IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


‘‘පාස්කු සැකකරුවනට ඉදිරි මාස දෙකේ නඩු පවරනවා‘‘

(සුජිත් හේවාජූලිගේ)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන්ට ඉදිරි මාස දෙකක පමණ කාලයේ දී ස්ථීරයෙන්ම නඩු පැවරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජානාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා පවසයි.

නීතිපතිවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාවල සාක්ෂි සටහන් මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවත් එම අධ්‍යයන කටයුතු අවසන් වූ වහාම නඩු පැවරීම් සිදු කෙරෙණු ඇති බවත් අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නඩු පැවරීම් කිසිසේත් ප්‍රමාද නොවනු ඇතැයි ද ඔහු කීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන සාක්ෂි සටහන් ද නිරීක්ෂණය කිරීමට නීතිපතිවරයාට අවශ්‍යවූ බවත් එම වාර්තාව නීතිපතිවරයාට ලැබී ඇති හෙයින් එම සාක්ෂි සටහන් ද අධ්‍යයනයට ඔහුට අවස්ථාව සැලැසී ඇති බවත් අලිසබ්‍රි මහතා කියයි.



අදහස් (14)

‘‘පාස්කු සැකකරුවනට ඉදිරි මාස දෙකේ නඩු පවරනවා‘‘

Bamunuarachchi Wednesday, 31 March 2021 10:30 AM

මෙතන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ මහා මොලකරු අල්ලා ගත්තේ නැති එකයි. මම දන්නා විදිහට අල්ලා දෙවියන් විශ්වාස නොකරන අන්‍ය ආගමිකයින් මරන්න කියලා උපදෙස් දීපු මහා මොලකරු මැරිලා අවුරුදු 1400 කට වැඩියි. ඒ උපදෙස් අනුව අනුගාමිකයින් වැඩකරන්නේ. ඕකයි ඇත්ත.

:       18       14

ruwan Wednesday, 31 March 2021 11:16 AM

මම දැක්කා රෙදි නැතිව කඩේ යනවා.

:       0       12

BamunuarachchiThursday, 01 April 2021 01:58 AM

කන්නාඩියක් දිහා බලා ගෙන ඉන්නකොට දකින්නේ එහෙම තමා

:       2       0

BamunuarachchiThursday, 01 April 2021 02:07 AM

හලෝ පොඉන්ට් එකට කතා කරන්න. කතා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු ගැන ගොබ්බකම පෙන්වන්න එපා.

:       2       0

tarzanWednesday, 31 March 2021 11:18 AM

මහ මොලකරු තනිකඩයෙක් නොවේ... දරුවො හිටියා,

:       0       6

BamunuarachchiThursday, 01 April 2021 02:05 AM

බිරින්දෑවරු 11 හිටියට දරුවෝ ඉන්නේ තුන්දෙනයි.

:       2       0

fairoosWednesday, 31 March 2021 12:23 PM

අන්‍ය ආගමික විශ්වාසයන්ට අගෞරව කරන අයට සොබාදහමින් පඩිසන් ලැබේවි..!!! 

:       2       9

BamunuarachchiThursday, 01 April 2021 01:55 AM

මෙච්චර කල් කීවේ අල්ලා දඬුවම් දේවී කියලා නේද?

:       1       0

sharm warn Wednesday, 31 March 2021 10:49 AM

ඔව්, ඔව් අර පළාත් සභා ඡන්දේ එහෙමත් තියන්නනේ අමුඩ ගහගෙන සූදානම් වෙන්නේ. එතකොට මිනිස්සුන්ට හප්පන්න දෙන්න මොකක් හරි කැරට් අලයකුත් එපැයි.

:       0       12

Ranjith Wednesday, 31 March 2021 11:09 AM

අදට වැඩිය හෙට හොඳයි.

:       0       7

විපරමා Wednesday, 31 March 2021 11:38 AM

නඩු පැවරීම කෙසේවෙතත් පහුගිය කාලේ අහන්න ලැබුණේ පොහොට්ටුකාරයින් නිදොස් කොට නිදහස් කිරීම, නඩු ඉල්ලා අස්කරගත්තු ඒවා මිසක් වෙන මොනවාද?

:       0       14

BamunuarachchiThursday, 01 April 2021 02:11 AM

පසුගිය කාලේ පමණක් නොවෙයි අරලිය ගහ යට ඉඳන් නඩු දාපු අය එකාලේම නිදොස්කොට නිදහස් වුණා. බොරු නඩු දැම්මාම එහෙම වෙනවා හලෝ. පේනවා නේද අපි නඩුවක් දැම්මොත් කොහොමද කියලා

:       4       0

Demuni Uduwara Wednesday, 31 March 2021 01:44 PM

පළමුව නීතිය සමානව ස්ථාපනය කළ යුතුයි.

:       0       5

WCA Wednesday, 31 March 2021 04:19 PM

මාස දෙක ලංවෙලා තව කොමිසමක් දායි. ඊටපස්සේ තව අවරුදු දෙකක් විතර කල්මරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 764 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 375 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 290 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1204 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1577 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1668 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site