IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පාසලට දේශපාලනය එපා

‘ගුරුවරයා දේශපාලනඥයාගේ  මැති ඇමැතිවරුන්ගේ රූකඩ බවට පත් වෙනවානම්  ඔහුට  දරුවන් වෙනුවෙන් නිසි ආකාරයට අධ්‍යාපනය නගා සිටුවන්නට බැහැ.අද රටේ සියළු උසස් වීම් මාරු කිරීම් සියල්ල සිදු වන්නේ  දේශපාලන හැදුනුම්කම් මතයි.මේ ක්‍රමය වෙනස් විය යුතුය යැයි  කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ  පැවසුහ.

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ලියු ‘ඉස්කෝලේ හන්දිය’ නම් කෘතිය පාසල් ප්‍රධානින්,අධ්‍යාපන පරිපාලන නිලධාරීන්  සදහා පිළිගැන්වීමට නුගේගොඩ දී පැවති උත්සවයක් අමතමින් සෝභිත නා  හිමියෝ එසේ කීහ.

සෝභිත නා හිමියන් පැවසුවේ පාසල දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොර ස්වාධින අයතනයක් වීම වඩාත්ම වැදගත් බවත් අධ්‍යාපනයේ නිවැරදි කළ යුතු තැන්  වෙනුවෙන් අලුත් පරිච්චේදයක්  ආරම්භ කැර නව නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස  ග්‍රේරු මහතා රටේ ඇති කළ විශ්වාසය එලෙස ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙසේ කීවේය.

‘අද  අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටළු තිබෙනවා එයට විසදුම් සෙවීම මසකින් දෙකකින් කළ හැකි දෙයක් නොවෙයි.එය ක්‍රමානුකූව කළ යුතුයි. ඒ අතර

විදුහල්වල කොදු නාරටිය වන් විදුහල්පතිවරුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් පාසල දරුවන් ජයග්‍රහණය කරා යොමු කළ හැකියි. එහිදී තමාගේ පාසල ජයග්‍රහණය කරා රැගෙන යාම එහීදී විදුහල්පතිවරුන්ට තිබෙන විශාලතම අභියෝගයක් වෙනවා.ඒ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය අපේ රටේ මෙන්ම දරුවන්ගේද අනාගතය යැයි මා සලකනවා.’

මෙහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ  අධ්‍යාපන සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් සකස් කළ නව ප්‍රතිපත්ති යෝජනා මාලාව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිළිගැන්විය.

 

 

 

 



අදහස් (0)

පාසලට දේශපාලනය එපා

අනුර Sunday, 27 October 2013 09:54 PM

දැන් ලංකාවේ අධ්‍යාපනයට දේශපාලන අත ගහලා විනශකරලා තියෙන්නේ. ළමයින්ගේ දක්ෂතා කප්පාදු කරනවා, විභාග ප්‍රතිපල කප්පාදු කරනවා, විකෘති කරනවා, දක්ෂයන්ට තැන නැහැ. රට විනාශ මුඛයට යන්නේ (නි)

:       0       0

වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Sunday, 27 October 2013 03:00 PM

මගේ අදහසත් පාසලට පන්සලට පල්ලියට කෝවිලට දේශපාලනය එපා කියන අදහසයි. රටක් දියුණු වීමට මෙය බොහෝ වැදගත් (නි)

:       0       0

ලලිත් Sunday, 27 October 2013 03:12 PM

පාසලට විතරක් නෙවේ අද රටේම මිනිසුන්ට දේශපාලනය එපාවෙලා තියෙන්නේ.ඒක ඕනෑවෙලා තියෙන්නේ දේශපාලකයන්ට පමණි.දේශපාලනය යනු රටම විනාශ කරන වෛරසයකි. (නි)

:       0       0

ධම්මික Sunday, 27 October 2013 03:19 PM

හමුදුරුවනේ තරහ වෙන්න එපා මේක කිවුවට. පන්සලටත් දේශපාලනේ එපා.. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 27 October 2013 03:24 PM

දේශපාලනය පාසලටත් එපා වගේම 'පන්සලටත් එපා'. (නි)

:       0       0

සිංහ Monday, 28 October 2013 12:16 AM

ආරියසේන, පන්සලට දේශපාලනය එපා වුණත් දේශපාලනයට පන්සල අවශ්‍ය වේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 27 October 2013 04:02 PM

අවසර අපේ හාමුදුරුවනේ, අධ්‍යාපනයට පමණක් නෙමෙයි, ආගමට දහමටත් මේ දේශපාලනේ නැත්නම් තමා හොඳ (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 04:08 PM

ගෞරවනීය සෝභිත අපේ හාමුදුරුවෝ කියන්නේ හොද ශත්තියක්.පාසලට දේශපාලනය ආවොත් අනේ දෙවියනේ,අපේ දරුවන්ට යන කලදසාව..? (නි)

:       0       0

නීරෝ ගුණ Sunday, 27 October 2013 04:19 PM

මගෙත් අදහස පාසලට විශ්ව විද්‍යාල වලට දේශපාලනය සුදුසු නැහැ කියායි. අධ්‍යාපනය ලබන කාලයේ උපරිම අධ්‍යාපනය ලබා හොඳ පුරවැසියන් වී රටට උසස් සේවයක් ලබා දිය යුතුය (නි)

:       0       0

රම්‍යා Sunday, 27 October 2013 05:30 PM

පාසලට දේශපාලඥයින් ගාවා නොගත යුතුයි. (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Monday, 28 October 2013 07:13 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේට චිරන් ජයතු! (නි)

:       0       0

කැනඩා දිසා Monday, 28 October 2013 07:18 AM

අපක්ෂපාත ,සියලු ආගම් ලැදි,මිනිස්කම පෙරදැරි කරගත් සාධාරණත්වය ,රැගෙන ,දුගී ,මගී ,යාචකාදී ඇතුළු උසස් ,සාමාන්‍ය (දුප්පත් ),උසස් යැයි සළකන එවන් වහන්සේගේ අදහස් මතුවට රටක් වටීවි (නි)

:       0       0

කැනඩා දිසා Monday, 28 October 2013 07:31 AM

අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේ හැර වෙන කවර හිමිනමක් ඔබ වහන්සේට සසදන්නද? එසේ කළ හැකි අයෙක් ඇද්ද? (නි)

:       0       0

අමිල Monday, 28 October 2013 08:50 AM

ලංකාවේ දේශපාලනය රට විනාශ කරලා තිබෙන්නේ. තිබෙන තත්ත්වය නම් ඉතාම ලැජ්ජාසහගතයි (නි)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 07:52 PM

පන්සලටත් දේශපාලනය එපා. (නි)

:       0       0

කුමා Sunday, 27 October 2013 07:55 PM

තිබෙන තත්ත්වය නම් ඉතාම ලැජ්ජාසහගතයි (නි)

:       0       0

වසන්ත රාජපක්ෂ Monday, 28 October 2013 10:12 AM

ඔබට ආනන්දයේ පිහිටයි .... !! (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 28 October 2013 10:34 AM

එදා, ගමයි - පන්සලයි - වැවයි දාගැබයි. අද දේශපාලනයයි පන්සලයි, වැවයි, දාගැබයි, ගමයි. අද හාමුදුරුවරු දේශපාලනය කරනවා.දේශපාලකයින් නිතරම පන්සල් යනවා.ඕක කාටවත් වැලක්. වලක්වන්න බැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4228 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහරගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 24 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 66 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 99 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site