(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ පිරිසක් ජෛව පටල පරික්ෂාවකට රැගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බැන වැදී සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය කිරිමෙන් පසුව උඩප්පුව පොලිසිය මැදිහත්ව එම පිරිස පරික්ෂණ වලට අද (8) යොමු කළ බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිළධාරි ඒ.ආර්.ජවුසි මහතා පවසයි.
මෙසේ ජෛව පටල පරික්ෂාවකට යොමු කිරිම සදහා කටයුතු කර තිබුණේ උඩප්පුව පොලිස් වසමේ මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වි ඇති නිවාස තුනක පදිංචිකරුවන් බව කියයි.
ආසාධිතයින්ගේ පළමු ආශ්‍රිතයින් වන මෙම පවුල් තුනක පිරිස සදහා මුන්දලම පුලිච්චිකුලම මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ජෛව පටල ලබා ගැනීමට කටයුතු කර තිබූ බව කියයි.
අදාල ආශ්‍රිතයින් අතර සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා ඉදිරියට කඩා වැදි තමන් හෝ තම පිරිස පිසිආර් පරික්ෂණ සදහා රැගෙන ගියහොත් සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තබා ගන්නා බවත් ඒ සමගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව මාරු කර යවන බවටත් තර්ජනය කර ඇති බව කියයි.
පසුව අදාල මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඒ .ආර් .ජවුසි මහතාට හා මුන්දලම ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.ටි.අජීත් රෝහණ මහතාට මේ තත්වය දැනුම් දි ඇති අතර පසුව ඔවුන් උඩප්පුව පොලිසියට මේ බව දන්වා පොලිසිය පැමිණ ගිලන් රථවල නන්වා ජෛව පටල සාම්පල ලබා ගැනිම සඳහා යොමු කෙරිණි.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිසීආර් ගන්න එන්න කියූ පීඑච්අයිට බැණ වදී