IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාසලේ ඡන්ද 6386ක් තිබිලා

පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයයෙන් සොයා ගත් ඡන්ද  පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණන් කිරීම අද සවස 5.10 ට පමණ අවසන් විය.

එම ඡන්ද පෙට්ටි දෙකකට දමා තිබිණි.

මුල් පෙට්ටියේ ඡන්ද 3893ක් තිබිණි. එම පෙට්ටියේ ඡන්ද පත්‍රිකා 61ක් ඉරී තිබිණි. දෙවැනි පෙට්ටියේ ඡන්ද 2493ක් තිබුණු අතර එහි නරක් වූ ඡන්ද ප්‍රමාණය 17කි.

අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ද ඡන්දය ගණන් කරන අවස්ථාවේ සිටියහ.

ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඡන්ද ගණන් කැරිණි. ලබන නව වැනිදා මේ නඩුව දිසානායක මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.

 



අදහස් (0)

පාසලේ ඡන්ද 6386ක් තිබිලා

උපාලි Sunday, 06 October 2013 02:30 AM

සත්‍යයා, අහලා තියෙනවද විෂම චක්‍රය කියලා දෙයක්. ඒ කියන්නේ යම් යම් දේවල් දාමයක් වගේ සම්බන්ධ වෙලා සිදුවෙනකොට ඒක උග්‍ර තත්වෙට එනවා කියන එකයි. හරියට, මෝඩකමට උද්දච්චකමත් එකතුවුණාම එකිනෙකේ බලපෑමෙන් තත්වය උග්‍ර වෙනවා වගේ. (නි)

:       0       0

අකලංක Sunday, 06 October 2013 04:14 AM

සත්‍ය නමක් ගමක් සදහන් නොකළාට මොකද වදින්න ඕනෑ තැනට වැදිලා තියනවා රිදෙන්නම. (නි)

:       0       0

ජසීම් Friday, 04 October 2013 09:15 PM

අනේ මහත්යෝ අර කොමසාරිස් මහත්යා කිව්වා නේ ඔප්පු කරොත් අස්වෙනවා කිව්වා දැන් කොහමද (අ)

:       0       0

අකලංක Friday, 04 October 2013 09:37 PM

වැද්ද කව්ද කියල අපි දැක්ක මිට ඉස්සෙල්ල මේ ගැන දාපු අදහස් වලින්ම. දැන් කට උත්තර නැති නිසා අනිත් මිනිස්සුන්ට වන්නිලා ඇත්තෝ කියා කියා ඉන්න.(අ)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 05:37 AM

දැන් මේ ප්‍රතිපල වලින් අලුත් ඇමති කෙනෙක් මේ පැත්තට පත් කරමුද මාමේ? (නි)

:       0       0

පැහැසර Friday, 04 October 2013 09:47 PM

බන්දුල පෙරේරයි අපේ විප... නායක තුමයි එක වගේ. ලැජ්ජාවක් කියන නාමයක් ගෑවිලවත් නැහැ. කට ඇරියොත් හත්පොලේ ගා ගන්නවා (දී)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 11:01 PM

මේවා අර පැරදුන සමාජිකයන්ගේද? (නි)

:       0       0

නිලූ Friday, 04 October 2013 11:13 PM

බන්දුල පෙරේරාට උත්තර දෙන්න පුලුවන් වුණත් එයාට ඒවා තේරුම් ගන්න බැහැනේ (නි)

:       0       0

දසුනි Friday, 04 October 2013 11:21 PM

ඡන්දෙට පෙර අපේ රටේ සිදුවෙන මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම් බලද්දී, හරියට ගැනලා ප්‍රථිපල කිව්වා කියලා සාධාරණ ඡන්දයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 October 2013 11:33 PM

අධිකරණයෙන් මේ පත්‍රිකා ගණනය කරපු පත්‍රිකා බව සනාථ කර ගන්න සිදුකරන ක්‍රියාමාර්ගය දැකලා තියෙන්නේ ආයෙත් ඡන්ද පෙට්ටි ගණන් කරනවා වගේ.මොනවා කියන්නද ඉතින් ..කිව්වට තේරෙන එකක්යෑ? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 October 2013 12:45 AM

සම්පත් මෙච්චර තාක්ෂනය දියුණු ජෙර්මනියේ ගියසතියේ තිබුන මහා මැතිවරනයේදීත් පවිච්චිකලේ කඩදාසි චන්ධ පත්‍රිකා , වැරැද්ද තිබෙන්නේ කඩදාසියේ නෙවෙයි දුර්වල නිලධාරීන්ගේ , මෙවැනි සරල කඩදාසි ඡන්ද පත්‍රිකා වලින් වැඩ කරන්න බැරි නිලධාරීන් කොහොමද සංකීර්ණ කොම්පුටර් තාක්ෂණයත් එක්ක වැඩ කරන්නේ ? (අ)

:       0       0

උපාලි Saturday, 05 October 2013 01:14 AM

ජසීම්, මොනවද ඔප්පු වෙලා තියෙන්නේ? "ඔප්පුවෙනවා" කියන එකේ තේරුමවත් දන්නවද? මේවා ගනන් කරලා අවසන් වුනු නිකම් කොළ කැබලි ගොඩක්. ඒ බව උසාවියෙන් නිගමනය වුනාම තේරෙයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 05 October 2013 01:16 AM

නියමානුකුලව පළාත් තුනක පළාත් සබා ඡන්දයක්වත් පවත්වන්න බැරිනම් , අඩුම ගන්නේ වරදකළ නිළධාරියාවත් සොයාගන්න බැරිනම් , මාස්පතා පඩි , වාහන ඉන්ධන ඇතුළු දීමනා ගෙවමින් මහජන මුදලින් මොවුන් නඩත්තු කිරීමෙන් ඇති පලය කුමක්ද? කොමසාරිස්තුමා වහාම මේ වරද කළ නිලධාරියා සොයා විනය පරීක්ෂණයක් තබා දඩුවම් දෙන්න. (නි)

:       0       0

මාලා Saturday, 05 October 2013 02:39 AM

ප්‍රශ්ණය තියෙන්නේ මෙම හයදහස් ගනනේ නොවෙයි. ඔය වගේ මලු කීයක් එහා මෙහා ගියාද කියන එකයි. පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ ඒ පිළිබඳවයි. (නි)

:       0       0

වන්නිතිලක් Friday, 04 October 2013 05:38 PM

එතකොට මේක අවසන් ප්‍රතිපලයට බලපාන්නේ නැද්ද? මේවායේ මනාප කාටද? වගකිවයුත්තන්ට දෙන දඬුවම මොකක්ද? අතපසුවීමක් කියන එක බොළඳ උත්තරයක් බව ගණන් කරන ස්ථානයකට දවසක් හරි ගිය අය දන්නවා. නිලධාරීන් අපරාදේ දඬුවම් නොවිඳ මේක පිටුපස ඉන්න දේශපාලකයාගේ නම හෙළිදරව් කරනවා නම් තමයි හොඳ. කොහොමටත් මේ නිසා ජනතාවගේ ඡන්ද ගැන විශ්වාසයට වුනු හානිය බොහොම බරපතලයි. (නි)

:       0       0

මාලා Saturday, 05 October 2013 02:46 AM

ඡන්දපොලේ ගණන් ගැනීමේ කටයුතු කළේ සීඅයිඩී නිලධාරීන් බව අනාවරනයවී තිබුනු බව කාටත් අමතකයි වගේ? පළමුව සොයන්න ඕනෑ ඒ පිළිබඳවයි. (නි)

:       0       0

සම්පත් Friday, 04 October 2013 06:07 PM

මෙන්න ලංකාවේ ඡන්ද පවත්වන හැටි. මේවට කව්ද වග කියන්නේ? (නි)

:       0       0

කුමාරසිරි Friday, 04 October 2013 06:20 PM

පැරදුන එකටත් කරන්න දෙයක් එපැයි. (නි)

:       0       0

බන්දුල Friday, 04 October 2013 06:32 PM

මේක නම් අත්වැරැද්දක් වෙන්න බැහැ. සියලු වගකිව යුතු නිලධාරින්ව ගෙදර යැවිය යුතුයි. මුළු ඡන්ද ක්‍රමයම හෑල්ලුවට ලක්වෙලා. (නි)

:       0       0

සම්පත් Saturday, 05 October 2013 05:19 AM

අපිට වැඩිය දුප්පත් රටවල තාක්ෂණ උපකරණ පාවිච්චි කරද්දී අපි තවම මුදල් කාලය නාස්තිකරන සම්ප්‍රදායික පරණ දේ පාවිච්චි කරනවා.ලංකාවෙත් හොද තාක්ෂණ උපකරණ පාවිච්චි කළොත් මේ වගේ ගැටුම් අවම වේවි.මොකද අපේ රටේ කරන නාස්ති වලින් මෙවැනි දේවලට වියදම් කළොත් කවදාහරි රටටමනේ ඉතිරි වෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 04 October 2013 07:06 PM

තීන්දුව දෙන්න කොච්චර කල් යයිද? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 04 October 2013 07:21 PM

අවශ්‍ය කට්ටිය දැන් තේරිලා පත්වෙලා ඉන්නේ.මේවායින් වැඩක් වෙන්නේ නැහැ.නිලධාරීන්ගේ වරදක් නෙමෙයි , කාගේහරි සැලසුමක් (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 04 October 2013 07:21 PM

අමිල, තීන්දුව දෙනකොට පළාත් සබාව විසිරුවන්න කාලය ළඟ වෙයි වගේ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 05 October 2013 06:24 AM

90% දෙනා සත්‍ය දකිනකොට නිවටකම නමැති කඩතුරාවෙන් දෑස් බැඳගත් දෙදෙනෙක් මේ කරලියේ නිතරම නිරුවත් රංගනයක යෙදී සිටින බව පේනවා. අහෝ දෙව්දත් නොදුටු මොක් පුර මෙන් මොවුන් දෙදෙනාද කිසිදාක සත්‍ය දකින්නේ නැහැ. (නි)

:       0       0

සුගත් Saturday, 05 October 2013 07:45 AM

මේ රටේ තාමත් මෙහෙම දේවල් වෙන එක ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා (දී )

:       0       0

අමිල කටුනායක Friday, 04 October 2013 07:34 PM

රිස්වාන්, ඔයා කොහේද හිටියේ? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 04 October 2013 07:34 PM

කවුද මේ වැඩේ කළ පුත්තලම් මහත්තයා? (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 October 2013 04:09 PM

ඉතින් ඉතින් සත්‍ය මහත්තයෝ.. වැලිවෙරියෙන් අතුරුදන් වුනු අයට මක්කැයි උනේ..මල මිනී උතුරු වෙරළෙන් ගොඩ ගැහුවලු නේද..? සත්‍ය දන්නා දේවල් අම්මප.....(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 October 2013 08:19 AM

අනේ සත්යෝ, කාටද කියන්නේ..වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරලා එම මිනී උතුරට පා කරවපු සත්‍ය නම් කවදාවත් මොක් පුර දකින් නැති බව අපි දන්නවා. දැන් සත්‍ය හදන්නේ පුත්තලම් බුරුවොත් එක්ක එකතු වෙලා මේ අදිකරණයෙන් මේ ඡන්ද පත්‍රිකා ගණනය කරන ලද ඒවා කියලා සනාථ කරන්න සිදු කරන ක්‍රියාවලිය අලුතින් ඡන්ද ගනිනවා කියල පෙන්නලා අපිවත් බුරුවන්ට අන්දන්න පුලුවන්ද බලන්න. තුත්තිරි ගස් වල එල්ලිලා වැඩක් නැහැ සත්යෝ..ඕව ගණන් කරලා ඉවත් කරන්න අතපසු වුනු පත්‍රිකා කියල කව්රුත් දන්නවා.. ඡන්ද පෙට්ටිය ගෙන ඒමේ ඉදල ගැනල ප්‍රතිපල සනාථ කරනකම් ඔය ක්‍රියාවලිය සෑම පක්ෂයකම පක්ෂ විපක්ෂ බේදයක් නැතුව නිරීක්ෂණය වෙනවා. පැරදිච්ච එව්වොයි, ඇපවත් නැති පක්ෂ කීපෙකුයි ඇරෙන්න ප්‍රදාන පක්ෂ එකක්වත් මේ සිදුවීම චන්ද මගඩියක් කියල හදුන්වන්නේ නැහැ. මොකද සත්‍යය දැක දැක වගකීමක් ඇතුව එහෙම කියන්න බැරි නිසා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 October 2013 07:51 PM

වන්නි තිලක් හද්දා වන්නියේ මංමුලා වු වන්නිලා ඇත්තෝ කෙනෙක් වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

නිමල් ලලිතා Saturday, 05 October 2013 08:50 AM

අර කොහාටද යන්න හදන අපිට මේවත් වැඩද.(නදී)

:       0       0

සරත් Saturday, 05 October 2013 09:04 AM

ඕකනේ කියන්නේ එක පළාතක තියෙන ලක්ෂ 20 ක විතර ඡන්ද ටික ගණන් කරගන්න බැරුව, 33 කෝටියක් දෙයියෝ නම් වදිනවා. (නදී)

:       0       0

කේ.ඩී.සුජීවා Friday, 04 October 2013 08:23 PM

මේවා ගණන් කරලා ඉවර වෙලා ගබඩාවට බාර දීල තියෙන්නේ අමතක වෙලා දාලා ගිහිල්ල . මේ චන්ද වල අනු අංක වලින් බලන්න පුළුවන් මොන චන්ද මධ්‍ය්ස්තානයේ ඒවාද කියල ඒ චන්ද පෙට්ටි ගනින කොට හිටපු නියෝජිතයෝ දන්නවා නේද ගෙනාපු බව හා දුක් විදගෙන ජන්දේ කරලා ගැනල දෙන රජයේ සේවකයන්ට බනිනේ නොදැන කමට සහ කිසිම දවසක ජන්දේ ගනිනවා දැකල නැති අය (දී)

:       0       0

සම්පත් Saturday, 05 October 2013 09:29 AM

අනේ ලංකාවේ චන්ද ගැන කතා කරන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 773 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1702 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 811 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 786 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 774 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20095 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16792 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site