(එස්. ඩි.කොඩිකාර )
මොරවක ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවියන් දෙදෙනෙකුට පාසල් කාලය තුළ ලිංගික අතවර කළ එම පාසලේම ගුරුවරයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි කොස්නිල්ගොඩ ,මොරවක ප්‍රදේශයේ පදිංචි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉගෙනීම් කටයුතු කරන ගුරුවරයෙකු බව පොලිසිය කියයි.
මෙම සිසුවියන් දෙදෙනාට අවස්ථා දෙකකදී පාසල් කාලය තුළ අදාළ ගුරුවරයා විසින් ලිංගික අතවර සිදුකළ ඇති අතර එය ඉවසාගත නොහැකිව සිසුවියන් දෙදෙනා අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කර ඇත.
අනතුරුව දෙමාපියන් විසින් සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අද (27) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (31) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
සමිත සේනක අලුත්ගමගේ. Friday, 28 August 2020 12:42 AM
දෙවිවරුන්වන් ගුරුවරුන්ගෙන් හෙබි උසස් වෘත්තියක ගරුත්වය කෙලෙසූ තවත් එක්තරා ගුරු හොරෙක් ...
Sanath Nishan HALAWATHA Friday, 28 August 2020 06:53 AM
මේ ගුරාට නමක්, ගමක් නැද්ද?
rihan Friday, 28 August 2020 07:47 AM
වයස 52.. මෙයාට දරුවන් නැද්ද?