IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගන්න එපා

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගන්නට එපා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

දැන් ආන්දෝලනයට තුඩු දී තිබෙන පාස්කු වාර්තා ජනපතිවරණය සමයේදී තමා අතට ලැබුණු නමුත් අදාළ සිද්ධිය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත නිසා ඒවා ප්‍රසිද්ධ නොකළ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධූරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළෙමි.

ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳව පැහැදිළි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර තිබු අතර මා වෙත යොමු කෙරුණු සියලු පැහැදිළි කිරීම් නීතිපතිවරයාට යොමු කර ඊට අදාළ සියලු කරුණු රදගුරු සම්මේලනය සමග හුවමාරු කර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් දෙන ලදී.

චැනල් - 4 නාලිකාව ඔස්සේ විකාශනය වූ හෙළිදරව්ව පිළිබඳව කරුණු සෙවිය යුතු බවට ද මා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට කටයුතු කරන ලදී.

මීට අමතරව, ඒ.එම්.ජේ. ද අල්විස්, ඩබ්ලිව්.එම්.ඒ්.එන්.නිශාන් සහ කේ.එන්.කේ. සෝමරත්න යන අයගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මේ කමිටුවට පත්කළ කිසිවකුත් මා පෞද්ගලිකව දන්නා හඳුනන අය නොවේ. මේ කමිටු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කරන ලදී.

ඉන්දීය බුද්ධි සේවයෙන් කිසියම් වූ ආකාරයක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලද විට ගතයුතු පියවර පිළිබඳව සොයාබැලීම ඉහත කමිටුව පත් කිරීමේ එක් අරමුණක් විය. එසේම ඊට අදාළව ගනු ලැබූ පියවර ප්‍රමාණවත්දැයි විමසා බැලීම ද මේ කමිටුවට පැවැරුණු තවත් වගකීමක්වේ. රාජ්‍ය බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ බවට මාස හතරක් මුළුල්ලේ ප්‍රකාශ කළේ මන්ද? ඒ කාලය තුළදී ඊට අදාළව ගත් පියවර කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම ද මේ කමිටුව මගින් සිදුකරන ලදී.

අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළිගන්න හෝ ඔවුන් ගැන විභාග කිරීමට හෝ සකස් කළ වාර්තාවක් නොවේ.

පාස්කු සිද්ධිය ගැන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සියළු දෙනාටම නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙසත් එ් වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ. මීට අමතරව එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාටත් විනය පියවර ගන්නා ලෙස එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. එබැවින් මෙය රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසු වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව ඉතා පැහැදිලිය.

. වාර්තාවේ සඳහන්ව ඇති වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නිරීක්ෂණ ද ඉතා වැදගත් වේ. එම සිද්ධියට අදාළව එදා පළමුව දැනුම් දෙනු ලැබූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එ් ඝාතන සිදුකළ බවටය. එහි ප්‍රතිඵලයක් ලෙස තම්බිරාස කුමාර් සහ රාසනායගම් සර්වානන්දන් යන දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. වාර්තාවේ ඇමුණුම් පරීක්ෂා කළවිට පරස්පර විරෝධි කරුණු රැසක් අනාවරණය වේ. ඒ් සම්බන්ධයෙන් වන එක් බුද්ධි අංශ වාර්තාවක සඳහන් වනුයේ එවකට සිරගතව සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මේ සිද්ධිය පිටුපස සිටින බවය. වවුනතිව්වලදී මියගිය ගනේෂ් නැමැති පොලිස් නිලධාරියා සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත් වූයේ යයි කියන කාන්තාවකගේ සැමියා විසින් ඝාතනය කළ බවට ද ඊට අදාළ තවත් බුද්ධි අංශ වාර්තාවක සඳහන් විණ.

ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධාන‌යේ ක්‍රියාකාරකම් සොයා ගැනීමට බුද්ධි අංශවලට මාස හතරක් ගතවීමට හේතුව ජාතික බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීමේ විධිමත් ජාලයක් නොතිබීම යයි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ (DMI) සඳහන් කර ඇත.

"Regarding the gap of four months until discovery of the NTJ, the DMI's explanation was that it was attributable to the lack of network they had at the time to elicit the intelligence. " REPORT OF THE COMMITTEE OF INQUIRY INTO INTELLIGENCE COORDINATION AND INVESTIGATIVE PROCESSES RELATED TO THE EASTER SUNDAY BOMBINGS OF 21ST APRIL 2019 (Page No 12) විදේශ බුද්ධි සේවයක් වූ ඉන්දියන් බුද්ධි අංශයට මේ ප්‍රදේශයේ ශක්තිමත් තොරතුරු ජාලයක් පැවැතිය ද, එම ප්‍රදේශයේම ලංකාවේ බුද්ධි අංශ ක්‍රියාත්මක වීමේදී දරුණු කඩා වැටීමක් දැකිය හැකිය. අප සතුව ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයක් නොතිබීම භායනක තත්වයකි. මන්ද රටෙි ආරක්ෂාවට එය විශාල තර්ජනයක් වන බැවිනි. මගේ අවධානය යොමු වූයේ මේ කාරණය සම්බන්ධයෙනි.

මගේ අරමුණ වූයේ රදගුරු සම්මේලනයේ ප්‍රතිචාරය ලබාගෙන නිතීපති වාර්තාව ද සමග බුද්ධි සේවා කඩා වැටීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමය. මන්ද මේ ආකාරයට ජාතික බුද්ධි සේවයේ කඩා වැටීම රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ද වන නිසාය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර පසුව එහි වාර්තාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් හා ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුවක් හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා ගැනීමට ද මම අදහස් කරගෙන සිටියෙමි. ජාතික බුද්ධි සේවයේ දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් වාර්තාවේ කිසිවක් සඳහන් නොවූ බව ද සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මේ වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ මා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත නිසා ඒ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට මම කටයුතු නොකෙළමි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවශ්‍යව තිබූ බැවින් ඉහත පිළිවෙත මම අනුගමනය කළ බව ද සඳහන් කරමි. කාදිනල් හිමිපාණන් මා සම්බන්ධව සිදුකළ සියළු ප්‍රකාශ පදනම් විරහිතය. පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය යි.

ඉහත සියලු කරුණු සැළකිල්ලට ගෙන පාස්කු වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම මම ඉල්ලා සිටිමි.

 



අදහස් (8)

පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගන්න එපා

බකල ජයා Thursday, 24 October 2024 08:11 PM

ලස්සන වචනවලින්, ලස්සන පැහැදිලිකිරීම් වලින් වුණත් කැත වැඩ වහගන්න පුළුවන්...

:       0       0

Lalith Thursday, 24 October 2024 08:26 PM

දේශපාලන සම්බන්ධ නොමැති නම් ගොඩක් නඩු විසඳිලා, පාස්කු, තාජුඩින්, එක්නැලිගොඩ, ලසන්ත ආදි සියලු දෑ විසඳීමට නොහැකි ඇයි? සිස්ටම්...

:       0       0

සාගල Thursday, 24 October 2024 08:44 PM

ඔයා බබා... අනේ නිකන් යන්න සීයේ යන්න...

:       0       0

Rohana Thursday, 24 October 2024 09:57 PM

මේ අනවශ්‍ය ප්‍රශ්ණයක් ඇදගෙන දේශපාලනය කරන්නේ වෙනකෙනෙකු නොව ගම්මන්පිලයි. මෙයා ඉස්සරහට දාලා මේ ප්‍රශ්යන එලියට දාන්න උපදෙස් දුන්නේ අරයයි. මේක ඉදිරියට ගියොත් කට්ටියටම හිරබත් කන්න වේයැයි බියට පාස්කු ප්‍රහාරයේ ඉදිරි වැඩපිලිවෙල කඩාකප්පල්කිරීම ගම්මන්පිලලාගේ අරමුණයි.

:       0       0

Rata Perata Thursday, 24 October 2024 11:06 PM

හා සිලින්ඩර් සීයේ...!

:       0       0

Jayasekara Friday, 25 October 2024 10:57 AM

රට වනසන ටිකිරි මොල තමයි මේවා.

:       0       1

Rata Perata Friday, 25 October 2024 11:43 AM

පැරදිලා පැරදිලා කූජීත වෙලා තවත් කියවනවා. ගෙදර උන්දා හරි මේ අසරණයා මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන්න.

:       0       0

සෙනෙවිරත්න Friday, 25 October 2024 12:07 PM

අපොයි ඒ ගැන කතා කුමටද? පාස්කු ප්‍රහාරය සිදු වූයේත් දේශපාලන කරුණක් අරභයාය, වැලැක්වීමට නොහැකි වූයේත් ඔබගේත් එවකට ජනාධිපතිගේත් පැවති දේශපාලනයමය විරසකය නිසාය. එබැවින් දැන් මෙම කතාව කියන්නේ ඔබ බැවින් එය සත්‍යක් වුවද අපට පිළිගත නොහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 118 0

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 321 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 306 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 312 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 356 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 647 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site