‘ගුරුවරයා දේශපාලනඥයාගේ මැති ඇමැතිවරුන්ගේ රූකඩ බවට පත් වෙනවානම් ඔහුට දරුවන් වෙනුවෙන් නිසි ආකාරයට අධ්‍යාපනය නගා සිටුවන්නට බැහැ.අද රටේ සියළු උසස් වීම් මාරු කිරීම් සියල්ල සිදු වන්නේ දේශපාලන හැදුනුම්කම් මතයි.මේ ක්‍රමය වෙනස් විය යුතුය යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ පැවසුහ.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ලියු ‘ඉස්කෝලේ හන්දිය’ නම් කෘතිය පාසල් ප්‍රධානින්,අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සදහා පිළිගැන්වීමට නුගේගොඩ දී පැවති උත්සවයක් අමතමින් සෝභිත නා හිමියෝ එසේ කීහ.
සෝභිත නා හිමියන් පැවසුවේ පාසල දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොර ස්වාධින අයතනයක් වීම වඩාත්ම වැදගත් බවත් අධ්‍යාපනයේ නිවැරදි කළ යුතු තැන් වෙනුවෙන් අලුත් පරිච්චේදයක් ආරම්භ කැර නව නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ග්‍රේරු මහතා රටේ ඇති කළ විශ්වාසය එලෙස ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.
මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙසේ කීවේය.
‘අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටළු තිබෙනවා එයට විසදුම් සෙවීම මසකින් දෙකකින් කළ හැකි දෙයක් නොවෙයි.එය ක්‍රමානුකූව කළ යුතුයි. ඒ අතර
විදුහල්වල කොදු නාරටිය වන් විදුහල්පතිවරුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් පාසල දරුවන් ජයග්‍රහණය කරා යොමු කළ හැකියි. එහිදී තමාගේ පාසල ජයග්‍රහණය කරා රැගෙන යාම එහීදී විදුහල්පතිවරුන්ට තිබෙන විශාලතම අභියෝගයක් වෙනවා.ඒ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය අපේ රටේ මෙන්ම දරුවන්ගේද අනාගතය යැයි මා සලකනවා.’
මෙහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් සකස් කළ නව ප්‍රතිපත්ති යෝජනා මාලාව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිළිගැන්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබෙන තත්ත්වය නම් ඉතාම ලැජ්ජාසහගතයි (නි)
එදා, ගමයි - පන්සලයි - වැවයි දාගැබයි. අද දේශපාලනයයි පන්සලයි, වැවයි, දාගැබයි, ගමයි. අද හාමුදුරුවරු දේශපාලනය කරනවා.දේශපාලකයින් නිතරම පන්සල් යනවා.ඕක කාටවත් වැලක්. වලක්වන්න බැහැ. (ස)
ඔබට ආනන්දයේ පිහිටයි .... !! (ස)
ලංකාවේ දේශපාලනය රට විනාශ කරලා තිබෙන්නේ. තිබෙන තත්ත්වය නම් ඉතාම ලැජ්ජාසහගතයි (නි)
අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේ හැර වෙන කවර හිමිනමක් ඔබ වහන්සේට සසදන්නද? එසේ කළ හැකි අයෙක් ඇද්ද? (නි)
අපක්ෂපාත ,සියලු ආගම් ලැදි,මිනිස්කම පෙරදැරි කරගත් සාධාරණත්වය ,රැගෙන ,දුගී ,මගී ,යාචකාදී ඇතුළු උසස් ,සාමාන්‍ය (දුප්පත් ),උසස් යැයි සළකන එවන් වහන්සේගේ අදහස් මතුවට රටක් වටීවි (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේට චිරන් ජයතු! (නි)
ආරියසේන, පන්සලට දේශපාලනය එපා වුණත් දේශපාලනයට පන්සල අවශ්‍ය වේ (නි)
දැන් ලංකාවේ අධ්‍යාපනයට දේශපාලන අත ගහලා විනශකරලා තියෙන්නේ. ළමයින්ගේ දක්ෂතා කප්පාදු කරනවා, විභාග ප්‍රතිපල කප්පාදු කරනවා, විකෘති කරනවා, දක්ෂයන්ට තැන නැහැ. රට විනාශ මුඛයට යන්නේ (නි)
මගේ අදහසත් පාසලට පන්සලට පල්ලියට කෝවිලට දේශපාලනය එපා කියන අදහසයි. රටක් දියුණු වීමට මෙය බොහෝ වැදගත් (නි)
පන්සලටත් දේශපාලනය එපා. (නි)
පාසලට දේශපාලඥයින් ගාවා නොගත යුතුයි. (නි)
මගෙත් අදහස පාසලට විශ්ව විද්‍යාල වලට දේශපාලනය සුදුසු නැහැ කියායි. අධ්‍යාපනය ලබන කාලයේ උපරිම අධ්‍යාපනය ලබා හොඳ පුරවැසියන් වී රටට උසස් සේවයක් ලබා දිය යුතුය (නි)
ගෞරවනීය සෝභිත අපේ හාමුදුරුවෝ කියන්නේ හොද ශත්තියක්.පාසලට දේශපාලනය ආවොත් අනේ දෙවියනේ,අපේ දරුවන්ට යන කලදසාව..? (නි)
අවසර අපේ හාමුදුරුවනේ, අධ්‍යාපනයට පමණක් නෙමෙයි, ආගමට දහමටත් මේ දේශපාලනේ නැත්නම් තමා හොඳ (නි)
දේශපාලනය පාසලටත් එපා වගේම 'පන්සලටත් එපා'. (නි)
හමුදුරුවනේ තරහ වෙන්න එපා මේක කිවුවට. පන්සලටත් දේශපාලනේ එපා.. (නි)
පාසලට විතරක් නෙවේ අද රටේම මිනිසුන්ට දේශපාලනය එපාවෙලා තියෙන්නේ.ඒක ඕනෑවෙලා තියෙන්නේ දේශපාලකයන්ට පමණි.දේශපාලනය යනු රටම විනාශ කරන වෛරසයකි. (නි)