(තිළිණි ද සිල්වා)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිසන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් දෙකක් ගොනු කර ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥ මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම මෝසම් හෙට (03) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරට සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉකුත් මාර්තු 17 වැනිදා 2167 /5 දරණ ගැසට් නිවේදනය මඟින් ජනාධිපති විමර්ශන කොමිසම පත් කළ බව එම මෝසම් වල සඳහන් කර ඇත.
එම ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මෑතකදී ඉදිරිපත් වූ සාක්කි තමන් එම පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් එරෙහිව යොදා ගැනීමට තරම් ප්‍රබල බවත් , එසේම සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එකළ පැවති රජයට එරෙහිව සාක්කි ඉදිරිපත්ව ඇති බවද එම මෝසම් මඟින් අධිකරණයට පෙන්වා දී ඇත.
එබැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිසන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයිද එම මෝසම් වලින් ඉල්ලා සිටිති.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු කොමිසමේ සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා මෝසම් දෙකක්
Kamal Wednesday, 02 September 2020 04:51 PM
පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය වුණේ ඒ කාලයේ තිබුණු දේශද්‍රෝහී ආණ්ඩුව නිසා මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් වීමයි. දැන් තියෙන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් නිසා තවදුරටත් ඒ ප්‍රශ්නය නැහැ. මුස්ලිම් අන්තවාදිනුත් දැන් ශේප් එකේ ඉන්නවා. මෙයාලා හදන්නේ නැති ප්‍රශ්නයක් ඇතිකර මේ රජය නීතිමය උගුලක පටලවන්නයි....
chandana Saturday, 05 September 2020 06:50 PM
අංක එක ජාතික ආරක්ෂාව විය යුතුයි. බුද්ධි අංශවල තොරතුරු මේවායේ අන්තරගතව ඇතිනම් එම තොරතුරු අනාවරණය නොවිය යුතුයි.