ගල්ගමුවේ සිව් දෙනකුට පහර දුන් පස්ස බරයා නම් අලියා අල්ලා ගත් බවත්, සුදුසු වනයකට මුදා හරින බවත් වනජීවී නිලධරයෝ කියති.
වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරු සහ විනජීවී නිලධරයෝ දින හතරක් පුරා කළ මෙහෙයුමකින් මෙම අලියා අල්ලාගෙන ඇත.
ගල්ගමුවේ සිව් දෙනකුට පහර දුන් පස්ස බරයා නම් අලියා අල්ලා ගත් බවත්, සුදුසු වනයකට මුදා හරින බවත් වනජීවී නිලධරයෝ කියති.
වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද්, වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරු සහ විනජීවී නිලධරයෝ දින හතරක් පුරා කළ මෙහෙයුමකින් මෙම අලියා අල්ලාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී නිලධාරීන්ට මගේ උපහාර! (නදී)
දුක නම් තමයි , හැබැයි මේ සතා තවත් මෙහෙ හිටිය නම් මරණය ඉකමනටම වෙනවා. (නදී)
මගේ ඥාතීන්ගෙන්, මගේ හිතවතුන්ගෙන් , මට හුරු පුරුදු වටපිටාවෙන් මාව වෙන් කරලා නන්නාඳුනන දිහාවකට මාව ගිහින් දැම්මා වගේ මට දැනෙනවා, හිතට දැනෙන්නේ ලොකු දුකක්. මේකට විසඳුමක් නැද්ද? අහිංසක මිනිස්සුන්ටත් අහිංසක සත්තුන්ටත් දෙගොල්ලන්ටම තමන්ගේ පාඩුවේ ඉන්න හැකි විදිහේ. නුඹට සතුටින් ඉන්න හැකි තැනක් ලැබේවා. ආයුබෝවන් හස්ති රාජයාණෙනි !(නදී)
පස්ස බරයා කියන්නේ මොන පරම්පරාවේද? අලියෙක් නිසා වෙන්න බැ නේ. (නදී)
මේ කරන්නේ මේ මහා පොලව නුහු ලන අපරාදයක් ! උන්ගේ නිජබිම් වලට අපි ගිහින් උන් ඉවත් කිරීම හරිද ? දෙමල මිනිසුන් අපේ ගම අල්ලාගෙන අපි එලෙඋවොත් මොකද තත්වය ? (දී)
ඉන්දු මෙල්බෝර්න් කරුණාවන්ත වූ ඔබගේ අදහසේ මමද සිටිමි. (දී)
රටේ ජනාවාස වැඩිවෙන කොට සොබහ දහමින් අපිට ලැබිල තියෙන ගොඩක් දේ නැති වෙනවා. ඒකට ඉතින් මොකද කරන්නේ. විකල්පයක් යෝජනා කරන්නකෝ .(නදී)
ඉන්දු සහ ගජමුතු ඔබ අදහසට මම ද එකතු වෙමි(නදී)
අලි ප්‍රවාහනයට වෙන ක්‍රමයක් නැද්ද? වාහනේ ගැස්සෙන ගැස්සිල්ලට බඩවල් කටට එනවා ඇතිනේ! ඉන්දියාවේ පවුරව රජතුමා හිරකාරයෙක් හැටියට කුදලාගෙන මහා ඇලෙක්සැන්ඩර් රජු ඉදිරිපිටට ගෙනාවම ඇලෙක්සැන්ඩර් රජු ඇහුව ' මා ඔබට කෙසේ සැලකිය යුතුද' කියල. පවුරව රජු කිව්වා 'මට රජෙකුට මෙන් සලකව' කියල. අපේ ඇත් රජතුමනි, ඔබත් ඔය මිනිස්සුන්ට කියන්න " මට රජෙකුට මෙන් සලකව" කියල. මීට පෙර ලොරි කබලක පටවාගෙන ගිහින් ඒක කඩාවැටිලා ඇත් රජෙක් මැරුණු බවත් මතක් කරල දෙන්න. (නදී)
අලි ඇතුන් කියන්නේ අපේ ජාතික සම්පතක්. නමුත් මිනිස් ජීවිතත් බේරා ගන්න ඕනේ. වන ජීවී පශු වෛද්‍ය වරුන්න්ගේ වටිනාකම තේරෙන්නේ මේ වෙලාවට තමා.(නදී)
කරුණාකර අලි ඇතුන් ඇතුළු වන සතුන් සහ වනය රැක ගැනීමට පියවරක් ගන්න. පිළිගත් ජනාවාස ක්‍රමයක් 21 වැනි සියවසට ගැළපෙන විදිහට සංවිධානය කරන්න. (නි)
ඉන්දු, කවුරුවත් ගෙනිහින් දාන්න ඕනි නැහැ. ඔයා විහින්ම සියලු නෑයන්ගෙන් වෙන්වෙලා ඔය යස අගේට මෙල්බර්න් වලට වෙලා ඉන්නේ. ඔච්චර පාලු දැනෙනවානම් ලංකාවට එන්නකෝ. එහෙම නොඑන්නේ එහෙම නැති හන්දනේ. (දී)
ඇඹිලි, ඉන්දු හොඳ ළමයෙක්, එයාට බොරුවට බනින්න එපා, ගජමුතු සහ උපාලිගේ කමන්ට් මමද අනුමත කරමි (දී)