්ද මතක් වෙලා තියෙන්නේ. මේවට හිනා යනවා වගේම අැඩෙනවා (නදී)
2009 වූ සිද්ධියකට ළඟකදී අල්ලස් කොමිසමට ගිය එක තමයි මට තිබෙන ප්‍රශ්නය. (නි)
2009 කළ වැරදිවලට 2014 ද නඩු දාන්නේ? එතකොට රාළහාමි දුන් දඩ කොලේට මොකද වුණේ කියලා දන්නා කෙනෙක් කියනවද? (නි)
අවුරුදු පහ එතරම් කාලයක් යැයි මට නම් නොසිතේ (නි)
අනේ ඇත්තටම මෙහෙමත් වැඩ! (නි)
දඩ කොළ ලිව්වට , අවුරුදු 5කටත් පස්සේ චෝදනාවක්! නියම වැඩේ (නි)
ඔන්න ආසියාවේ ආශ්චර්ය! අාපහු කවදවාත් මේ රටේ දේශපාලකයන්ට විරුද්ධව කිසිම නිලධාරියෙක් නීතීය ක්‍රියාත්මක කරන එකක් නැතිවෙයි.හරිම කණගාටුයි රට යන අත දැක්කම.... (නි)
2009 අල්ලසු නඩුවක් තිබු අයෙක් දිගටම සේවයේ යෙදවීමත් වරදක් නේද? (නි)
චානක, කවුද දන්නේ මේ මනුස්සයා ඇමතිවරුන්ට දඩ කොළ දෙන්න යයි කියලා. (නි)
පුවත පලවෙලා තියෙන්නේ අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ. දඩ කොලේ ලියන්න කලින් ඉදල තිබුණු නඩුවක් මිසක් දඩ කොලෙන් පස්සේ දාපු චෝදනාවක් නෙමෙයි මේක. නියෝජ්‍ය ඇමතිට කඩපු දඩ කොලේ නිසා මෙයාට තියෙන පරණ නඩුත් අස් කරන්න ඕන කියලද කට්ටිය කියන්නේ. මෙයා දඩ කොලේ බිලට ගොඩක් දේවල් කැඩුවා. ඉස්සරහට තියෙන්නේ ඒවා වමාරන්න. ඒකට තව වැඩි කාලයක් නැහැ. (නදී)
කාර් එක ගිනි තිබ්බේ මතුගම කට්ටියද ? (නදී)
මේවා කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්ඩ ඕන කතා. බන්දුල පෙරේරා ඇතුළු කට්ටිය මේක පිලිගත්තට ඇත්ත තත්වය මේක නෙවේ. ඇමතිට දඩකොල දුන්නට පසුවදා වැරදි පේන්නේ. මට කණගාටුයි ලංකාවේ මිනිස්සු ගැන. බන්දුල කියන විදිහට වමාරන්න තමයි වෙන්නේ ළගදීම. ලෝකේ වෙන දේවල් පේනවනේ. (නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඇයි මේ අවුරුදු 5 කට පස්සේ ? ආ තේරුණා !! අර දේශපාලකයාට දඩ කොලයක් දුන්න නේ නේද ? අම්මෝ අපේ රටේ නීතිය . සෝමාලියාව වගේම තමයි දැන්නම් (නදී)
ගනන් ගන්න දෙයක් නෑ ඇමතිගේ නඩුවත් අවුරුදු 5 කින් පස්සෙ විභාගයට ගනීවි. (නදී)
අනේද කියන්නේ බන්දුල ... , ඔයාට තියෙන සුදුසුම රස්සාව මට හිතෙන්නේ ඇමතිකමක් වගේ එකක් තමයි. (නි)
මේවා ඇහෙනකොට ඇඟේ ලේ රත්වෙනවා. බන්දුලතුමා, පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවද? (නි)
පස් වසරක් ගතවනතුරු කුමක් කළාද? (නි)
වගකිවයුතු සියළු දෙනාට ස්වභාවික විපත්, රිය අනතුරු, ලෙඩරෝග එහෙම අඩුවක් නොවෙයි අනාගතයේ. (ස)
පී.සී ට දඩ කොලේ දෙන්න නි. ඇමතිට අවුරුදු 5ක් ගත උනාට මේ බලවත් ග්‍රහය නීච කරන්න පී.සී ට වසර එකක් වත් යන්නේ නැහැ. ඡන්දය ලඟයි නේ. එදා ට පී.සී "සී.පී" (චීෆ් ඔෆ් පොලිස්) වෙන එක ෂුවර්.(නදී)
ආශ්චර්යය මාවතේ යන අපි.... (නි)
මේ කට්ටියට තියෙන විදියේ අමාරුවක් මේ රාළහාමි ගැන මේ රටේ මිනිසුන්ට නැති බව ඉදිරියට තියෙන ඡන්ද වලින් සත්‍ය මහත්තයාට අවබෝධ කරගන්න පුළුවන් වේවි. (නි)
ආසියාවේ ආශ්චර්ය මාවතේදී ඉස්සරහට තවත් දේවල් බලාගන්න පුළුවන් වේවි. මස් හා මාලු ඒ පිගානේ නැති උනාට, රට හා නීතිය ඒ පිගානේ තියනවා වගේ (නදී)
මේවා සේරම ඇත්ත නොවෙයි..පහත් තැනින්නේ ජලය ගලායන්නේ. (නදී)
සත්‍ය කියන විදියට මේ රටේ ජනතාව පි සි ට දාපු අල්ලස් නඩුව නිසා පෝලිමට ගිහින් මි ලග ඡන්දෙන් මේ රජයට පාඩමක් උගන්නාවි. ඒ විතරක් නෙමෙයි නව රජයේ සි පි කමටත් පි සි පත් වේවි..අනේ හොදයි...මෙතන තියෙන්නේ මේ රාලහමිව විකුණලා තම දේශපාලනේට ගානක් කපාගන්න හැදීම මිසක් මේ රාලහාමි ගැන අනුකම්පාවක්නම් නෙමෙයි. මේ රටේ එදිනෙදා වැඩිම අල්ලස් ප්‍රමාණයක් ගන්නේ ට්‍රැෆික් රාළහාමිලා. මිනිස්සු නඩු ගිහින් රස්තියාදු වෙන්න තියෙන අකමැත්ත හින්ද ට්‍රැෆික් රාලහාමි කෙනෙක් වෙන එක හොද ඉල්ලමක්. මේකෙන් නොගරන එකෙක් නැහැ. වාහනයක් එලවන එකෙක් නම් කවදාවත් ට්‍රැෆික් පොලිස් කාරයෙකුට අනුකම්පා කරන්නේ නැහැ. දඩ කොලේ ලිව්වා කියල මෙයා පෙර වැරද්දක් කලානම් ඒක මැකෙන්නේ නැහැනේ. එතකොට මේ රාලහාමි මොන දේ කලත් දඩ කොලේට ඒවා ඔක්කොම යට වෙන්න ඕනා. යට කරලා මෙයාව වීරයෙක් කරන්න ඕනා. මෙයා දඩකොලේ බිලට කඩල ගහන්න ගිය ගේම දැන් අතේ පත්තුවෙලා තියෙන්නේ. හෙට අනිද්දට ඒක නියමාකාරයෙන් එලියට ඒවි. මේ කට්ටියට තියෙන විදියේ අමාරුවක් මේ රාලහාමි ගැන මේ රටේ මිනිස්සුන්ට නැති බව ඉදිරියට තියෙන චන්ද වලින් සත්‍ය මහත්තයට මනාසේ අවබෝධ කරගන්න පුළුවන් වේවි.. (නදී)
කොහොමද මේ රටේ බලය (නදී)
මේ අල්ලස් චෝදනා ලැබූ අය, එසේත් නැත්නම් ඒ සම්බන්ධයෙන් නඩු පැවරූ අය සේවයේ යොදවන්නේ කෙසේද? (නි)
මේ නඩුවත් විභාග වෙද්දීද මේ කොස්තාපල් ඇමතිතුමාට දඩකොළ දෙන්න ගියේ? එයා අපි හිතුව තරම් අහිංසක නැහැනේ (නි)
දැන් වෙන දේවල් ඇහෙනකොට අපිටත් පිස්සු හැදෙනවා (නි)
කොහොමද වැඩේ? (නි)
ශ්‍රි ලංකාවේ දේශපාලනයයි අද රටේ නීතිය වෙලා තියෙන්නේ. (නි)
කියල තියෙන විදිහට නම් ඇමති තුමාට දඩ කොලේ දුන්නට පස්සෙ තමා අල්ලස් නඩු වැටිල තියෙන්නේ. හැබැයි කාට චෝදනා කලත් අල්ලස් දූෂන කොමිසමේ ලොක්ක නන් බයෙන් ඇත්තෙ ( නයා කාපු ඇමති තුමාගේ කතා වස්තුව සිහිපත් කරමින්) (නදී)
ඔන්න වැඩ ඉස්සරවෙලා ඇමති පුතෙක් ලුතිනන් ගේ ඔලුව පළල ඊට පස්සේ රාජකාරියෙන් පිට ආයුද අරන් වෙන වැඩ කලා කියල ලෙඩ දැම්මා. දැන් මේ මනුස්සයට පරණ කේස් ඇද ඇද ලෙඩ දානවා. දේශපාලකයෝ හැමදාම සුද්ධවන්තයෝ. (නදී)
ඔන්න බලන්න ආශ්චර්යය! (නි).
ඔයාල කවුරුවත් හරියට තේරුම් අරගෙන නැහැනේ. මේ නඩුව දාලා තියෙන්නේ ළඟදිනේ. කලින් නඩු දාලා තිබුනා නම් පොලිස් රාළහාමිලා රාජකාරියේ ඉන්නේ නැහැනේ. (නි)
මේක නම් මොකක්හරි අවුලක්. නැත්නම් අවුරුදු 5ක් මොනවද කළේ? (නි)
ඇතැම් අය තමන්ගේ වැරදි වහ ගැන්මට, ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ විය හැකි දෙයක් කිරීමේ ප්‍රවණතාවයක් අද දක්නට ලැබෙන දෙයක්. එගිහි පාවාදීම් දෙගොල්ලෝම අඩු වැඩි වශයෙන් කරනවා. (නි)
මේකේ අදහස් දාලා තියෙන ගොඩක් අය සිද්ධ වුණේ මොකද්ද කියලාවත් හරියට දන්නේ නැති අයයි. (නි)
2009 වුන සිද්දියක් ගැන මොන අවුරුද්දේ මොන දවසේද මේ නඩුව පැවරුවේ කියලත් කියන්න බැරිද? (නදී)
බයේ බෑ. අැත්තක් කියන්ඩවත්. (නදී)
කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ පොලිස් නිලධාරියාට මගේ උත්තමාචාරය ! (නි)
මෙච්චර කල් මොනවද කළේ එතකොට?පීසීගේ වරදට දඩුවම් දෙනවා වගේම අනෙක් අයගේ වැරදි වලටත් දඩුවම් දිය යුතුයි. (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)
ධම්ම, ඒත් දින වකවානු ගැන සඳහනක් නැහැනේ (නි)
අවුරුදු පහකට පස්සේ, මතක් වෙච්ච එකනේ පුදුමේ.. (නදී)
මේවා ඉතාමත් නරක වැඩ. . මේ විදිහට ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් මහත්තුරු නැති වෙයි. වැරද්දක් කරලා තියෙද්දිත් අවරුදු පහක් මේ මනුස්සයා පොලිස් සේවයේ තියා ගත්තේ මොකද? (නද)
ඇමති තුමාට පාඩුවේ යන්න දුන්නා නම් ඉවරයිනේ (නදී)
ප්‍රශ්නය තියෙන්නේ , අවුරුදු 5ක් ගියාට පස්සෙයි අල්ලස් ගැන පැමිණිලි කරලා තියෙන්නේ. (නි)
මේ අල්ලස් චෝදනා ගැන අපිට නම් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා (නි)
මේක හරියට තේරුම් ගන්න. අල්ලස් චෝදනා එල්ල කරන්නේ දැන්. සිද්ධිය වෙලා තියනවා කියන්නේ 2009දී. වසර පහකට පෙර. (නි)
මට නම් හිතෙන්නේ ඇමතිට දඩ කොළ දුන්නට පස්සෙ තමා මේ අල්ලස් නඩුව ඇවිත් තියෙන්නේ. වසර පහකට පෙර කරන ලද දෙයකට නේද දැන් මේ ඇවිත් තියෙන්නේ (නදී)
කොස්තාපල් පුඤ්ඤසෝමව මතක් වුණා මට (නි)
ධම්මට සත්ත්‍ය වැටහීමට කාලය ගතවනු ඇත (නදී)
පිසි කෙනෙක් මගෙනුත් අවරුදු 7 කට විතර ඉස්සර අල්ලසක් ගත්ත මටත් බැරිද නඩුවක් දාන්න (නදී)
2009 දි පවරපු නඩුවක් නේද?අර අල්ලසට දුෂණයට එරෙහි වෙනවා නම් කාටත් එක වගේ නීතිය ක්‍රියාත්මක කරන්න. (නදී)
කොහොමද වැඩේ? (නි)
අද අපේ රට පත්වෙලා තියෙන ඉතාම වේදනාබරිත තත්වය දැන් දැන් හැමෝටම වගේ පැහැදිලි වේගෙන එනවා (නි)
දැන් ඉතින් පොලිස් දෙපාර්තමේන්තුවේම නිරුවත පෙන්වන්න හදනවා වගේ. ඇමති තුමා නිදහස්; දඩ කොලේ දුන් අයට ගිය අාත්ම වල කරපු වැරදිත් හොයන්න අය ඉන්නවා (නදී)