(අජිත්ලාල් ශාන්තඋදය)
පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පැවසුවේය.
ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර ඇත. ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.
තවත් දෙදෙනෙකු රත්නපුර මහ රෝහලට යැවීමට අවශ්‍ය වුවත් වෙනත් රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.
තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව රෝහල ප්‍රකාශකයෙක් පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ අද (03) උදෑසන හයට පමණ බව ප්‍රදේශවාසීහූ කීහ. බෝටියාගල, විතාරම්පංගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ ඇත. වැන් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයක් පෙනෙනන්නට ඇති බව ප්‍රදේශවාසීහු කීහ.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසල් වෑන් රිය ගසක හැපී සිසුන් 12 ක් රෝහලේ
Dasun Monday, 03 March 2025 10:42 AM
අනිවාර්යෙන්ම මෙම පාසල් වෑන් / බස් රථ වලට ප්‍රමිති සහතිකයක් ලබා දි යුතුයි සියයට 80 ක්ම ප්‍රමිතියෙන් තොර වාහන බව බැලූ බැල්මට පේන්නේ..
ගුණරත්න Monday, 03 March 2025 11:00 AM
මේ වාහනේ රවුම් කර තිබෙන ෆොටෝ දැක්කම කලකිරෙනවා, දිරච්ච කසිකබල් තමයි ඉතින් තියෙන්නේ හෙණ ගහව ඕකුන්ට, හෝව් මහත්තයා හෝව්. දැන් අලුත් වෑන් එකක් කෝටි එක හමාරයි දෙකයි. ඒවත් බඩු අදින වෑන් මිසක් මගී ප්‍රවාහන වෑන් නෙවෙයි. ඉතින් කොහොමද ළමයි ගෙනියන්න වෑන් එකක් පාරට දාන්නේ? කෝටි දෙකක් දීලා වෑන් එකක් ගන්නවා නම් මාසෙට ලක්ෂ 5ක් ගත්තත් ලීසිං ගෙවල ඩීසල් ගහන්න මදි. ලක්ෂ 5ක් හොයන්න නම් එක ළමයෙක්ගෙන් ගන්න ඕන රුපියල් 40,000 ක් දෙමවුපියන්ට ඕක ගෙවන්න පුලුවන්ද?
Anura Monday, 03 March 2025 11:05 AM
හරි හොඳට තිබුණ වාහනයක් වගේ මේවා පාරේ දුන්නවත් පොලිසියත් දකින්නේ් නැද්ද?
Janindu Perera Monday, 03 March 2025 11:31 AM
මම නං කියන්නෙ පුද්ගලික යතුරු පැදියේ ඉදන් හැම වාහනයක්ම අදායම් බලපත නිකුත් කරන විට පරීක්ෂණයකට ඉදිරිපත් කර ධාවනයට සුදුසු බවට සහතිකයක් ලබා දිය යුතුයි.
Chinthaka Herath Monday, 03 March 2025 03:11 PM
වැඩ අරගෙන ඉවර උන බස් සහ වෑන් වලින් ගන්න අන්තිම සේවය තමා පාසල් සේවය.